Sami's Diary

Sami's Diary

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sami's Diary, Beauty, cosmetic & personal care, Cardiff.

04/06/2026

අහලා තියෙනවද 🍬pebbles beach එක ගැන .නෑනෙ ආ... ඒක තමයි මේක 😁

31/05/2026

ඉස්සර ඉඳන් ම වෙසක් පෝයට වෙසක් කූඩු හදන එක අපේ ගෙදර පුරුද්දක්. අම්මයි තාත්තයි මුලින්ම මාත් එක්ක වෙසක් කූඩු හැදුවා. පස්සෙ මන් මල්ලියි නංඟියි එක්ක හැදුවා. ගිය අවුරුද්ද වෙනකල් ම වෙසක් මාසෙට ඒ දේ පුරුද්දක් විදිහට ම සිද්ද උනා. දැන් මන් වෙන ම . එහෙමයි කියලා මේ වෙසක් පෝයට කූඩුවක් හදන අදහස යටපත් වෙන්න දෙන්නෙ නැතුව පරක්කු වෙලා හරි ලී පතුරු එකට එක්කහු කරලා පාප්ප ගාලා සව් කොළ අලවලා හදපු මේ අටපට්ටම මන් මුලින්ම පෙන්නුවෙත් අපේ අම්මලාට. 💛

24/05/2026

"අම්මෝ අව්වෙ සැර" එහෙම තමයි මේ දවස්වල කියවෙන්නෙ. පැය දෙක තුනක් මෙහෙම එළියට ගියාම ඉතින් අංක එකේ හඩ්ඩෙක් වෙලා තමයි ගෙදර එන්නෙ. හා කියන්න ඒකෙත් පොඩි ගතියක් තියෙනවා නේද 😉

13/05/2026

පහුගිය සෙනසුරාදා තමයි අපි Cardiff bay ගියෙ . ලොකුවට ඉර පායලා නැති වළාකුලින් පිරුනු දවසක් එදා. එහෙමයි කියලා අපි සැලෙන්නෙ නෑනෙ. මන් කාලගුණේට එයාගෙ වැඩක් කරගන්න කියලා ගත්තා පුංචි සුකුරුත්තමක්. තාමත් හිතින් වැඩිහිටි නොවුනු ඔයාලත් මන් වගේම මේවට ආසයි නේද 🩷

28/04/2026

මේ කතාව මගෙ personal adviser, Psychiatrist, photographer... වගේ මෙකී නොකී නොයෙකුත් වැටුප් රහිත ශ්‍රමික සැමිතුමා නිතර ම කියන දෙයක් . ඒ නිසාම මමත් ඒ කියන දේ අහලා ටිකක් අවුල් දවසක හවසක තමා ඔය එළියට ආවෙ. රෑ වෙනකල් ම මන් ඔතන. හැබැයි ආයෙ ගෙදර ගියෙ අලුත් මනුස්සයෙක් වගේ. ඔයාලත් try කරලා බලන්න

16/04/2026

Sami's Diary

11/04/2026

මේකත් ගොඩාක් පරණ වීඩියෝ එකක් . මන් මෙහෙ ආව අලුත ම තමයි මේ muceum එක බලන්න ගියෙ. හරියට ice age movie එක බැලුවා වගේ 😁.

04/04/2026

මේ වීඩියෝ එක ගද්දි කිසිම අදහසක් තිබ්බෙ නෑ මන් මොනවද කියන්න ඕනෙ කියලා. ඊටත් පස්සෙ තමා මට හිතුනෙ අනේ දෙයියනේ මටම කියලා දැන් පවුලක් තියෙනවා. ඉස්සර අපේ අම්මා හැමදේම බැලන්ස් කරනවා වගේ ඒ දේවල් නේද මේ මන් කරන්නෙ කියලා. හැබැයි මට හැට පැන්නත් මන් ඇතුලෙ ඉන්න පුංචි ගෑණු ළමයා නැති කරගන්නෙත් නෑ මන් 🥰🥰

01/04/2026

ගිය සෙනසුරාදා උදේට කෑවටත් පස්සෙ දෙන්නත් එක්කම කතා වෙලා අපි ගියෙ අපිට පයින් යන්න පුලුවන් දුරින් තියෙන Sofia garden එකට. Winter එකේ මෙහෙ ටිකක් පාලු අඳුරු පාටයි. ඒ කාලෙට වෙනම ලස්සනක් නැතුවම නෙමෙයි. ඒත් මමනම් ආස මේ කොළ පාට වටපිටාවට ඉස්සරහට තවත් කොළ පාටින් පිරේවි🌻🌻

31/03/2026

මේක ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඒකට හේතු

01. මේ දවස්වල පවතින කැසීම (උගුරේ) නිසා voiceover කිරීමට අපහසු වීම.
02. මේ vedios ගෙන ගොඩක් කල් වීම සහ මේවා විවධ කෝණ වලින් ගෙන නොතිබීම. (මේ කාලෙ මගෙ videographerට කිසි උනන්දුවක් තිබිලා නෑ. 😁)

*නිකමට වගේ Roman bath ගැන හොයලා බලන්න. ගොඩාක් තොරතුරු මීටත් වඩා දැනගන්න පුලුවන්*

Want your business to be the top-listed Beauty Salon in Cardiff?
Click here to claim your Sponsored Listing.

Website

Address

Cardiff