Nurse says
Nurse Says👩⚕️
Sharing professional nursing knowledge, health awareness & patient care tips. Educating the community for a healthier tomorrow. 💙
මොකද්ද මේ කොන්ද විදල වතුර ගන්න LP පරීක්ෂණය🤔
😴මේක කරාම පසු කාලීනව දිගටම කොන්දෙ කැක්කුම එනවද?
🧠 කොන්දෙන් වතුර ගත්තම මොළයට හානි වෙනවද?
🚶 ස්නායු වලට හානි වෙලා ඇවිදගන්න බැරි වෙනවද?
අපි බලමුද මේ පරීක්ෂණය ගැන විස්තර ටිකක්....
මේකට කියන්නෙ lumbar puncture නැත්නම් spinal tap කියලා
ඔක්කොටම කලින් බලමු කොන්ද ඇතුලට කොහෙන්ද වතුර කියල🥹
සාමාන්යෙන් අපිට මතක් වෙන්නෙ ඇඟේ කොහෙන් හරි විද්දම එන්නෙ ලේ කියලනෙ
අපේ හිස්කබල ඇතුළේ මොළේ තියෙනවනෙ 🧠
ඒ මොළයේ පල්ලෙහා කොටසට සුෂුම්නාව කියන දිග ස්නායු කොටස සම්බන්ධ වෙනවා.
සුෂුම්නාව අපේ කොන්ද ඇතුලෙ තියෙන කොඳු ඇට වලින් ආරාක්ශා කරපු හරිම ආරක්ෂිත මාර්ගයක් දිගේ පහළට යනවා
මොළයයි සුෂුම්නාවයි එකට එකතු වෙලා තමයි අපේ ඇඟ ඇතුලෙ පණිවිඩ යවන වැඩේ කරන්නෙ,ඒකට අපි කියනවා මධ්ය ස්නායු පද්දතිය කියල
මේක තමයි අපේ වැඩ සේරම මෙහෙයවන අපේ ප්රදාන මෙහෙයුම් පද්දතිය,ඔතනින් තමයි අත්ද කකුල්ද මාංශ පේශිද ඔක්කොගෙම ඒවා පාලනය කරන්නෙ කමාන්ඩ් දෙන්නෙ✌️
💧 ඔන්න ඔය මොළයයි සුෂුම්නාවයි වටේ විශේෂ දියරයක් තියෙනවා. ඒක වතුර වගේ,අවර්ණ යි,පැහැදිලියි,ඒකට කියන්නේ CSF (Cerebrospinal Fluid) කියලා.සිංහලෙන් කියනවා නම් මස්තිෂ්ක සුෂුම්නා තරලය
Lp පරීක්ෂණයෙදි කොන්ද විදල එළියට ගන්නෙ ඔන්න ඔය දියරය තමයි🫠
මොකටද ඔහොම දියරයක් තියෙනව ඇත්තෙ?
අපි කොහෙ හරි යද්දි වීදුරු බඩුවක් අරන් යනව කියල හිතන්න,වටින එකක්,අපි ඒක කැඩෙන්නේ නැතිව අරං යන්න ඒ වටේට බබල් wrap එකක් හරි කුෂන් එකක් හරි දානවා නේද?
අන්න ඒ වගේ, මේ දියරයත් මොලේටයි සුෂුම්නාවටයි ඇතිවන හදිසි බලපෑම්වලින් වලින් ආරක්ෂා වෙන්න උදව් කරනවා. 🛡
ඒ විතරක් නෙවෙයි!
මොළයේ සෛලවලට අවශ්ය ස්ථාවර පරිසරය පවත්වාගන්නත්, සමහර අපද්රව්ය ඉවත් කරන්නත් මේ දියරය උදව් කරනවා🙃
කොයි වෙලාවටද LP එකක් කරන්නේ ?
1.මෙනින්ජයිටිස් වගේ පටල ආසාදනයක්ද කියල සැක කරන වෙලාවට
2.Demyelinating diseases
Multiple sclerosis (MS) වගේ රෝග හඳුනාගැනීමට උපකාරී වන CSF පරීක්ෂණ සඳහා.
3.අපි කියපු මේ මස්තිෂ්ක සුෂුම්නා තරලයේ පීඩනය මනින්න අවශ්ය වෙන අවස්ථා වලදී
4 Idiopathic intracranial hypertension (IIH) වගේ තත්ත්වවලදී
5.CSF තුළ cancer cells හෝ වෙනත් අසාමාන්යතා තිබෙනවද කියලා පරීක්ෂා කිරීමට
6.සමහර ඖෂධ, උදාහරණයක් ලෙස ඇතැම් chemotherapy ඖෂධ, CSF වටා ඇති අවකාශයට ලබාදීමට
මේකෙදි කොන්දේ පහළ හරියෙන් කටුවක් දාලා, සුෂුම්නාව වටේ තියෙන අපි මේ කියන දියරයෙන් පොඩි සාම්පලයක් ගන්නවා.
✅වෛද්යවරයා විශේෂ LP needle එකක් කොඳු ඇට පෙලේ පහල අස්ථි අතරින් සෙමින් ඇතුල් කරනවා.
✅ඒකෙන් spinal canal එකේ CSF දියරය තියෙන subarachnoid space එකට ළඟා වෙනවා.
✅කටුව නිවැරදි තැනට ගියාම ඒ දියරය ටිකෙන් ටික පිටතට එනවා.මේ වීඩියෝ එකේ පේනවා වගේ
✅ඒක විශේෂ sterile tubes වලට එකතු කරනවා.
❗
දියරය ගන්නේ සුෂුම්නාව කපාගෙන නීඩ්ල් එක ඇනලා නෙවෙයි.
සුෂුම්නාව අවසන් වන ස්ථානයට පල්ලෙහායින්
මේ සාම්පල් රසායනාගාරයට යවලා එතනින් මේකෙ මේ වගේ දේවල් බලල රෝගියාගේ ඉදිරි mangement එක සඳහා මේ පරීක්ෂණ ප්රතිඵල ලබා ගන්නවා
▶️Appearance – දියරය පැහැදිලිද, බොඳ වෙලාද?
▶️WBC / RBC count – සුදු සහ රතු රුධිර සෛල
▶️Protein – ප්රෝටීන් මට්ටම
▶️Glucose – ග්ලූකෝස් මට්ටම
▶️Culture and PCR – විශේෂිත ආසාදන හඳුන ගන්න
🟥මොනවද මේ ගැන තියෙන වැරදි මත?
◼️ස්නායු හානි වෙනවද?
වැඩිහිටියන්ට LP කරන්නේ සුෂුම්නාව අවසන් වන ස්ථානයට පහළින්. නිවැරදි ක්රමයට කළ විට ස්ථිර ස්නායු හානිය අවමයි
◼️LP කළාම මොළයේ වතුර ඔක්කොම ඉවර වෙනවද?
CSF දියරය ශරීරය තුළ නැවත නිපදවෙනවා. පරීක්ෂණයට ගන්නේ අවශ්ය ප්රමාණයක් පමණයි.
◼️LP කළාම ජීවිත කාලයටම කොන්දේ වේදනාව තියෙනවද?
සමහර අයට තාවකාලික වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. නමුත් දිගුකාලීන කොන්දේ වේදනාව ඇති උනොත් ඒ කලාතුරකින්
◼️LP කළාම අංශභාගය හැදෙනවා?
අංශභාගය ඇතිවීම සාමාන්ය අතුරු ආබාධයක් නොවේ. බරපතළ ස්නායු සංකූලතා ඉතා දුර්ලභයි
⚠️ LP එකෙන් පස්සේ වහාම වෛද්ය උපදෙස් ගත යුතු අවස්ථා
➖ඉතා තද හෝ වැඩිවෙමින් පවතින හිසරදය
➖උණ හෝ ඉඳිකටුව දැමූ තැන රතු වීම, ඉදිමීම හෝ සැරව ඇතිවීම.
➖මේ පරීක්ෂණය කරන්නෙ රෝගියාට මේකෙන් ඇති වෙන ප්රතිලාභ සහ සංකූලතා ගැන පැහදිලි කරල දීලයි
ඒ වගේම පිටතින් මස්තිෂ්ක සුෂුම්නා තරලය ඇතුලට විශබීජ ඇතුල් නොවෙන විදියට හරිම පරිස්සමින් සැලකිල්ලෙන් කරන් විශේෂ පරීක්ෂණයක් තමයි මේ
තව මේ වගේ තොරතුරු දැන ගන්න අපිව follow කරල තියා ගන්න.
“සියල්ල තමන්ට අවශ්ය ලෙස සිදු නොවන ලොවක,
සිදුවන සියල්ල ඉදිරියේ
සිත නොබිඳී තබාගැනීමත්
ජීවිතය ඉගෙන ගන්නා එක් පාඩමකි.”
20/09/2026
ඇක්සිඩන්ට් එකෙන් දරුණු විදියට හානි වෙච්ච නිසා කකුල කපලා ඉවත් කරා… ඒත් රිදෙනවා! 😳
කකුල තියෙනවා වගේ බරට දැනෙනවා,පිච්චෙනවා වගේ,වෙලාවකට කසනවා වගේ දැනෙනවා,හිරි වැටිල වගේ
⭕නැති කකුලක් රිදෙන්නේ කොහොමද?
⭕කකුල කපලා ඉවත් කළාට පස්සේත් වේදනාවක්?
⭕කකුල නැති වුණත් මොළයට වේදනාව දැනෙන්නේ ඇයි?
⭕නැති අවයවයකින් වේදනා සංඥාවක් එන්නේ කොහොමද?
⭕“මේ වේදනාව ඇත්තක්ද?”🤔
✔️මේ සංවේදනයට කියන්නෙ phantom sensation කියල
Phantom කියන වචනෙ තියෙන්නෙ මායාමය,අදෘශ්යමාන වගේ තේරුමක්,මේකත් ඒ වගේනෙ
මේ අත්දැකීම කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුලුවන්,කෙනෙක්ට නැතිම වෙන්නත් පුලුවන්
සාමාන්යයෙන් අපේ ශරීරයේ ඇඟිල්ලක්,අතක්,කකුලක් වගේ අවයවයක් කපල ඉවත් කරත් සමහර කෙනෙක්ට ඒ අත තවමත් තියෙනවා වගේ දැනෙනවා,ඒක තියෙනවා වගේම බරට දැනෙනවා,හිරි වැටිල වගේ දැනෙනවා
ඒකට තමයි phantom sensation කියන්නෙ
Phantom pain කියන්නෙ එයාලට දැනෙනවා ඒ ඉවත් කරපු අවයවයෙන් වේදනාවක් එනවා වගේ,පිච්චෙනවා වගේ,ඒක squeeze වෙනවා වගේ,කරන්ට් එකක් යනවා වගේ තද වේදනාවක්
නමුත් එතන ඒ අවයවය නෑ🤔 😕
වේදනාව කියන සංවේදනය ඇති කරන්නෙ අපේ මොළයෙන්නෙ
අපි හිතමු කකුල ඉවත් කරා කියලා දණහිස ගාවින්😶
කකුල ඉවත් කරාට ඉතුරු කෙළවරේ තවම මොළයට ,සුෂුම්නාවට සම්බන්ධ ස්නායු තියෙනවා,ඒ ස්නායු වලින් මොළයට සිග්නල් යවනවා,
ඒවට ප්රතිචාර විදියට මොළයෙන් වේදනාව ඇති කරනවා
ද්ණහිස ගාව තියෙන කපපු ස්නායු වල කෙළවර වල් වලින් අස්වාභාවික signal යවනවා මොළේ පැත්තට
එයා ඒවා වේදනාවක් විදියට identify කරනවා
🔴තව මොළේ ගාව තාම තියෙනවා කකුලට සිග්නල් යවන map එක,සිතියම
කකුල නැති උනාට එයා ගාව තියෙන මේ pathway එකේ representation එක තවම වෙනස් වෙලා නෑ
මොළය විසින් අර්තකථනය කරනවා මේ සිග්නල් එන්නෙ ඉස්සර කකුලෙන් ආව පාර දිගේ,ඒ කියන්නෙ කකුල තමයි රිදෙන්නෙ කියල
◼️කකුල නැති උනත් කකුලෙන් සුෂුම්නාවට ,මොළයට සිග්නල් යවන pathway එක තවම ඉතුරුයි
◼️මොලේ ගාව තියෙන body map එක තාම වෙනස් වෙලා නෑ
◼️ඉතින් තවම සිග්නල් යනවා නැති වෙච්ච කකුලෙන් ඒවා එනව කියල මොළේ හිතනවා
කකුල තවම තියෙනවා වගේ දැනෙනවා
◼️කාලයත් එක්ක මේ සංවේදනය නැති වෙලා යනවා
🟫මේක පාලනය කරන්න
වේදනාවට වේදනා නාශක,කන්නාඩි ප්රතිකාරය(mirror therapy)
භෞත චිකිත්සක ප්රතිකාර වගේ ප්රතිකාර පාවිච්චි කරනවා
පෝස්ට් එක ඉවරයි✔️⭕
මෙන්න අපේ link එක
https://www.facebook.com/share/14o562Ak87R/
අත්දැකීම් තියෙනව නම් comment එකක් දාගෙන යන්න🫰
දවසෙ මහන්සියෙන් 50%,කොන්දෙ කැක්කුම්,ඔලුවෙ කැක්කුම්,කකුල් කැක්කුම් වලින් සෑහෙන කොටසක් දූරින්භූත කරල දාන්න පුලුවන් මහා බලවේගයක් තමයි මේ🫰☕
බොන්න හොඳ නෑ කියල කොච්චරවාත් ඇහුණත් පිටි බොන එක නවත්ත ගන්න බැරි මා වැනි තවත් අය සිටීද🫠
සාමය ඇති විය යුත්තේ අපේම අභ්යන්තරයේ ය.🤍💫
පින් සිතුවිලි පිරෙන පින්බර පැහැබර පොහොය දිනයක් වේවා!!!💫
ඔයාට ජීවිතේ ප්රශ්න දහස් ගාණක් තියෙන්න පුලුවන්,හැබැයි ඒ ඔයා ලෙඩ වෙනකම් විතරයි📌️
ඊට පස්සෙ ඔයාට තියෙන ලොකුම සහ එකම ප්රශ්නෙ වෙන්නෙ ඒ සෞඛ්ය ප්රශ්නෙ📎
"ආරෝග්යා පරමා ලාභා"
ඒ නිසා සෞඛ්ය ගැන තව පාරක් හිතන්න
ඔයාගේ සෞඛ්ය තත්වයට අදාල කිසිම දෙයක් සුලුවට හිතල ප්රමාද කරන්න එපා💗📌️📎
17/08/2026
නොමේරූ බබා සහ සර් අයිසෙක් නිව්ටන්ගේ කතාව🫅🤍
📌️ඔයාගෙ පුංචිත්තා නොමේරූ බබෙක්ද?
📌️සති 37 සම්පූර්ණ වෙන්න කලින් එළියට ආව බබෙක්ද?
📌️බබා ලැබුණම ළදරු දැඩි සත්කාර ඒකකයට දැම්මද?
📌️නැත්නම් තාම බේබි කාමරේද?
📌️බර වැඩි වෙන්නෙ හරිම හෙමින්ද?
📌️කිරි ටික දොවල මිස් කෙනෙක්ගෙ අතට දීලා කඳුලු පුරවන් එලියට එන අම්මෙක්ද ඔයත්
එහෙනම් මේ කතාව ඔයාට😍
📎බබා ලෙඩ වෙයි කියල බයයි නේද?
📎අනිත් බබාලා වගේ හරි කාලෙට ඔලුව උස්සයිද,වාඩි වෙයිද,දණ ගායිද කියල බය හිතෙනවද?
📎අනිත් ළමයිගෙ වගේම මොළේ වර්දනය වෙලාද දන්නෑ කියල හිතෙනවද?
Hospital එකේ තිබ්බ පොතක තමා මේ නම් ලිස්ට් එක තිබ්බෙ🙃
මෙතනින් කී දෙනෙක්ව දන්නවද බලන්න🫣
➡️සර් අයිසෙක් නිව්ටන් ව දන්නවද?
දන්නෙ නැති වෙන්න විදියක් නෑ
අර ඔලුවට ඇපල් ගෙඩියක් වැටුනෙ🍎
එයත් preterm නැත්නම් නොමේරූ බබෙක් ,ඉපදෙනකොට බර 1300g ලු
ජීවත් කරවන්නත් අමාරුයි කියලයි කියල තියෙන්නෙ
එයා ජීවත් උනා විතරක් නෙවෙයි භෞතික විද්යාවෙ වැදගත්ම සොයා ගැනීම් කරපු සුපිරි ගණයේ විද්යා..යෙකුත් උණා
➡️තව ඇල්බට් අයින්ස්ටයින්ව දන්නවනේ
ඔන්න එයත් preterm නැත්නම් නොමේරූ බබෙක් විදියට ඉපදිච්ච කෙනෙක්
➡️එතකොට චාර්ල්ස් ඩාවින්,පරිණාමවාදයේ පියා
එයත් ඔයාගෙ බබා වගේම ටිකක් කලින් මේ ලෝකෙට ආව බබෙක්
➡️එක්සත් රාජදානියේ අගමැතිවරයෙක් වෙච්ච නොබෙල් ත්යාගලාභී සර් වින්ස්ටන් චර්චිල්
එයත් preterm බබෙක් තමයි
➡️තව එතකොට පැබ්ලෝ පිකාසෝ,ලෝකප්රසිද්ද painter
ආං එයත් preterm නැත්නම් නොමේරූ බබෙක්ලු
➡️තව නම් තිබ්බා Victor hugo,Mark Twain ඒ දෙන්නත් preterm බබාල විදියට ඉපදුණ අය
ඉතින් ඉන්කියුබේටර් එක ඇතුලෙ හරි warmer එක ඇතුලෙ හරි ඉන්න ඔයාගෙ බබත් මේ වගේ එක්කෙනෙක් වෙන්න බැරිද?😻
*When your baby is born too soon,*
*You may feel isolated,but you are not alone and neither is your little one.many preemies go on to live healthy,long and sucsessful lives.Don't believe us.Check out this list of preemies and you will find that your little one is in pretty good company*!!!!
ඒ නිසා දුක් වෙන්න,බය වෙන්න එපා,හෙමීට මේ අලුත් ලෝකෙට adjust වෙන්න එයාට time එක දෙන්න 🤲
premature බබෙක් වෙලා ඉපදිලා දැන් ලොකු බබාලා වෙලා ඉන්න අයගෙ කතා ඔයාගෙ ගෙදරත් ඉන්නවා නම් ඒ කතාවත් පහළින් type කරන් යන්න💗
Page එකත් follow කරන් යන්න➡️📌️
Tataaaaa
Category
Website
Address
Alerts
Be the first to know and let us send you an email when Nurse says posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
