Girl Squade
කහ පාට මල් මිටක් මගෙන් ඔයාට 🌼🌻☘️
12/06/2026
ජීවිතය කියන්නේ හරියට හිස් පිටුවක් වගේ. එය ඔබ ලියන පෑනේ තීන්ත අනුව වෙනස් විය හැකියි. මක්නිසාද යත්,
ඔබ තීන්ත පැනෙන් එය ලියුවොත් බොදවිය හැකි නිසා . ඒ නිසා තීන්ත පැනෙන් ලියන් විට ප්‍රවේසම් විය යුතුය. පිටුව බොඳ වූනොත් නැවත මකන්නට බැරිය. එබැවින් එය මතකයක් පමණක් වන්නේය.
ඔබ බොලපොඉන්ට් පෑනෙන් ලිව්වොත් අකුරු තදින් රදා පවතින්නේය. සමහර විට ජිවිත කාලයටම සුන්දර මතකයක් වනු ඇත.
අවසානයට ඔබ පැන්සලෙන් පිටුව ලිව්වොත් තව කෙනෙක්ට එය මකා දමන්නට ඉඩ ඇත. එවිට එය ඔබේ මතකයෙන් ඉබේම ඉවත් වී යනු ඇත. හැබැයි එහි එක්තරා වාසියක් ඇත. මක්නිසාද යත් අලුත් පටන් ගැන්මක් ගත හැකි නිසා.
පටන්ගන්නා හැම අලුත් දෙයකටම අවසානයක් ඇත. හරියට අපි කැමති උනත් අකැමති උනත් මරණයට සුදානම් වෙනවා වගේ.
11/06/2026
මංගල කිංකිණි 💐
* පළමුවෙන් ම මා මෙය සදහන් කල යුතුයි. හුදෙක් මේ ලියමන කාටවත් පහර ගැසීමක් නොව මාගේ පෞද්ගලික ආකල්පයක් පමණි.*
කාලෙක පටන් මාගේ දෙමුපියෝ මංගල කිංකිනි තීරය දෙස නෙත් යොමා සිටිති. ඒගොල්ලෝ කතා කරන ඒවාට මං අකමැති නිසා මට කැමති කෙනෙක් තෝරාගන්න ට අවස්ථාවක් මට දුන්නා. ඉතින් මාත් මුළු පිටුවම කියවලා හොදයි කියලා හිතෙන කෙනෙක් ව තෝරලා දුන්නා. තෝරා ගත්ත කෙනා ගේ දුරකථන අංකයක් සදහන් වෙලා තිබුනේ නැහැ ඒ වෙනුවට තිබ්බේ email ලිපිනයක්. ඊට පස්සේ විස්තර යොමු කරලා මං email පණිවිඩයක් යොමු කලා. හැරෙන තත්පරේට උත්තරයක් ආවා. දුරකතන අංකයක් ඉල්ලලා තිබ්බ කතා කරන්න. එකත් යැව්වා. එයාල ඉන්නේ විදේශගතව. ඊට මිනිත්තු කීපයකට පස්සේ දුරකතන ඇමතුමක් ආවා. බොරු කියන්න ඕනේ නැහැ කතා කරපු විදිහට එයාලගේ පුතාව කසාද බදින්න මට නම් ඕන උනේ නැහැ. ඇත්තටම කියෙව්වේ ඒගොල්ලන්ගේ පම්පෝරිය. එයාල හොයන්නේ දුවෙක් නෙවෙයි වැඩට කාව හරි. මොකද එයාල කියනවා කසාද බැදලා රට අවොත් අනිවාර්යෙන් රස්සාවක් කරන්න ඕනේ කියලා. ඒක එයාල කියන්න ඕනේ නැහැ.. ඒක හැමෝම දාන්න දෙයක්. අනිත් ඒක ඒක තීරණය කරන්න ඕන එයාල නෙවෙයි නේ.මං නම් කියන්නේ ඔච්චර ආඩම්බර වෙන්න ඕනේ නැහැ. නමුත් මේක තමයි ලංකාව. අනික එයාලට හොද කෙනෙක් ඕනේ නම් පිටරට කෙනෙක් බදින්න එපැයි. ලංකාවෙන් හොයන ඒක අපරාදේ. මට නම් ඒක හොදක් උනා ගෙදර අය ඒ දේවල් පස්සේ යන ඒක නතර කලා. සහ මට ඇත්තටම හොද පුද්ගලයෙක් මුණ ගැහුනා. 😌.
ඔය විදිහට කී දෙනෙක් කතා කරන්න ඇතිද? අර දෙමවුපියෝ තමාගේ ගුණ වරුණ ටික කියවන්න ගත්තහම කවුද කැමති වෙන්නේ තමන්ගේ ලමයව එහෙම ගෙදරකට දෙන්න. ඒ කෙනාට හොද අය කී දෙනෙක් මග හැරෙන්න ඇතිද? තව දෙයක් මට හිතෙනවා දැන් ඔය පත්තරේ දාලා තියෙන අය ජීවිතේට කිසිම කෙනෙක් එක්ක යාලු උන නැති අයද? එහෙම වෙන්න බැහැ. කලාතුරකින් කිහිප දෙනෙක් ඇති relationship වලට නොගිය. ස්ව කැමැත්තෙන් වෙන් වුන අය ඇති. සාධාරණ හේතු නිසා දෙමවුපියන්ගේ කීමට වෙන්වුණ අය ඇති. එත් බහුතරයක් දෙමවුපියෝ අකැමති නිසා අසාධාරණ විදිහට වෙන් වුන අය ඇති. එක අතකට දෙමවුපියන්ට වැරද්දක් කියන්න බැහැ තමන්ගේ දරුවට වැරදෙනවට කිසිම කෙනෙක් කැමති නැහැ.. එත් එහෙමයි කියලා බලෙන් එයාලගේ ජිවිතේ පාලනය කරන්න යන ඒක වැරදි. තවත් දරුණුවටම තියෙන එකක් තැනයි ආගමයි, කුලයයි. ඕක වෙනස් උනොත් ලෝක යුද්ද ඇති වෙන්නේ. ගොඩක්ම ඉන්නේ හොදටම ඉගෙනගත්ත අය. ගොඩක් දෙමාපියන් බලන්නේ තමන්ගේ දරුවාගේ ඉගෙනීමට සමානව ඉගෙන ගත්ත අය. ඉගෙනීමේ ඒක පොඩි ලෙවල් එකක් අඩු වෙලා ගතිගුණ අතින් හොද උනත් එයාලට වැඩක් නැහැ.. හොදම අය ඔබගේ ප්‍රමාද දෝෂ නිසා මග හැරෙන්න පුළුවන්.
අනිත් දේ තමයි දෙමවුපියෝ උනත් චුට්ටක් හරි එයාලගේ ළමයට කැමති වෙලා අහන මනුස්සයා ආයිත් කිසිම paraposal එකකට නොඅහන තැනට වැඩ නොකරන එක . පම්පෝරිය ඉස්සරහට දාගෙන මොනවත් කරන්න බැහැ. මනුස්සයෙක් ට හැකියාවක් තියෙනවා සල්ලි හම්බකරන්න ඒක දෙමව්පියන් ගෙන් නොලැබුනත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ගතිගුණ, ගුණයහපත්කම, පරාර්ථකාමී බව, ආදරණීය බව, තේරුම් ගැනීම,ඒවා සල්ලි දීලා ගන්න බැහැ. ඒවා ඇග ඇතුලෙන්ම එන්න ඕනේ. අපි ගොඩක් දෙනෙක්ට එහෙම අය හම්බවෙලා ඇති. හැබැයි අපේම වැරදි නිසා එයාලව අහිමි වෙලා ඇති. හැමතැනම filter කරන්න යන්න එපා. එහෙම උනොත් හොද දේවලුත් වැරදි කියලා filterවෙලා යනවා.කසාද බදින්න පරක්කු වෙනවා කියලා දෙයක් නැහැ. ජීව විද්‍යාත්මකව ගැටළුවක් ඇති වෙන්න පුළුවන් එත් පරක්කු වෙලා කසාද බැන්ද කියලා ඔයාට මග හැරෙන දේවල් නැහැ. හේතුව ඔයාගේ timeline ඒකට ගැලපෙන ඒවා විතරයි ඔයාට හම්බවෙන්න. එනිසා අනිත් අයගේ timeline වලට එබෙන්න එපා. ( කොච්චර එපා කිව්වත් සංසන්දනය තමයි කරන්නේ😒 ) තමන්ගේ දුව හෝ පුතා කසාද බදින්න පරක්කුයි කියලා කවුරුහරි කිව්වොත් හිට ගන්න තමන්ගේ ළමයාගේ පැත්තෙන් කියන්න අනිත් අයට එයාගේ ජිවිතේ එයාට අවශ්‍ය විදිහට එයා ගතකරයි. ඔයාලා කලබල වෙන්න එපා කියන්න. ගන්න තමන්ගේ ළමයාගේ පැත්ත තනි වෙයි කියලා බය වෙන්න එපා. මොකද අපි කවුරුත් ජිවිතේ ඒක තැනකදී තනි වෙනවා. ඒක අවබෝද කරගෙන ජිවත් වෙන ඒක ගොඩක් වටිනවා..
#හදවතට එකගව ආදරය #හදවතට එකගව ආදරය #හදවතට #හදවතට එකගව ආදරය #ජිවිතේ
10/06/2026
මගේ coffee ඩේට් ඒක ❤️
වෙනස් විදිහේ කෝපි එකක් බොන්න මට ගොඩ කාලෙක ඉදන් ආසාවක් තිබුනා. ඒකට ගැලපෙන තැනක් හොයාගන්න මට ටිකක් කාලයක් ගියා. හැමදාම bus එකේ වැඩට යනකොට පහු කරන coffe shops ගොඩක් තියෙනවා. ඉතින් මට ඕන උනා ඒ තැන්වලින් එකක් තෝරා ගෙන මගේ පලවෙනි coffee date ඒකට යන්න.තැනක් තෝරා ගත්තට මට එතනට තනියම යන්න බය හිතුන. නැහැ මං කොහොම හරි එතනට යනවා කියන සිතුවිල්ල මට තිබුනා. මොකද තනියම ගොඩක් අය ඇවිදින්න යන්න අකමැති. මට මතකයි ඉස්සර මම තනියෙන් ඇවිදින්න යන්න අහනකොට ගෙදර අය මට එපා කියනවා."කසාද බැදලා මනුස්සයත් එක්ක යන්න "මනුස්සයෙක් එනකම් කාලයක් බලාගෙන හිටිය එන පාටක් පේන්නවත් නැහැ. මේක හරියන වැඩක් නෙවෙයි මං තනියෙම යන්න ඕනේ. තනියම වැඩේට බැස්ස. ඔන්න එතකොට තමයි සහකාරයෙක් හම්බවෙන්නේ. මං ඉගෙන ගත්ත දේ තමයි කවුරුහරි ඇවිල්ලා අපේ ජිවිතේ ලස්සන කරනකම් බලාගෙන ඉන්න එපා. ඉස්සරහට යන්න එතකොට ගැලපෙන අය අපිට මුණ ගැහෙනවා. එකවර කීප දෙනෙක් මුණ ගැහෙයි හැබැයි ඒ හැමෝම ජීවිතේට ලංකර ගන්න එපා. ඇවිල්ලා යන අයව ජිවිතේ කරගන්න එපා. එහෙම අය මත්තේ නැහුනොත් ජීවිතේට එන රසවත් සිදුවීම් විදින්න බැරි වෙනවා. රසවත් මතකයන් අපිට හැමදාම මතක තියෙනවා. තමන්ට යන්න බැරි තැන්වලට ගිහිල්ලා බලන්න. ඒක හරිම ආස හිතෙන අත්දැකීමක්. ඒ තැන්වල ගෝෂාව නැහැ. හරිම සන්සුන්. ජිවිතේ ඒක පාරක්හරි ගිහිල්ලා බලන්න.
Tea avenue -kotte
09/06/2026
ලෝකේ කොතැනකවත් ආදරයට නිශ්චිත නිර්වචනයක් නොමැත.හැමෝම තමන්ට දැනෙන හැගෙන ආකාරයට ආදරය නිර්වචනය කරනවා. ඒක තමන්ට කරන ආදරයක්‌ද, වෙනත් කෙනෙක්ට කරන ආදරයක් ද කරලා බැලිය යුතුමය.තම තමන්ගේ මට්ටමින් ආදරය මැන බලයි. කිසිදු සම්මත මිනුමක් නොමැත ආදරයට. එත් අපි විසින් හදාගත්තු මිමි වලින් අනිත් අයගේ ආදරය මැන බලයි. එසේ කිරා මැනගන්නා ආදරය අපි ප්‍රතිශත වලට හරවයි. ප්‍රතිශත වල ගැටළුවක් වූ විට සැකය සහ අවිශ්වාසය අපේ ඉදිරිපිටට පැමිණෙයි. බොහෝ ආදර කතා කේදාන්තයක් වී අවසන් ගමන් යයි.
මාද ජිවිතේ මීට කලින් කිසිවෙකුට ආදරය කර නොමැත. සිටියේ මට මා පමණකි. එබැවින් කියන්නට තරම් ගැටළු මට නොවුනි. නමුත් ස්වභාව ධර්මයෙන් මිනිසාව නිර්මාණය කර ඇත්තේ ආදරය කිරීමට. ඒ අනුව මටත් ආදරයක් මුණ ගැසුනි. කිසිදු ප්‍රශ්නයක් නොවූ මගේ ජිවිතේ මින් පෙර නොදුටු ආකාරයේ ප්‍රශ්න මා වෙත ඉදිරිපත් කරන ලදී. පිළිතුරු සෙවිය යුත්තේ තනිවමය. සබදතාව පටන් ගත්ත මොහොතේ සිට ගැටලුය. ඔහුට මට කලින් පෙර පුහුණු වීම් තිබුන බැවින් මා සමග ගණුදෙනු කිරීම ගැටළුවක් වුයේ නැත. මට එසේ නොවේ. කිසිදු පෙර පුහුණුවක් නොමැති මා ප්‍රශ්න හමුවෙමු කඩා වැටුනි. උපකාරයක් ලබා ගන්නට කිසිදු කෙනෙක් නොමැත. නමුදු කෙසේ හෝ ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය යුතුය. වැරදි තැනක සිටියා යැයි මට විටෙක හැගුණි. නමුත් ඒ බව පවසන්නට කිසිවෙක් මට නැත. තව ටිකක් බලමු. මම මට කියා ගත්ත. කාලය ගෙවුන. මං ඊට හැඩගැහුන. මට තියෙනවා හොද හැකියාවක් ඕනම තත්වයක් යටතේ හැඩගැහිලා ඒ තුලින් පන්නරයක් ලබලා ඉහලට යන්න පුළුවන් කමක්. අවාසිදායක තත්වක් උනත් මං පාවිචච්චි කලා මාව මුවහත් කරන්න. මාව ආරක්ෂා කර ගන්න. පසුව මං තේරුම් ගත්ත ආදරය පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වන බව. ඔහු මාත් එක්ක ගණුදෙනු කල විදිහ මට පසු කලෙකදී තේරුණා. ඒ ආදරය මට දුන්නේ මාව ඉහලට ඔසවන්න. මට මතකයි අපි දෙන්න මුලින්ම හමු උන දවස. ගෙදරින් ලොකු දුරක් නොගිහිල්ල තිබ්බ මම පලවෙනි වතාවට දුරකට ගියා. පලවෙනි වතාවට මුණ ගැහෙනකොට මට බය හිතුනේ නැහැ. අද කාලේ වෙන දේවල් වල හැටියට එදා ඔහු මාව පරෙස්සම් කලා. ලංකාවේ ඕනෑම තැනක යන්න bus එකක් ගන්න විදිහ, කොහොමද යන්න ඕන, ඉන්න ඕන කොහොමද කියලා හැම එකක් ම් මට කියලා දුන්නා. හැමතිස්සෙම ආදරෙයි කියලා කිව්වේ නැහැ. අවශ්‍ය වෙලාවේදී උපරිම ආදරය දුන්නා.. දීපු පොරොන්දු රැක්ක. දෙන්න අපහසු පොරොන්දු දුන්නේ නැහැ. යථාර්තයෙන් ජිවිතයට මුහුණ දෙන හැටි කියලා දුන්නා. අනවශ්‍ය ලෙස නීති රීති දාලා මාව හිර කලේ නැහැ. දෙන්නට දෙන්න උපරිම විශ්වාසයෙන් කටයුතු කලා. අපි එක්ව ඇවිදනවා වගේම තනි තනි වශයෙනුත් ගියා. ඒ හැම තැනකදීම ඔහු මට හයියක් උනා.
අදටත් මං මහා ගොඩක් ආදරෙයි ❤️
ප්‍රතික්ෂේප වීම ❤️
මේ වචනය මං හරියටම අදුර ගත්තේ ඉස්කෝලේ 6/7 වසර වල ඉන්න කාලේ. මට මතකයි අපේ ඉස්කෝලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය තිබුනා. එත් වර්ෂය මට හරියටම මතක නැහැ. ක්‍රීඩා උත්සවය අවසානයේ නිවාස වල ස්කොඩ් එකක් යනවා ඒ කියන්නේ ආචාර පෙළපාලියක් යනවා. හැම නිවාසයකින් ළමයි 30ක් වගේ ඕකට සම්බන්ද වෙනවා. ක්‍රීඩා උත්සවයට කලින් පෙර පුහුණු වීම් තියෙනවා . කොහොමහරි මාවත් තේරෙනවා අපේ නිවසේ ස්කොඩ් ඒකට. ඉතින් දවසෙම අර ගිනි අව්වේ මාච් පාස්ට් ඒකට පුරුදු වෙනවා. හරියටම ක්‍රීඩා උත්සවේ දවසේ ස්කොඩ් ඒකට ඔක්කොම ලෑස්ති කරලා තියෙනකොට ඒක භාරව හිටපු අක්කා කෙනෙක් ඇවිල්ලා මාව අයින් කරනවා කට්ටිය වැඩි කියලා. අපේ house එකෙන් අයින් උන එකම කෙනා මම. අනේ ඉතින් මං මුකුත් කියන්නේ නැතුව එතනින් එනවා. අඩුම ඇඩුවේ වත් නැහැ. මං කෙලින්ම ගියේ අම්මා ගාවට එයාට තේරුණා මට වෙලා තියෙන දේ. වචනයක්වත් කියන්නේ නැතුව අම්මා මාව ගෙදර එක්කගෙන ආවා. ඇවිල්ලා ඇහුව මොකද උනේ කියලා පස්සේ මං කිව්වා මට උන දේ. අම්මට ඒකට හොදටම තරහ ගියා. මෙච්චර දවස් afterschool ඉදලා practise කරලා එහෙම අයින් කරන්න පුලුවන්ද ඇහුව එහෙම. එත් කොහොමහරි අම්මා එදා උන දේ principal ට කියලා. මං ඒක දැනගත්තේ පස්සේ කලෙක. ඒක තමයි මට මුලින්ම දැනුනු ප්‍රතික්ෂේප වීම.
දෙවෙනි පාරටත් එහෙම උනා. (මං මේ කියන්නේ මට වැඩිපුර දැනුනු තැන් ) එතකොට මං ඉස්කෝලේ 9වසරේ පන්තියෙන් පොත් හොදට පාවිච්චි කරල ළමයට සහතිකයක් දෙනවා. දෙන්නටයි දෙන්නේ. සහතිකය දෙන්න කලින් දවසේ පන්තිභාර මිස් මට කිව්වා ලස්සන uniform එකක් ඇදගෙන හෙට එන්න කියලා. මට කඩෙන් ගත්ත uniform තිබ්බේ එකයි අනිත් ඒවා මහල තිබ්බේ. අපේ ඉස්කෝලේ uniform ඒක ටිකක් මහන්න අමාරුයි. කොහොමහරි ගෙදර ඇවිල්ලා මං ඔය විස්තරේ කිව්වා. ඊට පහුවෙනිදා ගවුම හොදට හෝදලා මැදලා ඇදගෙන ගියා ඉතින් principal ගෙන් සහතිකය ගන්න ඕන නිසා. එත් අන්තිමට මං වෙනුවට වෙන කෙනෙක් ගිහිල්ලා ගත්තේ.
ජිවිතේ දිගින් දිගටම ප්‍රතික්ෂේප මට ලැබෙන කොට මුල් කාලේ මං ගොඩක් දුක උනා මං මගේ උපරිමය කලේ නැද්ද කියලා වෙලාවකට මට සැක හිතුන.ඊට එරෙහිව සටන් කලා. අන්තිමට මං තේරුම් ගත්තා මං ඒකට අවනත වෙන්න ඕන කියලා. මං ඊට පස්සේ තේරුම් ගත්තා ඒ හැම දෙයක්ම වෙන්නේ මගේ හොදට. මගේ යහපැවැත්ම වෙනුවෙන් කියලා. ඒක මට නොගැලපෙනවා නම් අයින් වෙලා ගියපු දෙන් මං ටික ටික හිත හදාගත්ත. මං මට වැදගත් වන දේවල් වලට විතරක් අවදානය යොමු කලා. මට දැනට තියෙන දේවල් වලට මං ස්තුතියි වන්ත වෙන්න පටන්ගත්ත. මට දැන් හැම දවසකම සතුටු වෙන්න දෙයක් තියෙනවා. මං දැන් සතුටින්
#ප්‍රතික්ෂේප වීම ආශීර්වාදයක්
සමහර අවස්ථාවල මට හිතෙනවා මං දකින්නේ හීනයක් ද කියලා කවුරුත් නොදන්න
හීන අපිට බලාපොරොත්තු දෙනවා වගේම,
බලාපොරොත්තු අපිව ජිවත් කරවනවා.
මෙය තේරුම් ගැනීම සරල දෙයක් වුවත් අවබෝධ කර ගැනීමට අසීරු කරුණක්.
මක්නිසාද යත් අපි කරන දෙය පිලිබදව අපට අවබෝධයක් නැති බැවිනි.
හැබැයි යථාර්තය අවබෝද කර ගත් විට ගමන පහසුය.
#හදවතට එකගව ආදරය ❤️
06/06/2026
හදවතට එකගව ආදරය ❤️
මං ඔයාට ගොඩක් ආදරෙයි මගේ පුංචි සුරංගනාවී ❤️. හැමදාම එයාගේ වචන අතර තිබුන ලස්සනම වචනේ. මං මේ ලියන මොහොතෙත් වාඩිවෙලා මං ලියන ඒවා දිහා බලාගෙන ඉන්නවා. ඒ ඇස් දෙකේ මං වෙනුවෙන් පිරිලා තියෙන ආදරය මං දිනපතා දකිනවා.
*මගේ නළලට ලැබෙන උණුසුම් හාදුව මාව පරිස්සම් කරනවා. කම්මුල් දෙකට ලැබෙන හාදුවෙන් මං රතු වෙනවා. දෙතොල් වලට ලැබෙන හාදුවෙන් මං මත් වෙනවා *
ඒ පරෙස්සම් කරන ආදරේට මං ලෝභයි. මට ඔහුව හමුවෙනකොට මං හිටියේ අමාරු කාලයක් පහු කරමින් ඇත්තටම මං අතරමන් වෙලා හිටියේ, මාව තේරුම්ගන්න කෙනෙක් හිටියේ නැහැ. නමුත් කුණාටු සමයකදී මාව බේරගන්න ආපු දේවදුතයෙක් විදිහටයි මම ඔහුව දැක්කේ.මං බලාපොරොත්තු වුන සතුට, සැනසීම, ආදරය ඔහු මට දුන්නා. අහබු හමුවීමක් සංසාරගත බැදීමක් උනා. ඒ දවස මට අද වගේ මතකයි එදා මම ඇදගෙන හිටියේ සුදුපාට පසු බිමේ ලා කොලපාට මල් තිබුණු හරිම eligant විදිහේ ගවුමක්. පොද වැස්සක් තිබුණු දවසක මට කොපි කෝප්පයක් බොන්න හිතුන. කොපි බොන්න වැඩිය ප්‍රිය නැති මම වෙනසකටත් එක්ක කෝපි එකක් බොන්න ගියා. දිනපතා දකින අවන්හලට ඒකම එක දවසකදී යන්න හිතුන.මුලින් බය හිතුනත් කමක් නැහැ වැරදීම මනුස්ස ගතියක් කියලා. හිතුව තරම් අමාරු උනේ නැහැ කෝපි එකක් තෝරාගන්න. Order එක එනකම් වීදුරුවෙන් ඒහා පැත්තේ පාර දිහා බලාගෙන මං කල්පනා කලා.
චිත්‍ර කතා පොත් වල තියෙනවා වගේ සුරංගනා කතා හැබෑ ලෝකේ නැති බව මට තේරුණා. එහෙම වෙන්නේ නෑ කියලා හිත හදාගත්තට පස්සේ ඇත්තටම එහෙම උනොත් මොකද කරන්නේ. කුස රජ්ජුරුවෝ විවාහයෙන් බේරීමට තමන් නිර්මාණය කරපු පිළිමය පෙන්නලා කිව්වා මේ රුපය තියෙන කෙනෙක් ලැබුනොත් එයා කසාද බදිනවා කියලා. කුස රජ්ජුරුවෝ ඇත්තටම හිතුවේ එහෙම කෙනෙක් ජීවමාන නැතුව ඇති කියලා. නමුත් ඒ පිළිමයට තිබුණු රුපයම තියෙන කෙනෙක් ඔහුට මුණ ගැසුනා. මටත් උනේ එහෙමයි. මගේ හිතේ තිබුන රූපයට කවුරුත් නෑ කියලා හිතද්දී ඒ චිත්‍රය ට පණ පොවපු සැබෑ රුවක් ජීවමානව තියෙනවා කියලා මට ඔප්පුකලා. ඒ විතරක් නෙවෙයි ජිවිතයේ අවසාන මොහොත දක්වා රැදී සිටීමට තීරණය කලා.
අපි වෙන්නේ නැහැ කියලා හිතන දේවල් සිද්ද වෙනවා කියලා විශ්වය මට ඔප්පු කලා. දෛවය හරි පුදුමාකාරයි. හැබැයි ඒ හැමදේම සිද්ද වෙන්නේ හදවතින්ම පිරිසිදු උනොත් පමණයි.
මේ ලෝකේ ලස්සන ආදර කතා තියෙනවා.
සතුටින් ආදරය කරන්න.
#හදවතට එකගව ආදරය ❤️
05/06/2026
හදවතට එකගව ආදරය ❤️
අමතක කරන්න බැහැ මගේ ආදරය. මගේ ජිවිතේ අනිත් කොටස. ජීවිතය අවසන් වනතුරා බෙදාගැනීමට ඉතාමත් උද්යෝගයෙන් කැමැත්ත පලකල පුද්ගලයා. ආරම්භයේ පටන් පොරොන්දු වූ පරිදි මාව පරිස්සම් කරන නොසෑහෙන්න ආදරය කරන මගේ ස්වාමිපුරුෂයා. මගේ මිතුරා, ස්නේහවන්තයා, දගකාර කොලු පැටිය, මගේ පලවෙනි ළමයා, මගේ අම්මයි තාත්තයි. ඉදලා හිටලා වන රණ්ඩුවලදී මම කතා නොකර හිටියම මගේ කම්බුලක් ඉඹලා තරහද මාත් එක්ක කියලා අහන මගේ ආදරවන්තයා, නොබියව තීන්දු තීරණ ගන්න මගේ ආණ්ඩුකාරතුමා. මගේ මුරණ්ඩුකම් ඉවසන තාත්තා. මටත් වඩා මං ගැන හොයල බලන මගේ ආදරවන්තයා. ජිවිතේ අමාරු කඩයිම් වලදී මගේ අත තදින් අල්ලාගෙන 'ඔයා බය වෙන්න එපා මං ලග ඉන්නවා 'කියමින් මාව සනසවනවා.මං කැමති දෙයක් තියෙනවනම් මිල ගණන් නොවීමසා මගේ අවශ්‍යතාවය ඉටු කර දෙනවා එහෙම අවස්ථාවලදී මං කෑ ගැහුවත් ඔයාට ඇරෙන්න මං වෙන කාටද මේ දේවල් අරගෙන දෙන්නේ මගේ පුංචි ආදරි යනුවෙන් මට කියනවා. මට ලස්සන ගවුම් අදින්න පුරුදු කලේ මගේ මහත්තය. මගේ හිතේ තිබුණු විදිහටම ලස්සන, ප්‍රියමනාප, කඩවසම් මහත්තයෙක් මට ලැබුනේ එය මට වඩා ගොඩක් උසයි. මං ඉන්නේ එයාගේ උරහිසට වඩා චුට්ටක් පහලින් මට කැමති උනේ ඇයි කියලා ඇහුවම කිව්වේ මං චුටි, හුරුබුහුටි ලස්සන ගැහැණු ළමයෙක් කියලා. තව මං කරන මෝඩ වැඩ වලටත් කැමති කිව්වා.එයා කෙලින්ම ඇවිල්ලා අපේ ගෙදරින් ඇහුව මාව එයාට දෙනවද කියලා. මං ගොඩක් භය උනා ඒ වෙලාවේ. එතකොට එයා මගෙන් ඇහුව එහෙම අහන ඒක වැරදිද කියලා ගෙදර අයගේ ආශීර්වාදය අරන් අපි මේ ගමන පටන් ගමු අතරමගින් අත හරින්න නෙවෙයි ළමයෝ මං ඔයාව තෝරගත්තේ. ජිවිතේ තියෙන තුරාවටම මගේ ලගින් තියාගන්න.
#ජිවිතේ තියෙන තුරාවටම මගේ ලගින් තියාගන්න. #හදවතට එකගව ආදරය ❤️
Slowly article -2
Slowly app ඒක නිසා මට ලැබුණු දේවල්.
මෙහෙමයි අර ලොකුවට යාලුවෝ ආශ්‍රය නොකරපු නිසා එකෙන් යාලුවෙක් හම්බවෙන ඒක එයත් එක්ක ලියුම් හුවමාරු කර ගන්න ඒක මාරම සතුටක්. මට මතකයි මුලින්ම මට ලියුමක් ලිව්වේ korean boy කෙනෙක්. එයාට ඉංග්‍රීසි බැහැ මට korean බැහැ. ඉතින් මං එයාට ලියුම් ලිව්වේ translate කරලා. එයත් මට ඒ වගේම තමයි ලියුම් එව්ව. ඒක හරිම විනෝද ජනකයි. ලියුමක් යවන පමාවට එයත් මට ලියුමක් එවනවා. කාලයක් අපි හොදටම ලියුම් ලිව්වා ඊට පස්සේ එයා ඒක පාරටම අතුරුදහන් උනා 😂. මං මේ කියන්නේ මට හොදටම මතක තියෙන අය විතරයි. ලංකාවේ අයත් මට ලියුම් ලිව්වා. එකෙන් එක්කෙනෙක් මාත් එක්ක හොදටම ෆිට් උනා. මං ලංකවෙන් ආසම තැන නුවර එයත් නුවර . ඒක අපි හැමෝම කැමති තැනක්. මට අදහසක් තිබ්බ නුවරින් කසාද බදින්න. ඒ අදහස මං පස්සේ අතහැර ගත්තා ඒක පස්සේ කියනම් 😌. ඇත්තටම එයා ඉන්ජිනියර් කෙනෙක්. අපි ගොඩක් දේවල් කතා කලා ටික දවසක් slowly එකෙන් කතා කරනකොට එයාම කිව්ව වැඩිය හොදට whatssapp එකෙන් msg කරමු කියලා. ඉතින් මාත් කැමති උනා. ඊට පස්සේ slowly නැහැ 😁. මුලින් msg පස්සේ ඉතින් call තමයි දෙන්නත් එක්ක පැය ගණන් කියවනවා. එයා එයාගේ දේවල් කියවනවා මං මගේ දේවල් කියවනවා. හැබැයි අපි දෙන්න කවදාවත් video call අරගෙන නැහැ. නිකමටවත් එයා මගෙන් ෆොටෝ එකක්වත් ඉල්ලලා නැහැ. අද කාලේ වෙන දේවල් වල හැටියට එහෙම මිනිස්සු හම්බවෙන ඒක වාසනාවන්. ඒකාලේ මං exam එකක් කලා එකේ iq වලට එයා මට සෑහෙන්න උදවු කලා. දෙවියන්ගේ පිහිටෙන් මං විභාගේ පාස්ස්. පස්සේ අපි කතා කරන ඒක නතර කලා. එත් අදටත් එයා මගේ හොදම යාලුවෙක්.තව අය හිටිය එයාල ඒක දවසයි දෙකයි ලියුම් එව්වේ. එහෙමම අතුරුදහන් උනා. ඉතින් ඔය අතරතුර මං මුද්දරත් එකතු කලා. ගොඩක්ම තියෙන්නේ ෆ්‍රී හම්බවෙන මුද්දර. නිකන් දුන්නත් ඒවා වටිනවා 😁.
අදට මෙච්චරයි ❤️
ආදරෙයි හැමෝටම 🥰
03/06/2026
හා හා පුරා කියලා මගේ page එකේ ලියන පලවෙනි පොස්ට් එක. ඇත්තටම මට මේක ලියන්න හිතුනේ මේ ගැන ගොඩක් අය දන්නේ නැති නිසා. 90 ගණන්වල අයගේ පොඩි කාලේ අපි හරි ආස දෙයක් තමයි පෑනේ මිතුරන්ට (pen friend) ඒකාලේ අපිට තිබ්බ ලොකුම මාධ්‍ය පත්තරේ. විජය, මිහිර පත්තර හැම සතියකම එනකම් ගොඩක් බලාගෙන හිටිය. එක අකුරක් නෑර මුළු පැත්තරේම කියෙව්වා. මට මතකයී sunday observe පත්තරේ පොඩි ළමයින්ගේ පත්තරේ (sunday junior මට මතක විදිහට ) පෑනේ මිතුරන් ගැන තිබ්බ. ඒවා ඉංග්‍රීසියෙන් තිබ්බ නිසා වැඩිය ලියන්න උනන්දු උනේ නැහැ. වැරදුනොත් කියලා. මං ඉස්කෝලේ යන කාලේ බාලදක්ෂිකාවක් විදිහට හිටිය. මට මතකයි එක උත්සවයකදී අපි තනියෙන් කාඩ් එකක් ලියලා එකේ අපේ නම, ලිපිනය දාලා එදා උත්සවේට ඇවිල්ලා ඉන්න කැමති ගැණු ළමයෙක්ට දෙන්න ඕන ( ඒ හැමෝම බාලදක්ෂිකාවන් හිටියේ ) මට එතකොට අවුරුදු 11වගේ ඇති මමත් ඉතින් ලියලා දුන්නා එක එදායින් ඉවරයි. ඊට දවස් කීපයකට පස්සේ මට තැපෑලෙන් ලියුමක් එනවා ලියුමක් මගේ නමට මට පුදුම හිතුන. කවුරුත් මට ලියුම් එවන්නේ නැහැ නේ. එත් එදා මට ලියුමක් ලැබුනා. ඒක එවල තියෙන්නේ එදා බාලදක්ෂිකා උත්සවේ මං කාඩ් ඒක දීපු ගැණු ළමයා එය එයාගේ ගෙදර දුරකථන අන්කෙත් ලියලා එවල එයත් එක්ක කතා කරන්න කියලා එත් අවාසනාවට මං එදා එයත් එක්ක කතා කලෙත් නැහැ ලියුමක් ලිව්වෙත් නැහැ. මට මතකයි එදා මට අත්තම්ම කිව්ව ඕවට ලියන්න එපා කියලා. එදා ඉදන් අද වෙනකම් මට එහෙම යාලුවෙක් ඉදලා නැහැ. ඉතින් ඔහොම ඉන්නකොට මට මේ අපූරු app එකක් හම්බවුන නම ""slowly"" මේක ගැන ගොඩක් අය දන්නවා මං හිතන්නේ එත් මං වගේ පහුවෙලා හොයන අයත් ඉන්නවනේ 😌. එයාලට මං මේ කියන්නේ. App ඒක දාගත්තේ 2025 දී මං දැන් ලොකුයි නෙහ් එනිසා මට පෑනේ මිතුරෙක් ඉන්න ඒක හොදයි කියලා මං හිතුව 😁. ඇත්තටම ඒක පාවිච්ච් කරන්න ලේසි. කවුරුත් තමන්ගේ ඇත්ත නම් පාවිච්චි කරන්න ඕන නැහැ, ඇත්ත පින්තුර දන්නේ ඕන නැහැ, phone numbers නැහැ, live connect වෙන්න බැහැ ( ඒ කියන්නේ whatssapp /fb වගේ ඉක්මනින් උත්තර යවන්න බැහැ ) සාමාන්‍ය ලියුමක් යන විදිහට තමයි අපි ලියුම් ලියන්නේ සහ අපිට ලියුම් ලැබෙන්නේ තව අපි ඒක ඒක achivenent ගත්තහම අපිට මුද්දරයක් ලැබෙනවා. සාමාන්යෙන් අපි ඉස්සර ලියුමක් ලැබුනහම මුද්දර එකතු කරනවා නේද ඒවගේ ම මේකෙත් අපිට මුද්දර එකතු කරන්න පුළුවන්. ඒක ඇත්තටම ලස්සන වැඩක්. ලංකාවේ කෙනෙක් ට ලියුමක් යැව්වහම සාමාන්යෙන් පැය කීපයක් ඇතුලත ලැබෙනවා. පිටරට අයට නම් ලියන්නේ රට අනුව ලියුම ලැබෙන්න යන වෙලාව වෙනස් වෙනවා. ලියුමක් එනකම් බලාගෙන ඉන්න ඒක හරිම අපුරුයි. කියවනකම් ඉවසිල්ලක් නැහැ. ආයිමත් පුංච් කලෙට ගියා වගේ හැගීමක් දැනෙන්නේ. වෙනසකට තියෙන්නේ අපි දැන් ලියුම් ලියන්නේ phone එකෙන් නිසා. ඒ ලස්සන අත්දැකීම ඔයත් ගන්න slowly app ඒක අදම palystore එකෙන් භාගත කරගන්න
දැන් ඉංගිරිසි ලියන්න බය වෙන්න ඕනෙත් නැහැ මොකද එතන ඉන්න ඔයාගේ යාළුවා ඔයාට මුකුත්ම කියන්නේ නැති නිසා
සුභ දවසක් හැමෝටම
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo
