Merlincloud
Sales
17/02/2026
🍯 Gold Mung Sprouts: රන්වන් මුං ඇට වගා කරමු (Full Guide)
මුං ඇට Microgreens කොළ පාටට වවන එක හැමෝම කරනවා. හැබැයි 5-Star හෝටල් වල Chef ලා ඉල්ලන, පට්ට ගණන් වලට විකුණන්න පුළුවන් "Gold Mung Sprouts" හදන්නේ මෙහෙමයි!
අවශ්‍ය ද්‍රව්‍ය:
පිරිසිදු මුං ඇට (Dilsiorganic වෙතින් ලබාගත හැක)
වගා තැටියක් (Tray එකක්)
කොහුබත් (Cocopeat) හෝ පිරිසිදු රෙදි කැබැල්ලක්
වැදගත්ම දේ: එළිය ඇතුළට නොඑන කළු පාට බාල්දියක් හෝ පෙට්ටියක් (Covering box)
වගා කරන පියවර:
1. බීජ පෙඟවීම (Soaking):
මුං ඇට ටික පැය 8-12ක් පිරිසිදු වතුරේ පෙඟෙන්න තියන්න. ඇට ටික හොඳින් පිම්බුණු පසු වතුර අයින් කරන්න.
2. මාධ්‍යය සකස් කිරීම:
වගා තැටියට අඟලක් විතර උසට තෙත කොහුබත් පුරවා ගන්න. නැත්නම් තෙත රෙදි කැබැල්ලක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්.
3. වැපිරීම (Sowing):
පෙඟවා ගත් මුං ඇට ටික ට්‍රේ එකේ තට්ටුවක් වගේ අතුරන්න. ඇට එක පිට එක වැටුණට ප්‍රශ්නයක් නැහැ (High density).
4. බර තැබීම (Weighted Press):
මුං ඇට පැළ මහතට සහ "Crunchy" විදියට ගන්න නම් බීජ උඩින් තවත් ට්‍රේ එකක් තියලා ඒ උඩින් කිලෝ 1-2 ක බරක් තියන්න. දින 2ක් යනකම් මේ බර තියන්න.
5. රන්වන් පාට ගන්නා රහස (The Blackout):
මෙන්න මචං රහස! මේ මුළු වගාවම අස්වැන්න නෙළනකම්ම සම්පූර්ණ අඳුරේ තියන්න ඕනේ. කළු බාල්දියකින් හෝ පෙට්ටියකින් ට්‍රේ එක වහලා තියන්න. එක හිරු එළිය බින්දුවක්වත් වැටෙන්න දෙන්න එපා. 🚫☀️
6. නඩත්තුව:
දිනකට දෙවරක් අඳුරේම ඉඳගෙන වතුර ස්ප්‍රේ කරන්න. මුං ඇට වලට වාතාශ්‍රය අවශ්‍ය නිසා වහලා තියෙන පෙට්ටියේ පොඩි සිදුරු කිහිපයක් තියන්න.
7. අස්වැන්න නෙළීම (Harvest):
දින 5-6ක් යනකොට පැළ අඟල් 3-4ක් උසට වැඩෙනවා. එළියට නොගෙනම අඳුරේදී කතුරකින් කපා අස්වැන්න ගන්න. එතකොට තමයි ඒ ලස්සන "Gold" පාට තියෙන්නේ.
💡 Dilsiorganic Premium Tip:
අස්වැන්න නෙළා ගත් පසු සීතල වතුර භාජනයකට දමා සෝදන්න. එවිට මුං ඇට පොතු ටික ලේසියෙන් ගැලවී ඉවත් වේ. දැන් ඔයාට හෝටල් වලට සපයන්න පුළුවන් Premium Gold Mung Sprouts ලෑස්තියි!
12/02/2026
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
10150

11/02/2026
27/11/2025