Dr.Imasha
Ayurvedic Doctor | Blending Ancient Wisdom & Modern Science | Tips for Health, Wellness & Natural Living
අත් දෙක දිගටම හිරිවැටෙනවද? රෑට නින්දෙන් ඇහැරෙන තරමට අතේ කැක්කුමද? 🩺
ගොඩක් අය හිතන්නේ මේක සාමාන්‍ය මහන්සියක් කියලා. ඒත් මේක Carpal Tunnel Syndrome වෙන්න පුළුවන්!
විශේෂයෙන්ම:
👉 පරිගණක / දුරකථන වැඩිපුර භාවිතා කරන අයට
👉 එකම විදියේ අත් චලන නිතර කරන අයට
👉 ගර්භණී සමයේ පසුවන අයට මේ තත්ත්වය වැඩිපුර බලපාන්න පුළුවන්.
මේ සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන සාර්ථක සහ ස්වාභාවික විසඳුම් මොනවාද? නහර තෙරපීම පාලනය කරගෙන වේදනාවෙන් තොරව ඉන්නේ කොහොමද කියල දැනගන්න සම්පූර්ණ වීඩියෝ එක බලන්න! 🎬👇
අද වීඩියෝ එකෙන් උදරයේ තෙල් අඩු කරගන්න සරල ක්‍රම කීපයක් තමයි ඉදිරිපත් කරන්නේ.ඊට අමතරව බර අඩුකරගන්න මේ දේවලුත් පිළිපදින්න.
ජිම් යන්නේ නැතුව වුණත් කෑම පාලනය සහ සරල ව්‍යායාම මගින් උදරයේ තෙල් අඩු කරගන්න පුළුවන්. ඒ සඳහා වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වෙනවා.
1. ආහාර පාලනය
* කැලරි ප්‍රමාණය අඩු කරන්න: ඔබ දිනකට ගන්නා කැලරි ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරන්න. මෙය බර අඩු කරගැනීමේ මූලිකම පියවරයි.
* පැණිරස කෑම සහ බීම වර්ග අඩු කරන්න: සීනි අධික බීම, කේක්, බිස්කට් වැනි කෑම වර්ග සීමා කරන්න.
* කාබෝහයිඩ්රේට් ප්‍රමාණය අඩු කරන්න: බත්, පාන්, රොටී වැනි කාබෝහයිඩ්රේට් බහුල ආහාර ප්‍රමාණය අඩු කර, ඊට වඩා එළවළු, පළතුරු සහ ප්‍රෝටීන් සහිත ආහාර ගන්න.
* ප්‍රෝටීන් සහිත ආහාර වැඩිපුර ගන්න: මස්, මාළු, බිත්තර, කිරි, පියලි වර්ග වැනි ප්‍රෝටීන් සහිත ආහාර වැඩිපුර ගැනීමෙන් ඔබේ කුසගින්න පාලනය කරගත හැකි අතර, මාංශ පේශි වර්ධනයට ද එය උපකාරී වේ.
* තන්තු සහිත ආහාර: තන්තු සහිත ආහාර (එළවළු, පළතුරු, ධාන්‍ය වර්ග) ආහාර ජීරණය ක්‍රමවත් කරන අතර, දීර්ඝ වේලාවක් කුසගින්න දැනීම පාලනය කරයි.
2. සරල ව්‍යායාම:
* ඇවිදීම: දිනකට අවම වශයෙන් විනාඩි 30-45ක් වේගයෙන් ඇවිදින්න.
* දුවීම: ඔබට හැකි නම් දිනකට කෙටි දුරක් දුවන්න.
* බයිසිකල් පැදීම: බයිසිකල් පැදීම ද කැලරි දහනය කිරීමට හොඳ ව්‍යායාමයකි.
* පීනීම: පීනීම ද මුළු ශරීරයටම ලැබෙන හොඳ ව්‍යායාමයකි.
* නිවසේදී කළ හැකි සරල ව්‍යායාම: push-ups, squats, sit-ups වැනි ව්‍යායාම නිවසේදීම කළ හැකිය.
3. වෙනත් උපදෙස්:
* ජලය වැඩිපුර බොන්න: දිනකට ප්‍රමාණවත් තරම් ජලය (වීදුරු 8-10ක්) බොන්න.
* නින්ද: දිනකට පැය 7-8ක ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.
* මානසික ආතතිය පාලනය: මානසික ආතතිය වැඩි වීම නිසා ද බර වැඩි විය හැකි බැවින්, එය පාලනය කරගැනීමට උත්සාහ කරන්න.
* ඉවසීම: බර අඩු කරගැනීම කාලයක් ගත වන ක්‍රියාවලියකි. එමනිසා ඉවසීමෙන් යුතුව, ක්‍රමවත්ව ආහාර පාලනය සහ ව්‍යායාම දිගටම කරගෙන යන්න.
ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යම් ගැටලුවක් ඇත්නම්, වෛද්‍යවරයෙකුගෙන් හෝ පෝෂණවේදියෙකුගෙන් උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුය.
22/09/2026
නූතන රූපලාවන්‍ය ක්ෂේත්‍රය කියන්නේ දිනෙන් දින අලුත් වෙමින්, විවිධ සත්කාර අත්හදා බලමින් ඉදිරියට යන ක්ෂේත්‍රයක්. ඒ අතර මේ වනවිට බොහෝ දෙනා ස්වභාවිකත්වයට වැඩි අවධානයක් යොමු කරමින් තම ස්වභාවික රුව තවත් ඉස්මතු කරගැනීමට උනන්දුවක් දක්වනවා.
මේ නිසාම දෙස් විදෙස් අවධානය දිනාගත් අපූරු රූ සත්කාරයක් ලෙස ගොළුබෙලි සත්කාරය හඳුන්වා දෙන්න පුළුවන්.
“ගොළුබෙල්ලා” කියන නම ඇසූ සැණින් ඇතැම් අයට පුදුමයක්, බයක් හෝ පිළිකුලක් ඇති වෙන්න පුළුවන්. නමුත් රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ මේ පුංචි සතාගෙන් ලබාගන්නා ශ්‍රාවය භාවිත කරමින් විවිධ සමේ සත්කාර සිදු කරනවා.
ඒත් ඇත්තටම ගොළුබෙලි සත්කාරයෙන් සමට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? මේ සත්කාරය අද ඊයේ ඇති වූ සංකල්පයක්ද? ඒ ගැන අපි සොයා බලමු.
ගොළුබෙලි සත්කාරයේ ඉතිහාසය
ගොළුබෙලි ශ්‍රාවය සම සඳහා භාවිත කිරීම අද ඊයේ ආරම්භ වූ දෙයක් නොවන බව සඳහන් වෙනවා.
පැරණි ග්‍රීසියේ වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටීස් විසින් සමේ ඇතිවන ඇතැම් තුවාල සහ චර්ම ගැටලු සඳහා ගොළුබෙලි ශ්‍රාවය ඇතුළත් මිශ්‍රණ භාවිත කළ බවට සඳහන් වේ.
1980 දශකයේදී චිලී රාජ්‍යයේ ගොළුබෙලි ගොවිපළවල සේවය කළ කම්කරුවන්ගේ අත්වල සමේ ඇති වූ වෙනස්කම් පිළිබඳව ද අවධානය යොමු වී තිබෙනවා. ඔවුන්ගේ අත්වල සම මෘදු බවට පත්වීම සහ ඇතැම් තුවාල ඉක්මනින් සුවවීම වැනි නිරීක්ෂණ හේතුවෙන් ගොළුබෙලි ශ්‍රාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ බව සඳහන් වේ.
පසුව දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ ගොළුබෙලි ශ්‍රාවය භාවිත කරන නිෂ්පාදන සහ සත්කාර ජනප්‍රිය වුණා. විශේෂයෙන්ම කොරියානු රූපලාවන්‍ය ක්ෂේත්‍රය හරහා මෙය ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.
කොහොමද මේ සත්කාරය සිදු කරන්නේ?
ගොළුබෙල්ලන් මුහුණ මත ගමන් කිරීමට සැලැස්වීම මගින් ඔවුන්ගේ ශ්‍රාවය ස්වභාවිකව සම මත තැවරීමට ඉඩ ලබාදෙන ක්‍රමයක් තිබෙනවා.
ඒ වගේම ගොළුබෙලි ශ්‍රාවය අඩංගු නිෂ්පාදන භාවිත කරමින් සමට අවශ්‍ය සත්කාර ලබාදීමත් සිදු කළ හැකියි.
ගොළුබෙලි ශ්‍රාවය මගින් සමට තෙතමනය ලබාදීම, සමේ පෙනුම වැඩිදියුණු කිරීම සහ සමේ මෘදු බව පවත්වා ගැනීම වැනි ප්‍රතිලාභ ලබාගත හැකි බව රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සඳහන් වෙනවා.
සමට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
ගොළුබෙලි ශ්‍රාවය අඩංගු සත්කාර මගින් සමේ තෙතමනය පවත්වා ගැනීමට, සම මෘදු කිරීමට සහ සමේ පෙනුම දීප්තිමත් කිරීමට උපකාරී විය හැකියි.
එමෙන්ම සමේ මැරුණු සෛල ඉවත් කිරීමට, සමේ වියළි බව අඩු කිරීමට සහ සමේ වයස්ගත පෙනුම සම්බන්ධ ඇතැම් ලක්ෂණ අවම කරගැනීමට දායක විය හැකි බව සඳහන් වෙනවා.
ලප කැළැල් සහ අව්වට නිරාවරණය වීමෙන් ඇතිවන සමේ වෙනස්කම් සඳහා ද මෙවැනි සත්කාර භාවිත කරනවා.
කෙසේ වෙතත්, සෑම පුද්ගලයකුටම එකම ප්‍රතිඵල ලැබෙන බවට සහතික කළ නොහැකි අතර, සමේ ස්වභාවය අනුව ප්‍රතිචාර වෙනස් විය හැකියි.
ඒ නිසාම ගොළුබෙලි සත්කාරයක් සිදු කිරීමට පෙර එය තම සමට ගැළපෙනවාද යන්න පිළිබඳව නිසි අවධානයක් යොමු කිරීම වැදගත්.
අපි අවට සිටින ඕනෑම ගොළුබෙල්ලෙක් භාවිත කළ හැකිද?
නැහැ.
රූපලාවන්‍ය සත්කාර සඳහා භාවිත කරන ගොළුබෙල්ලන් විශේෂයෙන් පාලනය කළ පරිසරයක ඇතිදැඩි කර පිරිසිදු තත්ත්වයන් යටතේ ලබාගැනීම වැදගත්.
මෙවැනි සත්කාර සඳහා භාවිත කරන ගොළුබෙලි විශේෂ අතර Cornu aspersum (Garden Snail) සහ Achatina fulica (Giant African Land Snail) වැනි විශේෂ සඳහන් කළ හැකියි.
එබැවින් ස්වභාවික පරිසරයෙන් අල්ලාගත් ගොළුබෙල්ලන් මුහුණේ හෝ සම මත භාවිත කිරීම සුදුසු ක්‍රමයක් නොවන බව මතක තබාගත යුතුයි.
හැමෝටම මේ සත්කාරය සුදුසුද?
ස්වභාවික ද්‍රව්‍යයක් වුවත් සෑම පුද්ගලයකුගේම සමට එකම ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. විශේෂයෙන් සංවේදී සමක් ඇති පුද්ගලයන්ට හෝ ඇතැම් ද්‍රව්‍යවලට අසාත්මිකතා ඇති අයට යම් ප්‍රතික්‍රියාවක් ඇති විය හැකියි.
ඒ නිසා සත්කාරය සිදු කිරීමට පෙර Skin Test එකක් සිදුකර තම සමට එය ගැළපෙනවාද යන්න පරීක්ෂා කරගැනීම වැදගත්.
සත්කාරයට පෙර කළ යුතු දේ
සත්කාරය සිදු කරන අවස්ථාවේදී මුහුණ හොඳින් පිරිසිදු කර තිබීම වැදගත්. මුහුණේ වෙනත් ආලේපන නොමැති පිරිසිදු සමක් මත සත්කාරය සිදු කිරීම සුදුසුයි.
එමෙන්ම භාවිත කරන ගොළුබෙල්ලන් පිරිසිදු, පාලනය කළ පරිසරයක ඇතිදැඩි කළ ඒ සඳහා සුදුසු ගොළුබෙල්ලන් බව තහවුරු කරගැනීමත් අත්‍යවශ්‍යයි.
සත්කාරයෙන් පසුත් සැලකිලිමත් විය යුතුයි
සත්කාරයෙන් පසු පැය කිහිපයක් යනතුරු සැර සේදුම්කාරක හෝ සමට දැඩි ලෙස බලපාන නිෂ්පාදන භාවිත නොකිරීම වඩාත් සුදුසුයි.
එමෙන්ම එම කාලය තුළ තද හිරු එළියට නිරාවරණය වීමෙන් හැකිතාක් වැළකී සිටිය යුතුයි. සමේ තෙතමනය පවත්වා ගැනීම සඳහා සුදුසු moisturizer එකක් භාවිත කිරීම ද වැදගත්.
ප්‍රතිඵල පෙනෙන්න කොපමණ කාලයක් ගත වෙනවාද?
සත්කාරය සිදු කළ පළමු දිනයේදීම සමේ තෙතමනය, මෘදු බව සහ දීප්තිය වැනි වෙනස්කම් ඇතැම් පුද්ගලයන්ට දැනෙන්න පුළුවන්.
නමුත් ලප කැළැල් හෝ සමේ පෙනුම සම්බන්ධ දිගුකාලීන වෙනස්කම් සඳහා ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි.
නිසි ක්‍රමවේදයකට අනුව නිතිපතා සත්කාර කිරීමෙන් වඩාත් පැහැදිලි ප්‍රතිඵල ලබාගත හැකි බව රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සඳහන් වෙනවා.
ලංකාවට තවමත් අලුත් සත්කාරයක්ද?
ගොළුබෙලි සත්කාරය ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම අලුත් සංකල්පයක් නොවුණත්, මෙය තවමත් බොහෝ දෙනාට අලුත් අත්දැකීමක්.
මේ වනවිට ශ්‍රී ලංකාවේද ඇතැම් රූපලාවන්‍ය මධ්‍යස්ථාන සහ ස්ථානවල මෙම සත්කාරය සිදුකරන බව දැකගත හැකියි.
ස්වභාවිකත්වයට කැමැත්තක් දක්වන නූතන පරපුර අතර රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ මෙවැනි නව සත්කාර පිළිබඳ උනන්දුව ඉදිරියේදී තවත් වැඩිවිය හැකියි.
කෙසේ වෙතත්, අලුත් රූ සත්කාරයක් අත්හදා බැලීමට පෙර තම සමේ ස්වභාවය පිළිබඳව අවධානය යොමු කර, සුදුසුකම් ලත් වෘත්තිකයකුගේ උපදෙස් ලබාගැනීම වඩාත් වැදගත්.
සටහන - මහේෂානි මීගහපොල�උපදෙස් - ආයුර්වේද වෛද්‍ය ඉමාශා උඩවත්ත
https://www.sirikatha.lk/article/dr_obai/%E0%B6%9C%E0%B7%9C%E0%B7%85%E0%B7%94%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%92-%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%B8-%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF--%E0%B6%94%E0%B6%B6%E0%B6%A7-%E0%B6%9C%E0%B7%90%E0%B7%85%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF-/173-579388
22/09/2026
වට්ටක්කා කිව්වහම අපේ මතකයට එන්නේ රසවත් ගුණවත් එළවළුවක්. නමුත් වට්ටක්කා කියන්නේ ඔබේ හිසේ සිට පාදාන්තය දක්වා පෝෂණය කර අපූරු ස්වභාවික ලස්සනක් එක් කරගත හැකි පහසුවෙන්ම සොයා ගත හැකි එළවළු වර්ගයක්.
වට්ටක්කා වල ඇති පොදු ගුණ.
මෙහි අඩංගු ස්වභාවික එන්සයිම බීටා කැරොටින්, විටමින් සී / ඊ, සින්ක්, ප්‍රතිඔක්සිකාරක ගුණය වැනි පෝෂණ ගුණයෙන් ඉහළ අඩු කැළරි ප්‍රමාණයක් සහිත එළවළුවක් වන අතර මෙය සමට ක්ෂණික ස්වභාවික දීප්තියක් එකතු කර නිරෝගී බවක් ලබාදී තාරුණ්‍යය ලබා දීම වැනි බොහෝ රූපලාවන්‍ය ප්‍රතිලාභ ද අත්කර දෙන්නකි.
වට්ටක්කා වලින් කළ හැකි බාහිර රූපලාවන්‍ය සත්කාර.
මුහුණට. පැහැපත් දීප්තිමත් සමකට.
හොඳින් තම්මා පොඩි කරගත් වට්ටක්කා තේ හැන්දකට මීකිරි හෝ යෝගට් තේ හැන්දක් , හාල් පිටි ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර රාත්‍රී නින්දට පෙර මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා මුදෘව සම්භාහනය කර සෝදා හරින්න. දිනපතා සිදුකිරීම සුදුසුයි.
ලප කැළැල් ඉවත් කිරීමට.
කෝපි කුඩු තේ හැඳි භාගයක්, දුඹුරු සීනි ස්වල්පයක් එකතු කර සවස් කාලයේ මුහුණේ ආලේප කර රවුම් ආකාරයට මුදෘව අතුල්ලා සෝදාහරින්න. මෙය සතියකට දෙවතාවක් කරන්න.
සම රැලි වැටීම පාලනයට.
වට්ටක්කා තම්බා හොඳින් පොඩි කරගත් මේස හැන්දක්, විටමින් ඊ කරලක තෙල්, කස්තුරි කහ ස්වල්පයක් එකට එකතු කර මුහුණේ ,ගෙලේ ආලේප කර විනාඩි පහළොවක් තබා සෝදා හරින්න. සතියකට දෙවතාවක් රාත්‍රී කාලයේදී සිදු කරන්න.
සමට. බොඩ් ස්ක්‍රබ්.
තම්බාගත් වට්ටක්කා කෝප්ප භාගයක්, රළු ලෙස කොටාගත් ඕට්ස් කෝප්ප භාගයක්, පොල්තෙල් මේස හැඳි දෙකක්, සීනි මේස හැන්දක් මිශ්‍ර කර ස්නානයට පෙර ආලේප කර මුර්දු ලෙස ස්ක්‍රබ් කර ස්නානය කරන්න. සේදුම්කාරක භාවිතය එපා.
සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත.
https://www.sirikatha.lk/article/be_beauty/%E0%B7%83%E0%B6%B8%E0%B7%9A-%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%92-%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B7%80%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F/174-579295?fbclid=IwdGRjcAUHAQxwZG9mBWZkaWQWUNzL6wipb01RjtgAwBQwz0S2L7lcLWV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkCjY2Mjg1NjgzNzkAAR4IcnRa_l750GVav3tx9zLzEAyzpeAtqFmg2bVcave35O5liZc_8QBnT8EuuQ_aem_XzymzyF5mPA0pnR-qILd7w
22/09/2026
කවුරුත් දන්න ත්‍රිඵලා ගැන 😌
#ත්‍රිඵලා
22/09/2026
කලුදුරැ ගැන ඔබ දත් නොදත් දේ
#කලුදුරු
2026/09/13 ඉරිදා
ලංකාදීප පත්තරේට කොත්තමල්ලි වල ගුණාංග ගැන ලියපු ලිපියහිරැ TV එකේ පත්තර විස්තරේ වැඩසටහනට ඇතුළත් වෙලා තිබුණා. ලියන දෙයක් ගැන මේ වගේ ඇගයීමක් ලැබෙන එක ලොකු සතුටක්.
අධි රුධිර පීඩනයට (High BP) තිත තියමු! 🛑⏰
දණහිස් කැක්කුම සහ සන්ධි වේදනාව (Joint Pain) ඇතිවීමට හේතු කිහිපයක් තිබිය හැකිය. වඩාත් පොදු හේතු වන්නේ ආතරයිටිස් (Arthritis), සන්ධිවලට සිදුවන තුවාල, අධික වෙහෙස හෝ වයස්ගත වීමත් සමඟ කාටිලේජ ගෙවී යාමයි.
ඇත්තටම දණහිස් කැක්කුම කියන්නේ වයසට යද්දී කාටත් හැදෙන දෙයක්ද? නැත්නම් අපේ වැරදි පුරුදු නිසා ඇතිවන දෙයක්ද? 🩺🌿
මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ, කාන්තාවන්ට සහ පිරිමින්ට නිතරම වද දෙන, ඒත් බොහෝ දෙනෙක් නොසලකා ඉන්න දණහිස් කැක්කුමට බලපාන ප්‍රධාන හේතු සහ ඒවා නිවසේදීම සමනය කරගන්න පුළුවන් සරල, ස්වභාවික පිළියම් ගැනයි.
නීරෝගී ජීවිතයක් ගත කරන්න, අදම මේ වැදගත් තොරතුරු දැනගන්න. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා Share කරන්න! ✨🩺
#දණහිස්කැක්කුම
Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
Category
Website
Address
Alerts
Be the first to know and let us send you an email when Dr.Imasha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
