Satahan Potha
Health tips , motivation tips and technology are include this page
31/08/2021
https://www.facebook.com/518491748/posts/10158854671981749/
කෝවිඩ් ආසාදිත පුද්ගලයන් සඳහා ලැබිය යුතු ප්‍රතිකාර හා උපදෙස් ලබාදීමට ඔවුන් ලියා පදිංචි කිරීමේ ක්‍රමවේදය වඩාත් යුහුසුලුව සිදු කිරීම සඳහා 1904 SMS සේවාව හඳුන්වා දී තිබෙනවා.
මෙම සේවාව ලබා ගැනීමට ඔබ කළ යුත්තේ පහත දැක්වෙන ආකාරයට ඔබගේ විස්තර සඳහන් කර 1904 අංකයට කෙටි පණිවිඩයක් (SMS) යොමු කිරීමයි.
එම කෙටි පණිවිඩයෙහි සඳහන් විය යුතු කරුණු පහත ලෙස වේ.
රෝග ලක්ෂණ කේතය වයසජාතික හැඳුනුම්පත් අංකයලිපිනය
මෙහිදී ඔබට ඇති රෝග ලක්ෂණ අනුව A,B හෝ C ලෙස වෙන්වන්නේ මේ ආකාරයෙන්.
A - හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත.
B - උණ/කැස්ස/උගුරේ වේදනාව/හිසරදය වැනි රෝග ලක්ෂණ ඇත. හුස්ම ගැනීමේ අපහසුතාවයක් නැත.
C - කිසිදු රෝග ලක්ෂණයක් නැත.
මීට අමතරව, PCR හෝ රැපිඩ් ඇන්ටිජන් (RAT) පරීක්ෂණයක් මගින් ඔබට COVID-19 ආසාදිත බවට තහවුරු වී නැතත්,
උණ, උගුරේ අපහසුව, කැස්ස, තද හිසරදය වැනි අනෙකුත් රෝග ලක්ෂණ සමග හුස්ම ගැනීමේ අපහසුවක් ඇත්නම් මෙම SMS පිවිසුම හරහා ලියාපදිංචි විය හැක. මෙහිදී හුස්ම ගැනීමේ අපහසුවක් ඇති නිසා අදාල වන රෝග කේතය A වේ.
උදාහරණයක් ලෙස,
B56651231234v141,Nawala Road,Nugegoda
B 56 651231234V 141,Nawala Road,Nugegoda
ලෙස සටහන් කොට 1904 අංකයට කෙටි පණිවිඩයක් (SMS) යැවිය යුතුයි.
මෙම උදාහරණයේ සඳහන් රෝගියාට හුස්මගැනීමේ අපහසුවක් නැතත් අනෙකුත් රෝග ලක්ෂණ පවතින නිසා B කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබෙනවා. ඔහු, හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම්, ලියාපදිංචිය යුත්තේ A කාණ්ඩයට යටතේ වන අතර , කිසිම රෝග ලක්ෂණයක් නැති නම් C කාණ්ඩයට ඇතුලත් විය යුතුයි.
ඔබ මේ SMS පිවිසුම හරහා නිවැරදි ව ලියා පදිංචි වූ විට වෛද්‍යවරයෙකු විසින් දුරකථනය හරහා ඔබව සම්බන්ධ කරගන්නවා ඇති.
මෙහිදී ඔබ A කාණ්ඩයට අයත් වන රෝගියකු බවට තහවුරු වුවහොත් වහාම රෝහලක් වෙත ඔබව යොමු කිරීමට කටයුතු සම්පාදනය කර දෙනු ඇති.
ඔබ B හෝ C කාණ්ඩවලට අයත් බවට තහවුරු වුවහොත්
⦾ රෝග ලක්ෂණ,
⦾ වයස,
⦾ විවිධ නිදන්ගත රෝග තත්ව,
⦾ රෝග තත්ත්වය උත්සන්න වුවහොත් අදාල උපකාර ලබා ගැනීමේ හැකියාව,
⦾ නිවසේ දී අන් අයගෙන් වෙන්න සිටීමට ඇති පහසුකම්,
⦾ ගැබිනි මවක් නම් ඒ පිළිබඳව තොරතුරු,
යනාදිය විමසා බලමින් නිවසේ සිටිමින් ම ප්‍රතිකාර ප්‍රතිකාර ලැබීමට ඇති හැකියාව සලකා බැලෙනු ඇති.
ඒ අනුව තෝරාගත් ආසාදිතයින්, නිවෙස් ගත ප්‍රතිකාර පද්ධතියට ලියා පදිංචි කරනු ලැබෙන අතර, නිවසේ රැඳී සිට ප්‍රතිකාර ලැබීම නොහැකි යැයි තීරණය කළහොත් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කෙරෙනු ඇති.
නිවෙස්ගත ප්‍රතිකාර පද්ධතියේ ලියාපදිංචි වූ රෝගියෙකු , වෛද්‍ය කණ්ඩායමක් විසින් දිනකට වරක් වත් ( අවශ්‍යතාවය අනුව ඊටත් වැඩි වාර ගණනක්) දුරකථනය හරහා සම්බන්ධ කරගනු ලැබෙන අතර ,මෙහිදී යම් අවස්ථාවක ඔබගේ රෝග ලක්ෂණ තීව්‍ර වන බවට හැඟුන හොත් අදාළ වෛද්‍ය විශේෂඥයන් සමඟ සාකච්ඡා කොට ඔබව වහාම රෝහලකට ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සකසා දෙනු ඇත.
මෙය, ඕනෑම දුරකථන ජාලයකින් ඇමතිය හැකි, 247 කොවිඩ් උපකාර සේවය සහ 1990 ගිලන් රථ සේවාව සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මකවන වැඩපිළිවෙළකි.
12/08/2021
12/08/2021
https://www.facebook.com/626500691035511/posts/1512105955808309/
COVID ආශ්‍රිත හුස්ම ගැනීමේ අපහසුතාවයක දී සුදුසු ඉරියව්...
COVID -19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට රටපුරා සීඝ්‍ර පැතිර යාමක් සිදුවෙමින් පවතින බව ඔබ දන්නවා. මේ පසුබිම තුළ ආසාදිත පුද්ගලයින් හට රෝහල් තුළ ප්‍රතිකාර කිරීමට සමගාමීව රෝග ලක්ෂණ නොදක්වන හා සුළු රෝග ලක්ෂණ සහිත ආසාදිතයන් හට තම නිවසෙහි ම රැඳී ප්‍රතිකාර ලබා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. මේ පිළිබඳව අප විසින් ඉහතදී විස්තර සහිතව සාකච්ඡා කරන්නට යෙදුනා.
නිවසේ රැඳී ප්‍රතිකාර ලැබීමේ දී රෝග ලක්ෂණ උත්සන්න වීම කලින්ම හඳුනා ගැනීම, ඉතාමත්ම වැදගත් වනවා. විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසුව, හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ හතියක් ඇතිවීම මෙහි දී, වහාම රෝහල්ගත වීමට හේතුවක් සේ සැලකෙනවා. එමෙන්ම රුධිරයේ ඔක්සිජන් මට්ටම, විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසු 96% කට වඩා, අඩු වේ නම්, එයත් තව දුරටත් නිවසේ රැඳී සිටීමට සුදුසු තත්වයක් නොවේ. යම්කිසි කෙනෙක් නිවෙස් ගත COVID-19 ප්‍රතිකාර සම්බන්ධීකරණ පද්ධතියෙහි ලියාපදිංචි වීමෙන් පසුව මෙවන් තත්ත්වයක් ඇති වුවහොත් වහාම අදාල වෛද්‍ය කණ්ඩායමට දැනුම් දිය යුතුයි. ඉන්පසුව එම වෛද්‍ය කණ්ඩායම විසින් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම රෝගියා වහාම රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙනවා ඇති.
එසේ රෝහලකට ඇතුල් කිරීම සම්බන්ධීකරණය කිරීමට ගත වන කාලය ඇතුළත හුස්ම ගැනීමේ අපහසුතාවය පවතින්නේ නම් රෝගියා හට පහත ආකාරයට ඉරියව් වෙනස් කිරීමෙන් එම හුස්ම ගැනීමේ අපහසුතාව යම් දුරකට අවම කරගන්න පුළුවන්.
මෙම රූප සටහනේ දැක්වෙන ආකාරයට සෑම පැය 2 කට වරක් ම
⦾ විනාඩි 20-30 මුනින් අතට ද, ( ගර්භනී කාන්තාවන් හා ස්ථුල පුද්ගලයන් විසින් මෙම ඉරියව්ව මග හැරිය යුතු වේ)
⦾ විනාඩි 20-30 දකුණු ඇලයට ද,
⦾ විනාඩි 20-30 වාඩි වී ද,
⦾ විනාඩි 20-30 වම් ඇලයට ද ,
ස්ථානගත වීමෙන් මෙම අපහසුතාවය අවම කරගැනීමට පුළුවන්.
මෙය ලොව පුරා COVID - 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වල හුස්ම ගැනීමේ අපහසුතාව අවම කරගැනීමට භාවිතා වන එක් සරළ උපක්‍රමයක්.
එහෙත් මෙහිදී තදින් ම අවධාරණය කළ යුතු සහ වඩාත්ම වැදගත් කාරණය වන්නේ, හැකි ඉක්මනින් ම මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් ලැබෙන උපදෙස් වලට අනුකූලව රෝහල් ගත වීමට කටයුතු කිරීමයි.
රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයෙන් ගැලවී, එම රෝග ආසාදනය නිසා සිදුවන විවිධ අපහසුතා වලින් මිදීමට ඔබ මේ අවස්ථාවේ ගත යුතු වඩාත්ම වැදගත් පියවර වන්නේ සියලු අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් හා හමුවීම් වහාම නවතා දැමීමයි. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය පුරාවට පුරවැසියන් ලෙස අපේ වගකීම පිළිබඳ සැළකිලිමත් වුවහොත් සුවපත් අනාගතයක් ඉක්මනින්ම උදා කරගැනීමට අපට හැකිවනු නොඅනුමානයි.
09/08/2021
හදීසියේ ඔබගේ රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙමින් ගියහොත්, ඔක්සිජන් සිලින්ඩරයක් සොයාගන්නා තෙක් ඔබට කළහැකි ප්‍රති කර්මයක් ලෙස "proning” හැදින්වේ. මෙහි ඇති ඉරියව් වල එකක විනාඩි 30 පමණ කාලයක් පිරිසිදු වාතය ඇති කාමරයක සිටිමින් ඉරියව් මාරු කල යුතුය. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් මෙම ඉරියව්වෙන් සිටීමෙන් ඔබට හුස්ම ගැනීමේ අපහසුව සැළකිය යුතු මට්ටමෙන් අඩුවී යනු ඇත.
උපුටාගැනීම අන්තර්ජාලයෙනි.
සටහන - සහන් පන්නිලගේ
08/08/2021
COVID-19 රෝගීන්ට නිවෙස් ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම...
රැපිඩ් ඇන්ටිජන් (RAT) හෝ PCR පරීක්ෂණයකින් COVID-19 ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයන් හට නිවසේදීම ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. මේ සඳහා සලකා බැලෙන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන හා සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වන ආසාදිත අයයි. යම් කෙනෙකුට විවේකීව සිටියදී හෝ සුළු ව්‍යායාමයකින් පසුව හතියක්, හුස්ම ගැනීමේ අපහසුවක් දැනේ නම් ඔවුන් මීට සුදුසුකම් නොලබන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත යුතු වේ. එසේ නොවන වයස අවුරුදු 2ත් 65ත් අතර ආසාදිතයන්, පහත කරුණු සලකා බලා නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු දැයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා (MOH) විසින් තීරණය කෙරෙනු ඇත.
ආසාදිත පුද්ගලයා නිසි ලෙස පාලනය නොවූ
දියවැඩියාව,
අධික රුධිර පීඩනය,
හෘදයාබාධ,
වකුගඩු රෝග හා
පෙණහලු ආශ්‍රිත රෝග ආදී කිසියම් තත්ත්වයකින් පෙලෙයි නම් හෝ
ප්‍රතිශක්තිය හීන වන රෝග තත්ත්වයකින් පෙළෙන / ප්‍රතිශක්තිය හීන කරවන ඖෂධයක් දීර්ඝ කාලයක් තිස්සේ ලබාගන්නා අයෙකු නම්
හෝ ,
ශරීර ස්කන්ධ දර්ශකය 30ට වැඩි (ස්ථූල) අයෙක් නම්
ඇතිවිය හැකි සංකූලතා සලකා බලා නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු නොවන බවට තීරණය කෙරෙනු ඇත.
ආසාදිත පුද්ගලයා මෙවැනි අවදානම් තත්ත්ව වලින් පෙළෙන්නේ නැති නම්, නිවසේ අන් අයගෙන් වෙන් ව සිටීමට වෙනම කාමරයක් හා වැසිකිළි පහසුකම් සහිත අවස්ථාවන් වල දී නිවෙස් ගත ප්‍රතිකාරය සඳහා සලකා බැලේ. අවශ්‍ය විටෙක අවශ්‍ය ලෙසට උපදෙස් හා උපකාර ලබා ගැනීමට හැකි පරිදි සන්නිවේදන හැකියාව සහ පහසුකම් තිබීම ද අත්‍යවශ්‍ය කරුණක් සේ සලකනු ලැබේ.
එමෙන් ම ආසාදිතයා රැකබලා ගැනීමේ කටයුතු සඳහා නිවසේ සිටින තවත් කෙනෙකුට හෝ තමාට ම ඇති හැකියාව ද සැළකිල්ලට ගනු ඇත.
මෙලෙස නිවසේ දී ප්‍රතිකාර ලැබීමට සුදුසු යැයි සැලකෙන, එසේ ලබා ගැනීමට කැමති පුද්ගලයකු වේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් එවැනි පුද්ගලයන් ගේ විස්තර "නිවෙස් ගත ප්‍රතිකාර සැපයීමේ පද්ධතිය" ට ඇතුළත් කරනු ලැබේ.
ඉන් පසුව නිවෙස් ගත කෝවිඩ් ප්‍රතිකාරය සඳහා විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍ය කණ්ඩායමක් විසින් විශේෂඥ පවුල් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ දිනකට එක්වරක් හෝ වැඩි වාර ගණනක් දුරකථනය හරහා අසාදිත පුද්ගලයාගේ තත්ත්වය පරීක්ෂාකර බලනු ලැබේ.
අවශ්‍යතාවයක් වූ ඕනෑම විටෙක ප්‍රතිකාර සපයන වෛද්‍ය කණ්ඩායම හෝ 1390 හරහා උපකාර ලබා ගැනීමට හැකිවනු ඇත.
නිවෙස් ගත ප්‍රතිකාර කාලය තුළ ආසාදිත පුද්ගලයාගේ රෝග ලක්ෂණ කල් පවතින බවක් දක්නට ලැබේ නම් හෝ තීව්‍ර වන බවක් දක්නට ලැබේ නම් අදාළ වෛද්‍ය කණ්ඩායම් විසින් විශේෂඥ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කර රෝගියා රෝහල්ගත කිරීම සඳහා වහාම කටයුතු සූදානම් කරනවා ඇත.
නිවෙස් ගත රෝගීන් ,
- හැකි පමණ විවේක ගැනීම
- හොඳින් ජලය හා වෙනත් දියර වර්ග පානය කිරීම මෙන්ම
- සමබර ආහාර වේලක් ලබාගැනීමත්
ඉතාමත්ම වැදගත් වේ.
හොඳින් පාලනය වී පවතින, අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව ආදී බෝ නොවන රෝගයක් වෙත් නම් ඒ සඳහා ලබාදී ඇති ඖෂධ නිසි කලට නිසි ලෙස ලබා ගෙන එම රෝග පාලනය තවදුරටත් හොඳ මට්ටමක පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.
නිවෙස් ගත ප්‍රතිකාර කාලය තුළ , නිවසේ දී රෝගියාට ප්‍රතිකාර කරන කෙනෙකු වේ නම් මුව ආවරණ ආදි පුද්ගල ආරක්ෂණ උපකරණ නිසි ලෙස පැළඳිය යුතුවේ.
ආසාදිත බවට හඳුනාගත් PCR පරීක්ෂණය සිදුකර දින දාහතරක් සම්පූර්ණ වූවායින් පසුව ආසාදිත පුද්ගලයා කිසිදු රෝග ලක්ෂණයක් නොදක්වන්නේ නම් එදිනෙන් නිවෙස් ගත ප්‍රතිකාර කාලය අවසන් වේ.
නිවෙස් ගත ප්‍රතිකාර කාලය ඇතුළතදී නිවසෙහි වෙසෙන තවත් කෙනෙක් ආසාදිත පුද්ගලයාට සැලකිය යුතු අන්දමින් නිරාවරණය වූයේ නම් ඔහුගේ හෝ ඇයගේ නිරෝධායන කාලය (PCR positive නොවුණේ නම්) අවසන් වරට නිරාවරණය වූ දිනයේ සිට දින දාහතරකින් අවසන් වේ.
නිවෙස්ගත ප්‍රතිකාර ලැබීමට එකඟව පසුව නිරෝධායන කොන්දේසි කඩ කරමින් වගකීම් විරහිතව හැසිරෙන ආසාදිත පුද්ගලයින් වෙතොත් ඔවුන්ගේ කැමැත්ත විමසීමකින් තොරවම ( අවශ්‍ය නම් පොලිස් සහය ඇතිව ) ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමටත්, ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කෙරෙනු ඇත.
COVID -19 රෝගීන් හට නිවෙස් ගත ප්‍රතිකාර ක්‍රමයක් සැකසීම සෞඛ්‍ය පද්ධතියෙහි ධාරිතාවය මෙන්ම පුරවැසියන්ගේ සමාජ වගකීම දැරීමේ හැකියාව පිළිබඳ විශ්වාසය මූලික කොට ගන්නා ලද තීරණයකි.
වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය බිඳී යාම වැලැක්වීමට මෙම නිවෙස් ගත ප්‍රතිකාර ක්‍රමය ඉතාමත් උපකාරී වනු ඇතැයි බලාපොරොත්තු වන අතර එහි සාර්ථකත්වය රටෙහි පුරවැසියන් සතු සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයට පිළිපැදීමෙන් ශක්‍යතාවය මත රඳා පවතිනු ඇත.
අප සමඟ මෙතෙක් කල් රැඳී සිට දැනුමෙන් සන්නද්ධ වූ ඔබ එම වගකීම අකුරටම ඉටු කිරීමට උත්සුක වනු ඇති බවට අප විශ්වාස කරන්නෙමු.
07/08/2021
https://www.facebook.com/103581091397816/posts/349246830164573/
මෙන්න විශේෂ නිවේදනයක්.
==================
covid virus රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් ජනතාව වෙනුවෙන් පණිවිඩයක් ලෙස මෙලෙස දක්වා තිබෙනවා.
ආසාදනයෙන් පසු 03 වන දින සිට රෝග ලක්ෂණ මතු වේ. රෝග ලක්ෂණ ඇති දින ගණන් කිරීම ඉතා වැදගත් වේ. පළමු අදියර 01, 02 සහ 03 වන දින දක්වා
●ශරීර වේදනාව
●අක්ෂි වේදනාව
●හිසරදය
●වමනය
●පාචනය
●නාසය හෝ නාසික තදබදය වියෝජනය
●ඇස් දැවීම
●මුත්‍රා කිරීමේදී පිළිස්සීම
●උණ දැනීම
●උගුරේ අමාරුව
පරිස්සම් වෙන්න -
දියර වර්ග විශේෂයෙන් පිරිසිදු ජලය වැඩිපුර පානය කිරීම වැදගත් වෙයි.
දෙවන අදියර 4 වන දින සිට 8 වන දින දක්වා.
●රසය හෝ සුවඳ නැති වීමයි.
●අවම උත්සාහයකින් තෙහෙට්ටුව පපුවේ වේදනාව ඉල ඇටය තද කිරීම.
තෙහෙට්ටුව සහ හුස්ම හිර කිරීම අතර වෙනස හුස්ම හිරවීම යනු පුද්ගලයා වාඩිවී සිටින විට කිසිදු උත්සාහයක් නොමැතිව හුස්ම හිර වීම ය.
තෙහෙට්ටුව යනු පුද්ගලයා සරල දෙයක් කිරීමට පෙළඹී තෙහෙට්ටුවට පත් වීමයි. covid 19 ඔක්සිජන් බන්ධනය කරයි.
එබැවින් රුධිරයේ ගුණාත්මකභාවය දුර්වල වන අතර ඔක්සිජන් අඩුවේ.
තුන්වන අවදිය - සුවකිරිම 09 වන දින සුවකිරීම ආරම්භ වන අතර එය 14 වන දින දක්වා පැවතිය හැකිය. මෙම නිර්දේශ තබා ගැනීම වඩා හොඳයි.
●අවම වශයෙන් පැය 07-08 ක් විවේක ගන්න. සියලුම ආහාර උණුසුම් විය යුතුය.
coronavirus ඒ පී එච් අගය 5.5 සිට 8.5 දක්වා පරාසයක පවතින බව මතක තබා ගන්න එබැවින් virus ඒ තුරන් කිරීමට අප කළ යුත්තේ වයිරසයේ අම්ල මට්ටමට වඩාත් ෂාරීය ආහාර අනුභව කිරීමයි.
●කෙසෙල් දෙහි
●කහ ලෙමන්
●අලිගැට පේර
●සුදු ලූනු
●අඹ
●මැන්ඩරින්
●අන්නාසි
●දොඩම්
ඔබට covid-19 ඇති බව ඔබ දැන ගන්නේ කෙසේද?
●උගුර කැසීම
●වියළි උගුර
●වියලි කැස්ස
●ඉහළ උෂ්ණත්වය
●හුස්ම ගැනීමේ අපහසුතාව හා රසය නැති වීම.
මෙම තොරතුරු ඔබ වෙනුවෙන් පමණක් තබා නොකරන්න එය ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට ලබා දෙන්න
,,,,,,,,,,,,,,,.
උපුටා ගැනීමක් ...
05/08/2021
ජිවිතය යදින මිනිස්සු...!
04/08/2021
එදිනෙදා ජීවිතයේ ඔබට නොදැනුවත්ව සිටින වැරදි ඉරියව් හා ඒවායේ නිවැරැදි ඉරියව්.
04/08/2021
කොවිඩ් 19: ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද?
හිසරදය, උගුරේ අමාරුව සහ නාසයෙන් සොටු දියර ගැලීම කොරෝනාවෛරස ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට බහුලව වාර්තා වන රෝග ලක්ෂණ බව එක්සත් රාජධානි පර්යේෂකයෝ පවසති.
එක්සත් රාජධානියේ 'Zoe' කොවිඩ් රෝග ලක්ෂණ අධ්‍යයනය මෙහෙයවන මහාචාර්ය ටිම් ස්පෙක්ටර් පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය වැළඳුනු තරුණ තරුණියන්ට "අධික සෙම්ප්‍රතිශ්‍යාවක් මෙන්" දැනිය හැකි බවය.
ඔවුන්ට එතරම් අසනීප තත්ත්වයක් නොදැනෙන නමුත්, ඔවුන්ගෙන් රෝගය බෝ වීමෙන් අන් අය අවදානමට ලක් විය හැකිය.
තමන්ට කොවිඩ් වැළදී ඇතැයි සිතෙන ඕනෑම අයෙකු පරීක්ෂණයක් සිදු කළ යුතුය.
යම් පුද්ගලයෙකු අවධානය යොමු කළ යුතු සාමාන්‍ය කොවිඩ් රෝග ලක්ෂණ වන්නේ:
කැස්ස
උණ
ගඳ සුවඳ හෝ රසය නැතිවීම
නමුත් මහාචාර්ය ස්පෙක්ටර් පවසන්නේ දැන් මෙම ලක්ෂණ වාර්තා වීමේ අඩුවක් දක්නට ඇති බවය. කොවිඩ් රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ඇති ජංගම දුරකථන යෙදුමකට දහස් සංඛ්‍යාත පුද්ගලයින් ඇතුළත් කළ දත්ත පදනම් කරගෙන Zoe කණ්ඩායම මෙම නිරීක්ෂණ සිදුකර ඇත.
"මැයි මස ආරම්භයේ සිට, අපි යෙදුම් භාවිත කරන්නන් අතර වැඩියෙන් ඇති රෝග ලක්ෂණ දෙස බලා සිටියා. ඒවා පෙර ඒවාට සමාන වුණේ නැහැ," ඔහු පැවසීය.
උපුටා ගැනීමක්
ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද? - BBC News සිංහල වෛරසය ආසාදනය වීම නිසා ඇතිවන සාමාන්‍ය රෝග ලක්ෂණවලට අමතරව සීතල, ආහාර රුචිය නැතිවීම, හිසරදය සහ මාංශ පේශි කැක්කුම වැන....
04/08/2021
Click here to claim your Sponsored Listing.

16/09/2021