Ashi Cosmetics
🦋⃝ Come and let's be beautiful with Ashi
13/01/2026
😣තත්ත්වයෙන් බාල තෙල් වර්ග භාවිතා කරලා ඔබේ කොණ්ඩය විනාශ වෙලාද?
🥺 හිස කෙස් ගැටලු නිසා පීඩාවෙන් ද?
👉 එහෙනම් මෙන්න සත්‍ය විසඳුම
🍀Ashi Herbal Hair Oil
🍀100% ස්වභාවික ශාක සාර 32 යොදාගෙන නිපදවන Ashi Herbal Hair Oil භාවිතා කර නීරෝගි , ශක්තිමත් , දිගු වරලසක් හිමි කර ගන්න.
🍀හිසකෙස් හැලීම නවතා දමයි
🍀අලුත් හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
🍀අකලට හිසකෙස් සුදු වීම වැළක්වයි.
🍀හිස්හොරි නැති කර හිස් කබලේ තෙතමනය රැක දෙයි.
🍀ඩයි කෙමිකල් නිසා හානි වූ හිසකෙස් සුවපත් කරයි.
🍀සෙම් රෝග පාලනය කරයි
🍀ශක්තිමත්, දිදුලන, දිග කෙස් කලඹක් ලබා දෙයි
ඔබේ කොණ්ඩයට හොඳම ආයුර්වේද මිතුරා
Ashi Herbal Hair Oil
දැන්ම ඇනවුම් කරන්න
🎀100ml - Rs.1650/=
🎀200ml - Rs.2650/=
🚛Delivery - Rs.150/=
⭕ඔබත් මෙහෙම අයෙක් නම් සැලකිලිමත් වෙන්න..
13/12/2025
13/12/2025
🌼මුහුණ තරමටම අපේ දෑතත් ලස්සන වෙන්න ඕන.ඒත් දෑත් අවපැහැ වීම බොහෝ දෙනෙකුට ඇත්තටම ගැටලුවක් ඒ වගේම මුහුණට , කොණ්ඩයට බොහෝ සත්කාර කරන අපිට දෑත් අමතක වී යනවා.
දෑත් අවපැහැ ගැනීම වළක්වා ගන්න කළ හැකි සත්කාර ගැන අපි හොයලා බලමු.,
1. අව්වේ වැඩ කරද්දී සහ අධික ලෙස ජලය භාවිතා කරද්දී ග්ලවුස් භාවිතය.
මේ තුලින් ඔබේ දෑත් වල සම ආරක්ෂා වේවි.
2. එලවලු කපන විටදී දෑත්
සමහර එලවලු කැපීමෙන් ඔබේ දෑත් වල කහට ගතියක් රැඳෙනවා.එවිට දෙහි බෑයක් ගෙන එහි ලෙල්ලෙන් ඔබේ දෑතේ අවපැහැ ස්ථාන හොඳින් පිසදාන්න.
ඒ වගේම පලා වර්ග කපන විට අතේ ඇඟිලි කැපෙනවනම් මහපට ඇගිල්ලට ආවරණයක් දාගන්න ඔයාට පුලුවන්
3. සතියකට සැරයක් වත් ස්වභාවික ස්ක්‍රබ් එකකින් දෑත් හොඳින් ස්ක්‍රබ් කරල moisturizer ක්‍රීම් එකක් ආලේප කරන්න.
මේ විදිහට දෑත් අව පැහැ ගැන්වීම වළක්වා ගන්නා මෙන්ම අවපැහැ දෑතට ස්වභාවික සත්කාර කරන්න පුළුවන්. අපි ඒ ගැන ටිකක් කතා කරලා බලමු.,
1. හොදින් දෑත් සම්බාහනය කිරීම
*දෙහි බෑයක යුෂ හෝ බිලිං ඉස්ම වලින් අත් හොඳින් සම්බාහනය කරන්න.
*කෝමාරිකා ඉස්ම වලින් සම්බාහනය කරන්න.
ඇඟිලි වටේ කරකමින්, දෑත් උඩ සිට පහළට පිරිමදිමින් සම්බාහනය කර ගන්න.
2. ස්වභාවික ස්ක්‍රබ් එකක් නිවසේදීම කිරීම
දෙහි බෑයක යුෂ සහ සීනි එකට මිශ්‍ර කර අත් දෙක ස්‍ක්‍රබ් කරන්න
3. පැක් එකක් දැමීම.
කහ දොඩම් ලෙල්ලක් වේලා කුඩු කර ඉන් තේ හැන්දක් බේකින් සෝඩා තේ හැන්දක්, කඩල පිටි තේ හැන්දක් සමඟ ෆ්‍රෙෂ් මිල්ක් මිශ්‍ර කර හොඳින් අනා අත් වල විනාඩි විස්සක් ගල්වා තබන්න.
මේ සත්කාරවලින් ඔබේ දෑත් නැවත ලස්සන කර ගන්න ඔබට හැකි වේවි.
13/12/2025
🧄මී පැණි වල ගිල්වපු සුදු ළූණු වල ඇති අරුම පුදුම ගුණ ගැන ඔබ දන්නවද?
🌼මී පැණි වල ගිල්වපු සුදුලූණු එහෙමත් නැත්නම් Garlic Honey කියන්නේ අපේ රටේ වැඩිය ජනප්‍රිය නැති උනත් සමහර රටවල් වල නම් ඉතාම ජනප්‍රිය කෑමක්.
🌼මී පැණි වල ගිල්වපු සුදුළුණු කියන්නේ කෑමකට අමතරව බොහෝ රෝග වලට ඖෂධයක්
🌼විටමින්, යකඩ, කැල්සියම්. සින්ක්, පොටෑසියම් වගේ පෝෂ්ය පදාර්ථ ගණනාවකින් පරිපුර්ණ වෙන මී පැණි ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක්ද වෙනවා.
🌼ඒ වගේම මී පැණි වලට අපේ ශරීරයේ ඕනෑම නාලයක් තුලින් ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. මේ නිසාම සමහර ඖෂධ මී පැණි සමඟ මිශ්‍ර කර ලබා ගන්නෙ කියන්නෙ ඒකයි.
මී පැණි වල ගිල්වූ සුදුළුනු වලින් බික් එක බැගින් උදෑසන හිස් බඩ ආහාරයට ගැනීමෙන්
❤️අධි රුධිර පීඩනය
❤️අධික කොලෙස්ටරෝල් පාලනයට විශාල උපකාරයක් ලැබෙනවා.
❤️ඇස් වල පෙනීම වැඩි කරනවා
❤️මලබද්ධය වගේ තත්වයන් වලක්වනවා
❤️තරබාරු පුද්ගලයන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරනවා
12/12/2025
🌼බෙලි මල් කියන්නේ වටිනා ඖෂධයක් කියලා අපි හැමෝම දන්නවනේ.
බෙලි වල වටිනාකම මෙතෙකැයි කියන්න බෑ. බෙලි ගසේ පංචාංගය ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රයෝජනයට ගන්නවා.
ලස්සන ගැන හිතන ඔයාට දිනපතා බෙලි මල් කෝප්පයක් බීම බෙලි ජුස් එකක් බීම ඉතා ගුණදායකයි.
බෙලි ආහාරයට ගැනීම මගින්,
🍀 සම පැහැපත් කරයි
🍀 සමේ රැලි ඇතිවීම වළකයි
🍀 දහදිය දුර්ගන්ධය නැති කරයි
🍀 රුධිරය පිරිසිදු කරයි
🍀 ගැස්ට්‍රික් රෝගය සඳහා ඉතා ගුණදායකයි
🍀 ඇඟේ උෂ්ණය අඩු කරයි
🍀 උදාසීන බව නැති කරයි
🍀 ඇස් පෙනීම වර්ධනය කරයි
🍀 දියවැඩියාව පාලනය කරයි
🍀 ආහාර අරුචිය නැතිකරයි
🍀 හදවත් රෝග පාලනය කරයි
🍀 ශරීර අභ්‍යන්තරයේ විෂ නසයි
බෙලි ගෙඩිය තන්තු බහුල ආහාරයක්.බෙලි ගෙඩි වල මදය ගෙන ජුස් එකක් විදියට හදලා බොන්න පුළුවන්. ඒ වගේම බෙලි ගෙඩිවල කටුව තම්බා බීම ගැස්ට්‍රික් රෝගින්ට ඉතා හොඳයි.
අපි බාහිරින් සමට කරන සත්කාර වලට වඩා වැඩි ප්‍රතිඵලයක් ශරීර අභ්‍යන්තරයට කරන දේවල් වලින් ලැබෙනවා.
12/12/2025
🌺අධික ලෙස හිසකෙස් ගැලවීයාමෙන් ඔබත් පීඩා විඳිනවද?
🌺හිස කෙස් වර්ධන වේගය අඩුයි ද? එහෙනම් මෙන්න විසඳුම
🌺ආයුර්වේද ඖෂධ 32 කට අධික වට්ටෝරුවක් යටතේ සාදන ලද Ashi Herbal Hair Growth Oil එක භාවිතා කීරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ 👇
☘️අලුත් හිසකෙස් වර්ධනය කරයි.
☘️හිසකෙස් අධික ලෙස ගැලවීයාම නවතාලයි.
☘️හිස්හොරී සුව කරයි.
☘️අකලට හිසකෙස් පැහීම නැවතයි.
☘️කෙස් ගසෙහි මුල ශක්තිමත් කරයි.
☘️හිස් කබල සහ හිසකෙස් අධික ලෙස වියළීම නවතාලයි.
☘️කෙමිකල් නිසා හානි වූ හිසකෙස් යථා තත්ත්වයට පත් කරයි.
☘️අධික හිසරදය දුරු කරයි.(මිග්‍රේන්)
☘️සෙම් රෝග පාලනය කරයි.
🍀100ml >>> Rs .1,650/=
🍀200ml >>> Rs .2,650/=
🚛 Delivery>> Rs.150/=
🌺Sir/Madam
ඔබට මිලදී ගැනීමට අවශ්‍ය 100ml ද 200lm ද?
11/12/2025
🌼හැමදාම උණු වතුර බිව්වහම මොකද වෙන්නේ කියල ඔබ දන්නවද??
අපි එක එක විදියට වතුර බොනවනේ. සමහරු සීතල වතුර බොනවා, සමහරු සාමාන්‍ය වතුර බොනවා, සමහරු වතුර උණු කරලා නිවල බොනවා,තවත් අය උණු වතුර තරමක් රස්නෙන් බොනවා. කොහොමටත් අපේ ශරීරයට ජලය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්.
❤️දැන් මේ කියන්න යන්නේ අර අන්තිම ක්‍රමේ ගැන. ඒ කියන්නේ, තරමක් රස්නෙන් වතුර බිව්වම ලැබෙන ප්‍රතිලාභ ගැන. මේ ටික කියෙව්වට පස්සේ අනිවාර්යයෙන්ම ඔබ උණු වතුර බොන්න පටන් ගන්නවා.
1. ශරීරයේ තියෙන විෂ පහසුවෙන්ම ඉවත් කරනවා..
මේ වෙද්දී අපි කන්නේ, බොන්නේ ගොඩක් විෂ සහිත දේවල්.. ඒවා අපේ ශරීරයේ තැන්පත් වෙනවා.. අපි උණු වතුර බොද්දි අපේ ශරීරයට දහඩිය දැමීම මගින් මේ විෂ ශරීරයෙන් පිට වෙනවා.
2. වයසට යාම පාලනය කරනවා
ශරීරයේ විෂ තිබෙද්දී වයසට යාම වේගවත් වෙනවා.. උණු වතුර බීම මගින් ශරීරයේ විෂ හරණය වන නිසා වයසට යාම ප්‍රමාද කරනවා.. අකලට වයසට යන එක කල් දා ගන්න උණු වතුර වලට පුළුවන්. හමේ නම්‍යශීලිත්වය වැඩි කරන සයිල වර්ධනය වනවා වගේම සමේ සුමුදු බවත් වර්ධනය වෙනවා.
3. ඔසප් වේදනාව අඩු කරනවා
උණු වතුර බීමෙන් උදරයේ මාංශ පේශී ලිහිල් වීමක් සිදු වනවා. ඒ මගින් සහනයක් ලැබෙනවා. හැමදාම උණු වතුර බොන කෙනෙක් ට ඔසප් වේදනාව බොහෝ සෙයින් අඩු කර ගන්න පුළුවන්.
4. ආහාර හොඳින් ජීර්ණය වෙනවා
අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව තැන්පත් වෙලා තිබෙන මේද කොටස් දිය කර හරින්න උණු වතුර වලට පුළුවන්. ඒ වගේම මල බද්දයටත් උණු වතුර බෙහෙවින්ම ගුණ දායකයි. ඒ වගේම කොලෙස්ටරෝල් වගේ බෝ නොවන රෝග බොහෝමයක් පාලනය කරන්න උණු වතුර වලට පුළුවන්.
5. කේශ කල්‍යාණය වඩවනවා
ශක්තිමත්, පෘෂ්ටිමත් දිගු කොණ්ඩයක් ලබා ගන්නට උණු වතුර වලට පුළුවන්. හිසකේ වල කෙලවර ශක්තිමත් කරලා, වැඩීමේ වේගය පස් ගුණයකින් වැඩි කරන්නට නිතර උණු වතුර බීමෙන් හැකියාව ලැබෙනවා.
ඉතින් ඔබත් නිතරම ටිකක් රස්නෙන් උණු වතුර බොන්න පුරුදු වෙන්න ☺️
11/12/2025
🌼ඔයත් කැමතිද ඔයාගේ ඇහි බැම ඝනව වවාගන්න.
අපි බලමු මොනාද කරන්න පුළුවන් කියලා
කෘත්‍රිම ව ඇහිබැමි නිර්මාණය කිරීමට විශාල මුදලක් වැය නොකර ගෙදරදී ම ඇහිබැමි වර්ධනය කර ගැනීමේ ස්වභාවික සත්කාරයක් කරමු.නිවැරදිව මෙය සිදු කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.
🌹අවශ්‍ය දේවල්
🍀ඇලෝජෙල් මේස හැන්දක්
🍀එඬරු තෙල් මේස හැඳි තුනක්
🍀තේ කොළ තේ හැඳි කාලක් පමණ
🍀ලැවැන්ඩර් තෙල් බින්දු දෙකක්
🌹සාදාගන්නා ආකාරය
එඬරු තෙල් ටික කුඩා භාජනයක දමා ඩබල් බොයිල් ආකාරයෙන් රත් කර, එයට තේ කොළ එක් කරන්න. පැහැය වෙනස් වන තුරු කලවම් කරමින් රත් කරන්න. ඉන්පසු එය පෙරා ගන්න. දැන් එය නිවුණු පසු ඉතිරි ද්‍රව්‍ය එක් කරන්න. මෙය වියළි බඳුනක දමා භාවිතා කරන්න.
🌹භාවිතා කරන ආකාරය
රාත්‍රියේ නින්දට පෙර මුහුණ සෝදා හොඳින් තෙත මාත්තු කර සකසා ගත් සීරම් එකෙන් බින්දුවක් ගෙන ඇහි බැමි දෙක මත ආලේප කර හොඳින් උරාගන්නා තුරු තත්පර තිහක් පමණ මෘදු ව මසාජ් කරන්න.පසු දා උදෑසන සෝදා හරින්න.
මෙම සත්කාරය මාස දෙකක් පමණ නොකඩවා සිදු කරන්න.
11/12/2025
🌺අධික ලෙස හිසකෙස් ගැලවීයාමෙන් ඔබත් පීඩා විඳිනවද?
🌺හිස කෙස් වර්ධන වේගය අඩුයි ද? එහෙනම් මෙන්න විසඳුම
🌺ආයුර්වේද ඖෂධ 32 කට අධික වට්ටෝරුවක් යටතේ සාදන ලද Ashi Herbal Hair Growth Oil එක භාවිතා කීරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ 👇
☘️අලුත් හිසකෙස් වර්ධනය කරයි.
☘️හිසකෙස් අධික ලෙස ගැලවීයාම නවතාලයි.
☘️හිස්හොරී සුව කරයි.
☘️අකලට හිසකෙස් පැහීම නැවතයි.
☘️කෙස් ගසෙහි මුල ශක්තිමත් කරයි.
☘️හිස් කබල සහ හිසකෙස් අධික ලෙස වියළීම නවතාලයි.
☘️කෙමිකල් නිසා හානි වූ හිසකෙස් යථා තත්ත්වයට පත් කරයි.
☘️අධික හිසරදය දුරු කරයි.(මිග්‍රේන්)
☘️සෙම් රෝග පාලනය කරයි.
🍀100ml >>> Rs .1,650/=
🍀200ml >>> Rs .2,650/=
🚛 Delivery>> Rs.150/=
🌺Sir/Madam
ඔබට මිලදී ගැනීමට අවශ්‍ය 100ml ද 200lm ද?
11/12/2025
🌼ඔබත් උදෑසනම කුරුඳු තේ පානය කරනවද?( Cinnamon tea )
🌼කුරුඳු තේ පානය කිරීම සුදුසුද? 🤔🤔
❤️ඉතාම රසවත් පානයක් වන කුරුඳු තේ බීමෙන් ඔබට වාසි බොහොමයක් තියනවා
1.ප්‍රතිඔක්සිකාරකවලින් අනූන නිසා බෝනොවන රෝග රැසකින් හා වයසට යාමෙන් ඔබ වළකාවී.
2.හදවතේ රෝග වලින් ඔබ ආරක්ෂා කරයි.
3.රුධිර ගත සීනි මට්ටම පහත හෙළීම.
4.අනවශ්‍ය බර පාලනය කිරීමේ හැකියාව.
5.බැක්ටීරියා සහ දිලීර නැසීමේ හැකියාවෙන් යුක්තයි.
6.ඔසප් වේදනා අඩු කිරීමේ හැකියාව.
🌼කුරුඳු ඉතා හොඳ ස්වාභාවික පානයක්.
එහෙත් ස්වාභාවික හෝ කෘත්‍රීම ඕනෑම දෙයක් සීමා රහිතව භාවිතා කිරීම කෙසේවත් සුදුසු නැහැ.එනිසා හොඳ කුරුඳු කුඩු මේස හැන්දක් දිනකට වැඩුණු මිනිසෙක්ට ප්‍රමාණවත්.
නිසි ප්‍රමාණයෙන් කුරුඳු තේ පානය කර එහි ප්‍රයෝජන ඔබත් අත්විඳ ගන්න
11/12/2025
🌼Let's make a face serum at home with flax seeds
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kalutara
