Vindy's Diary

Vindy's Diary

Share

Entrepreneur 🇱🇰
Founder & Owner @vindysofficial 💸
Lifestyle | Home Cooking | Daily Vlogs 🍲🎥

Photos from Vindy's Diary's post 04/08/2026

මහ රෑත් නිදාගන්නැතුව පෝන් එක දිහා බලාගෙන ඉන්නවට හොඳ වැඩේ ඔහේලට 😹
දැන් ඉතින් කෙල ටිකක් ගිලලා නිදාගන්න ඔන්න ඔහේ 🙂

lGood night 🫶🏻❤️

04/08/2026

Nothing feels better than opening packages filled with things you’ll use every single day.

04/08/2026

එන්න මාත් එක්ක අපේ AVIZ & VINDYS Brand එකේ Flagship store එක බලන්න යමු 🫶🏻🥰

Photos from Vindy's Diary's post 03/08/2026

අපේ ගෙදර මල් වැල ගැන අහපු අයට තමයි ඉතින් මේ පෝස්ට් එක 🙈✨

මේකේ නම තමයි " බළල් පහුරු" එහෙමත් නැත්නම් "cats claw creeper" කියලත් කියනවා.

මේක දකුණු ඇමරිකාවෙන් ආරම්භ උන ශාකයක් කියලා තමයි කියන්නේ.සදාහරිත ශාකයක් නිසා අවුරුද්ද පුරාම කොල පාටට තියනවා.ඒ වගේම ගොඩක් වේගෙන් මේක වර්ධනය වෙනවා.

“බළල් පහුරු” කියන්නේ මේකෙ තියන කුඩා නියපොතු වගේ අල්ලු (tendrils) නිසා.. ඒවා බිත්තිවලට හෝ වෙනත් ආධාරක තදට අල්ලගෙන ඉහලට නගිනවා.ඔයාලට පැල තාවාන් වලින් මිලදී ගන්නත් පුලුවන්.නැත්නම් චූටි අතු කැල්ලක් පොඩි පෝච්චියක හදලා මුල් ඇද්දම ඔයාහේ තාප්පේ හෝ වැට අයිනෙන් බිම හදන්න මේක.
හොඳට අව්ව තියනවානම් මේක ඉක්මණට නීරෝගීව වැඩෙනවා වගේම මේ වැල ඉතා වේගයෙන් පැතිරෙන නිසා මාස කිහිපයකට වරක් කප්පාදු කරොත් තමයි හොඳ.. 🫶🏻❤️

Photos from Vindy's Diary's post 03/08/2026

ලංකාවේ කොහේ ගියත් ඉතින් Rice & curry එකක් කෑවේ නැතනම් මට ඒ දවසෙන් වැඩකුත් නෑ ඒ ගමනෙන් වැඩකුත් නෑ 😩😋

03/08/2026

මේ දවස්වල වයිරස් උණ හැදිලා මොනවා කෑවත් රසක් දැනෙන් නැති අයට නම් බත් කන්න ගැලපෙනම කෑමක් මේක.

02/08/2026

සෝයාමීට් වලින් මෙච්චර රස සැන්ඩ්විච් එකක් කාලා තියනවද ඔයාලා 😱😍

Photos from Vindy's Diary's post 02/08/2026

Before,After and Now 🥰🫶🏻

මන් ආස උනේ කොල පාටට පිරුන,box type ,cozy,minimal, සහ one story house එකකට.ඉතින් මේ තියන්නේ ඒක හැදුන හැටි සහ දැන් තත්වය ✨

මගෙන් ගොඩක් අය මැසෙජ් දාලා අහනවා ගෙදර ගැන විස්තර කවුද ඩිසයින් කරේ වගේ දේවල්. ඇත්තටම අපි ගෙදර ඩිසයින් කරන්න නම් කාටවත් දුන්නේ නෑ.අපි දෙන්න තමයි මේ ඔක්කම දේවල් අපේ ideas වලට ගැලපෙන විදියට design කරගත්තේ.ටික ටික තමයි හැදුවෙත්.තාමත් හදන්න දේවල් ඉතුරු වෙලා තියනවා..

අපි ලොකු කම්පැනීස් වලට බාර දුන්නෙත් නැහැ.අපේම අඳුරන මේ fields වල ඉන්න අපේ යාලුවොන්ට තමයි ගොඩක් වැඩ අපි භාර දුන්නේ. හස්බන්ඩ් නිසාම එයාලා ඇත්තටම කිසිම පුංචිම අඩුපාඩුවක්වත් නැතුව හරිම ලස්සනට සහ පිලිවෙලට අපේ වැඩ ටික අපිට කරලා දුන්නා.
අදත් ඔන්න ගෙදර වැඩ වගයක් යනගමන් තියන්නේ 🙈

ඉතින් ඔයාල හැමෝටමත් ඔයාලගේ හීන ඔයාලා ප්‍රාර්ථනා කරන විදියටම හැබෑ කරගන්න ලැබෙන්න කියලා මන් හදවතින්ම wish කරනවා.

විස්තර මොනවාහරි දැනගන්න ඕනී අය මැසේජ් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මන් දන්න හැමදේම කියලා දෙන්නම් 🫶🏻❤️

゚viralシfypシ゚

01/08/2026

ගමේ රසට අඹ කරියක් 😍🤤

01/08/2026

මේක ලස්සනයි රසයි දෙකම තියන බිරියානි එකක් 😋 හදලා බලන්නකෝ

゚viralシ ゚viralシfypシ゚

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kurunegala
60000