SALON ANU J

SALON ANU J

Share

සිහින ජීවිතය ජයගැනීමට වෙර දරන ඔබ වෙනුවෙන්ම,එහි යතාර්ථය උදෙසා SALON ANU-J & ACADEMY 🎓🤝💎
අපගේ ශාඛාවන් 👇
කුරුණෑගල/නුවර/කඩවත/දඹුල්ල
📞076 5760750

Photos from SALON ANU J's post 03/08/2026

දවසින් දවස මගේ ළමයි ජිවිතේ දිනද්දී ඒක මාරම සතුටක් 🥺.ඇත්තටම ගොඩාක් සතුටුයි මේ ජයග්‍රහණයට හදවතින්ම 💐 මේ ඔයාගේ පටන් ගැනීම විතරයි ..තව යන්න තියෙනවා ගොඩාක් දුර 💯 අද දවසේ සතුටු හිතෙනම Archivement එක 💎 congratulations පුතා හදවතින්ම 💜️💎💯

30/07/2026

💈 GENTS HAIR CUTTING & BEAUTY COURSE – 2026

ඔබත් Professional Barber කෙනෙක් වී ඉහළ ආදායමක් සහිත වෘත්තියක් ගොඩනගා ගැනීමට කැමතිද?

Salon Anu-J & Academy සමඟ මාස 02ක 100% Practical Training පාඨමාලාවට අදම සම්බන්ධ වෙන්න.

📅 ආරම්භය - අගෝස්තු 15 සෙනසුරාදා

📍 කුරුණෑගල ශාඛාව

🕘 වේලාව - පෙ.ව. 9.30 සිට ප.ව. 3.30 දක්වා (සෙනසුරාදා දිනවල පමණි)

✨ පාඨමාලාවේ විශේෂතා

✅ 100% Practical Training

✅ Basic සිට Professional Level දක්වා පුහුණුව

✅ Modern Hair Cutting Techniques

✅ Hair Setting, Shaving, Facial, Massage සහ තවත් බොහෝ Practical Sessions

✅ Salon Job එකකට එක්වීමට හෝ තමන්ගේම Salon එකක් සාර්ථකව ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබාදේ💯

📲 සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින්, වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම 076 5760 750 දුරකථන අංකයට WhatsApp Message එකක් යොමු කරන්න.

#

30/07/2026

✂️ LADIES HAIR CUTTING & SETTING COURSE – 2026

Hair Styling ක්ෂේත්‍රයේ Professional Career එකක් ආරම්භ කරන්න කැමතිද?

Salon Anu-J & Academy සමඟ මාස 02ක 100% Practical Ladies Hair Cutting & Setting Course එකට අදම සම්බන්ධ වෙන්න.

📅 ආරම්භය - අගෝස්තු 14 සිකුරාදා

📍 කුරුණෑගල ශාඛාව

🕘 වේලාව - පෙ.ව. 9.30 සිට ප.ව. 1.30 දක්වා (සිකුරාදා දිනවල පමණි)

✨ පාඨමාලාවේ විශේෂතා

✅ 100% Practical Training

✅ Basic සිට Professional Level දක්වා පුහුණුව

✅ One Length, U Cut, V Cut, Bob Cut, Layer Cut, Butterfly Cut, Feather Cut සහ තවත් Modern Hair Cutting Techniques

✅ Hair Sectioning හා Professional Hair Setting Techniques

✅ Salon Job එකකට එක්වීමට හෝ තමන්ගේම Beauty Salon එකක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ පුහුණුව

📲 සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින්, වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම 076 5760 750 දුරකථන අංකයට WhatsApp Message එකක් යොමු කරන්න.

27/07/2026

මේ අවුරුද්දේ මගේ ජීවිතයට ලැබුණු අත්දැකීම් එක්ක මට එක දෙයක් හොඳටම තේරුණා…

අපේ සමාජයේ සමහරුන්ට, මිනිහෙක් දුප්පත්ව ඉන්නකම් ඔහු “හොඳ මිනිහෙක්.”

බයිසිකලයක යනකම් “අහිංසක මිනිහෙක්.”

අසරණව උදව් ඉල්ලනකම් “පව් මිනිහෙක්.”

හැබැයි ඒ මිනිහා කට්ට කාලා, දුක් විඳලා, නිදි නැති රෑවල් ගෙවලා, තමන්ගේම ශක්තියෙන් වාහනයක් අරගෙන, ගෙයක් හදාගෙන, ව්‍යාපාරයක් ගොඩනඟාගෙන සතුටින් ජීවත් වෙන්න පටන්ගත්ත දවසට—ඔහු එකපාරටම “නරක මිනිහෙක්” වෙනවා.

ඇත්තටම වෙනස් වුණේ ඒ මිනිහා නෙමෙයි.

ඔහුගේ දියුණුව දරාගන්න බැරි ඔබේ හිතයි.

කාර් එකක ගිය මිනිහා ආයෙත් බයිසිකලයක යනවා දකින්න බලාගෙන ඉන්න ඔබට, බයිසිකලයක ගිය මිනිහා කාර් එකක යනවා දැක්කම දරාගන්න බැරි ඇයි?

ඔහු වැටෙනකම් “පව්” කියපු ඔබ, ඔහු නැගිට්ටම “හොරෙක්” කියන්නේ ඇයි?

මිනිහෙක් දියුණු වුණාම ඔහුගේ මහන්සිය පිළිගන්න තරම් හිතේ ලොකුකමක් නැති සමහරු,

“නිධානයක් ලැබිලා ඇති…”

“කුඩු බිස්නස් කරනවා ඇති…”

“මොකක් හරි වැරදි වැඩකින් හම්බකරලා ඇති…”

කියලා කතා හදනවා.

ඒ කතා ඇහෙද්දී මට තරහක් නෙමෙයි දැනෙන්නේ. ලැජ්ජාවක් දැනෙන්නේ.

මොකද තවත් මිනිහෙකුගේ සාර්ථකත්වය දැක්කම, තමන්ගේ අසාර්ථකත්වය වහගන්න ඔහුට මඩ ගහන්න සිද්ධ වෙන තරමට සමහර මිනිස්සු හිතින් දුප්පත් වෙලා.

මතක තියාගන්න…

ඔබට ළඟා වෙන්න බැරි තැනකට තවත් මිනිහෙක් ළඟා වුණා කියලා, ඔහු හොරෙක් වෙන්නේ නැහැ.

ඔබට කරන්න බැරි දෙයක් තවත් කෙනෙක් කළා කියලා, ඒක වංචාවක් වෙන්නේ නැහැ.

ඔබ නිදාගෙන සිටි රෑවල්වල ඔහු වැඩ කළා වෙන්න පුළුවන්.

ඔබ විනෝද වුණු දවස්වල ඔහු තමන්ගේ හීනය වෙනුවෙන් හැම දෙයක්ම කැප කළා වෙන්න පුළුවන්.

ඔබ ඔහුට හිනා වුණු වෙලාවේ, ඔහු නිහඬව තමන්ගේ අනාගතය ගොඩනඟමින් සිටියා වෙන්න පුළුවන්.

ඔබ දකින්නේ අද ඔහු පදින වාහනයයි.
නමුත් ඔහු පයින් ගිය දුර ඔබ දැක්කේ නැහැ.

ඔබ දකින්නේ අද ඔහුගේ ගෙදරයි.
නමුත් ඒක හදන්න ඔහු ගෙවපු නිදි නැති රාත්‍රී ඔබ දැක්කේ නැහැ.

ඔබ දකින්නේ අද ඔහුගේ ව්‍යාපාරයයි.
නමුත් ඒක බේරාගන්න ඔහු තනිවම අඬපු දවස් ඔබ දැක්කේ නැහැ.

ඔබ දකින්නේ ඔහුගේ සිනහවයි.
නමුත් ඒ සිනහව පිටුපස තිබුණු වේදනාව ඔබ දන්නේ නැහැ.

එහෙම කිසිවක් නොදැන, ඔහු ගැන කතාවක් හදලා සමාජයට කියන ඔබ—ඇත්තටම හෙළි කරන්නේ ඔහුගේ චරිතය නෙමෙයි. ඔබේම චරිතයයි.

මම ගැන කිව්වොත්, මගේ ඇතුළේ තියෙන හැකියාවේ සීමාව මොකක්ද කියලා සමහර වෙලාවට මමවත් දන්නේ නැහැ. හැබැයි මාව ඇත්තටම දන්න අය මම කවුද කියලා දන්නවා.

සමහර සමාගම් සහ කර්මාන්තශාලා ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය පවා මට පෙන්වන්නේ නැහැ. දවසක් මම ඒකට හේතුව ඇහුවා. ඔවුන් කිව්වේ,

“මේවා ඔයාට පෙන්නුවොත්, අනාගතයේදී අපිට අපේ ව්‍යාපාර වහන්න වෙයි…”

කියලා.

ඒ දවසේ මට මම කවුද කියලා තවත් කෙනෙකුගේ වචනවලින්ම තේරුණා.

මගේ හැකියාව ගැන මම කෑගහලා කියන්න ඕනෑ නැහැ. මාව නවත්වන්න උත්සාහ කරන අයගේ බයම, මගේ හැකියාවට හොඳම සාක්ෂියයි.

ඒ නිසා ලංකාවේ අලුතින් දෙයක් කරන්න හදන මිනිහෙකුට පුළුවන් නම් අත දෙන්න.

අත දෙන්න බැරි නම් නිහඬව ඉන්න.

ඔහුගේ කකුලෙන් අදින්න එපා.
ඔහුගේ නමට මඩ ගහන්න එපා.
ඔහුගේ දියුණුවට බොරු කතාවක් හදන්න එපා.

තවත් මිනිහෙකුගේ පහන නිවලා ඔබේ අඳුර නැති කරගන්න බැහැ.

ඔබේ ව්‍යාපාරය පසුපසට යන්නේ තවත් කෙනෙක් ඉදිරියට ගිය නිසා නෙමෙයි. ඔබේ හැකියාව, කැපවීම සහ වෙනස් වීමට තිබුණු බය නිසයි.

අනිත් මිනිහා වට්ටන්න ගත කරන කාලය, ඔබව ගොඩනඟාගන්න යොදාගත්තා නම් අද ඔබත් ඉහළ තැනක ඉන්න තිබුණා.

අවසානයේ මං ගැන කතා හදපු හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි…

ඔබ මගේ ජීවිතයේ අවසාන ප්‍රතිඵලය දැකලා තීන්දුව දුන්නා. හැබැයි ඒ ප්‍රතිඵලය වෙනුවෙන් මම ලියපු විභාගය ඔබ දැක්කේ නැහැ.

ඔබ මගේ ජයග්‍රහණය දැක්කා.
මගේ සටන දැක්කේ නැහැ.

ඔබ මගේ වාහනය දැක්කා.
මගේ පයින් ගිය ගමන දැක්කේ නැහැ.

ඔබ මගේ සිනහව දැක්කා.
මගේ කඳුළු දැක්කේ නැහැ.

ඔබ මං ගැන කතා කළා.
මම මගේ අනාගතය හැදුවා.

දවසක මගේ සම්පූර්ණ කතාව ඔබට දැනගන්න ලැබුණම, මං ගැන කියපු දේවල් මතක් වෙලා ඔබටම ඔබ ගැන ලැජ්ජා හිතේවි.

එදාට මං ඔබට කිසිම දෙයක් කියන්නේ නැහැ.

මොකද මගේ පිළිතුර වචනවලින් නොවෙයි—මම ගොඩනඟපු ජීවිතයෙන්ම ලැබේවි.

මාව වැටෙනවා දකින්න බලාගෙන හිටපු අයට…

කණගාටුයි.

ඔබ බලාගෙන හිටියේ වැරදි මිනිහෙක් දිහා.

මොකද මාව වට්ටන්න හදපු හැම වාරයක්ම, මම තවත් ශක්තිමත්ව නැගිට්ටා.

ඔබ මගේ අවසානය බලාගෙන සිටියාට, මම තවම පටන් ගත්තා විතරයි.🤟💯🔥

27/07/2026

• Ladies Hair Cutting course 🤟✨ එන්න හරිම දේ හරිම විදිහට ඉගෙන ගන්න.💯

27/07/2026

• Ladies Hair Cutting course 🤟✨

27/07/2026

• ජිවිතේ දිනන්න ඔයා එන්නම ඕනේ තැනක් මේක 🤟

27/07/2026

Tattoo course 🔥

27/07/2026
23/07/2026

🎯 දඹුල්ල සහ කුරුණෑගල Gents Hair Cutting & Beauty Course ✂️

✅ මාස 3ක සම්පූර්ණ පුහුණුව.

✅ සතියට එක් දවසකි.

✅ ගැහැණු පිරිමි වයස් භේදයකින් තොරව සහභාගී විය හැක.

✅ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

✅ Qualified Certificate හිමිවේ.

✅ තමන්ගේම Salon එකක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම ලබාදේ.

✅ නොමිලේ Ladies Hair Cut 04ක් උගන්වනු ලබයි.

📍 දඹුල්ල – අගෝස්තු 04 අගහරුවාදා දින
📍 කුරුණෑගල – අගෝස්තු 06 බ්‍රහස්පතින්දා දින

🕰️ උදෑසන 9.30 සිට දහවල් 1.30 දක්වා පාඨමාලාව පැවැත්වේ.

💰 Course Fee: Rs. 49,500
(මුල් ගෙවීම Rs. 19,500)

⚡ ලියාපදිංචි කිරීම සීමිත සිසුන් පිරිසක් සදහා පමණි!

📞 076 576 0750

📩 වැඩිදුර විස්තර සහ ලියාපදිංචිය සඳහා ඉහත WhatsApp අංකයට Message එකක් යොමු කරන්න.

Want your business to be the top-listed Hair Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kurunegala