Thashi thashi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thashi thashi, Health/Beauty, A111/12 NarNarangasmulla waththa kappagod mawanella, Mawanella.
25/09/2026
පුංචි පැටව් ඉන්න අම්මලව මානසිකව වට්ටන්න එපා… ❤️
පුංචි දරුවෙක් හදාගෙන ඉන්න අම්මා කෙනෙක් දිහා බලලා අපි කියන සමහර වචන, අපිට නම් පුංචි වචන වෙන්න පුළුවන්.
ඒත් ඒ අම්මාගේ හිත ඇතුළේ ඒවා ලොකු බරක් වෙන්න පුළුවන්.
ඒ නිසා පුංචි පැටියෙක් ඉන්න අම්මා කෙනෙක් ළඟදී විවේචනය කරන්න කලින්, මොහොතක් හිතන්න.
ගොඩක් අය කිසිම හේතුවක් නැතුව අම්මගේ පැත්තන් හිතන්නෙම නැතුව කියන වචන වලට අම්මලා මානසික හුගාක් වැටෙනවා...
බබාගේ නහය ඇදයි නේද?”
බාබාගේ බර මදි නේද?
අනේ ඒයා ඔයාල වගේ සුදු නෑ නේද
ඇයි ඒ පාට අඩු
මෙහෙම දේවල් ඔයාලා කියනවා නේද?
👉බබාගේ නහය, ඇස්, සම, හිස, ශරීරයේ හැඩය ගැන අනවශ්ය විදිහට කතා කරන්න එපා.
“බබාගේ නහය නම් ටිකක් ඇදයි වගේ…”
“පාට නම් ටිකක් වෙනස්…”
“මූණ නම් අර ළමයා වගේ නෙමෙයි…”
වගේ වචන අම්මාට අවශ්ය නැහැ.
ඇය තමන්ගේ දරුවා ගැන දැනටමත් දහස් වාරයක් හිතනවා ඇති.
දරුවාගේ ශරීරය ගැන අදහස් දක්වන්න කලින්, ඒක ඇත්තටම අවශ්යද කියලා හිතන්න.
👉අම්මාට බබා එක්ක නින්ද ගියොත් බනින්න එපා.
“බබා නිදාගන්නකොට ඔයාත් නිදාගන්නවද?”
“ගෙදර වැඩ කරන්නේ කවද්ද?”
“මම නම් ඔය වගේ නිදාගත්තේ නැහැ.”
" අපි ලමයි 6/7ක් හැදුව ඒත් වැඩ කලා..
" ඔහොම නිදාගත්තම මහත්තයට උයන්නේ කවුද?
කියලා අහන්න එපා..
අම්මාත් මනුෂ්යයෙක්. නිදි නැති රාත්රී ගණනාවකට පස්සේ ලැබෙන පුංචි නින්දක් ඇයට අවශ්ය විවේකයක් වෙන්න පුළුවන්. අනේ අම්මා බාබා එක්කම සැරින් සැරේ ඇහැරෙනවා.. කිරි දෙනවා.. ඉතින් අම්මට නින්ද යන්න බැරිද?
ඇයව දොස් කියනවා වෙනුවට, පුළුවන් නම් ඇයට තව ටිකක් විවේක ගන්න ඉඩ දෙන්න.
👉බබා කෑම කෑවේ නැත්තම් අම්මට බනින්න එපා.
“ඔයා හරියට කෑම දෙන්නේ නැද්ද?”
“ඔයාට දරුවෙක්වත් කවාගන්න බැරිද?”
“අපි නම් ඔහොම නෙමෙයි කළේ.”
" බලන්න ළමයා හොදටම කෙට්ටුයි"
" ඔය චුට්ට කවලා ඇතිද?
බබා කෑම ප්රතික්ෂේප කරන එක හැම වෙලාවෙම අම්මාගේ වරදක් නෙමෙයි. ඒ වෙලාවේ අම්මාට අවශ්ය වෙන්නේ දොස්කාරයෙක් වෙන්න නෙමෙයි, සහයෝගයක් ලබන්න.
👉බබා අඬද්දි “ඇයි අඬන්නේ?” කියලා අම්මාගෙන් ප්රශ්න කරන්න එපා.
විශේෂයෙන්ම අම්මාටත් හේතුව හරියට තේරෙන්නේ නැති වෙලාවක,
“ඇයි අඬන්නේ?”
“මොකද කරලා තියෙන්නේ?”
“බබාව බලාගන්න බැරිද?”
" පව් පොඩි එකා.ེ
" ඔයා බලාගන්න දන්නේ නෑ
" ඔය ලෙඩ වුනේ ඉයෙ එලියට එක්කන් ගිය නිසා..
කියන එක ඇයට තවත් පීඩනයක්.
ඒ වෙනුවට, මම ටිකක් බබාව අරගෙන බලන්නද?” ඔයාටත් මහන්සිනේ කියලා ඇයට කියන්න.
👉බබාට පිටි කිරි දුන්නාම අඩපාලි කියන්න එපා.
“මව්කිරි දෙන්න බැරිද?”
“පිටි කිරි දෙන එක හොඳද?”
“අපේ කාලේ නම් අපි අවුරුදු 4 කිරි දුන්නා
" ඇයි කිරි එරෙන්නේ නැත්තේ"
" දරු සෙනහසක්වත් නැ එකයි කිරි නැත්තේ ..
අම්මා කෙනෙක් තමන්ගේ දරුවාට කිරි දෙන ආකාරය ගැන අනවශ්ය විනිශ්චයන් දෙන්න එපා. විවිධ අම්මලාට විවිධ තත්ත්වයන් තියෙනවා.
ඇයගේ තීරණය පිටුපස අපි නොදන්න කතාවක් තියෙන්න පුළුවන්. සමහරවිට අම්මගෙ කිරි වලට අමතරව බාබාට පිටි කිරි ඩොක්ටර් නිර්දේශ කරන්නත් පුලුවන් ..
කිරි දෙන්න බැරි වුනා කියන්නේ අම්මා ආදරේ නෑ කියන එක නෙවෙයි ..
👉බබා බලාගන්න සේවිකාවක් ඉන්නවා නම් ඒකට කතා කියන්න එපා.
“ඔයාටම බබාව බලාගන්න බැරිද?”
“අම්මා කෙනෙක් වෙලා වෙන කෙනෙක්ට බාර දීලා?”
" ලමයව වෙන කෙනෙක් ලග තියන්න ලැජ්ජා නැද්ද"
දරුවෙක් බලාගන්න එක මහ දෙයක්ද?
අම්මාට උදව්වක් අවශ්ය වීම ඇය නරක අම්මා කෙනෙක් බවට සාක්ෂියක් නෙමෙයි. උදව් ඉල්ලන්න පුළුවන් වීමත් ශක්තියක්. අම්මෙක් දරුවෙක් හදනවා කියන්නේ අම්මා තනිකරම අම්මගේ නිදහස අහිමි කරගන්න එකට නෙවෙයි.. ...අම්මටත් අම්මගෙම ලෝකයක් තියෙනවා.. අම්මට්ද් පුලුවන් නම් අම්මා සේවිකාවක් තියාගත්තට කමක් නෑ..
👉බබාව Daycare එකකට දැම්මොත් බනින්න එපා.
“බබාව දාලා ඔයා වැඩට යනවද?”
“දරුවාට අම්මා නැතිව කොහොමද?”
“අම්මා කෙනෙක්ට ඔහොම කරන්න පුළුවන්ද?”
" පව් අහිංසකයා පොඩි කාලේ ඉදලම පිට තැන් වල හැදෙනව..
ඇය දරුවා වෙනුවෙන්ම රැකියාවකට යනවා වෙන්න පුළුවන්.
පවුල වෙනුවෙන් ආදායමක් උපයනවා වෙන්න පුළුවන්.
තමන්ගේ වෘත්තීය ජීවිතය රැකගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඔයාලට බලාගන්න බැරි නම් අම්මා තමන්ගේ බාබා ගැන ගන්න තීරන වලට දොස් කියන්න එපා.. මොකද අපි නොදන්න හේතු ගොඩක් තියෙන්න පුළුවන්.
👉බබාව දාලා ටිකක් එළියට ගියාම “වැරදියි” කියන්න එපා.
අම්මා කෙනෙක්ට දරුවෙක් ලැබුණා කියලා ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම නතර වෙන්න ඕන නැහැ. යාලුවෙක් හම්බවෙන්න යන්න ඇයට පුළුවන්. කෝපි එකක් බොන්න යන්න පුළුවන්.
තමන් කැමති තැනකට යන්න පුළුවන්. ටික වෙලාවක් තනිව ඉන්න පුළුවන්.
" අනේ ඔයා මහ පුදුම අම්මෙක් ලමයා දලා ගියෙ කොහොමද? පව් ඒ අහිංසකයා කියලා කියන්න එපා..
තමන් වෙනුවෙන් කාලයක් ගන්න එක දරුවාට ආදරය අඩු වීමක් නෙමෙයි.
අම්මා කෙනෙක්ට අපි දෙන්න ඕන දේ විවේචනයක් නෙමෙයි. සහයෝගයක්. ඒ නිසා ඊළඟ වතාවේ පුංචි පැටියෙක් ඉන්න අම්මා කෙනෙක් දැක්කම,
“බබා මෙහෙමද?” කියලා විවේචනය කරන්න කලින්,
“ඔයාට කොහොමද?” කියලා අහන්න.
“බබා හොඳින්ද?” කියන එකට කලින්,
“ඔයාට උදව්වක් ඕනද?” කියලා අහන්න.
මොකද සමහර වෙලාවට… බබා ගැන හැමෝම අහනවා.
ඒත් අම්මා ගැන කවුරුත් අහන්නේ නැහැ.
පුංචි පැටියෙක් හදාගෙන ඉන්න අම්මා කෙනෙක්ව තවත් මානසික පීඩනය පත් කරන්නේ නැතුව,
🌼ඇයට ටිකක් හුස්ම ගන්න ඉඩ දෙමු.
🌼අම්මාව ශක්තිමත් කරන්න.
🌼අම්මාව විනිශ්චය කරන්න එපා.
මොකද…
අම්මාගේ මානසික සුවතාවයත්, බබාගේ ලෝකයේම කොටසක්.
My healing journey with Hanz - Day 76
✍Psychological Counselling
Hansala Kumarihami
22/08/2026
#දැහැන
#නිහඬකතා
22/08/2026
THARUWA
21/08/2026
21/08/2026
Good Morning ❤️😊✨️
14/08/2026
❤️😌 තේරුනාද ළමයෝ !"
゚
Category
Website
Address
Mawanella
Alerts
Be the first to know and let us send you an email when Thashi thashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
