Neth Rush

Neth Rush

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neth Rush, Health/Beauty, 43/D/1 Liyanagemulla Seeduwa, Seeduwa.

20/02/2023

ඔබට අවශ්‍ය හෙළ ඔසු අපිට පුලුවන් හොයා දෙන්න.කථා කරන්න අපිට 0777857905/Whatsapp 0770738445

20/02/2023

ආතරයිටිස් වේදනාව නැතිකරන ගල්දෙමට වලින් හදන විශ්මිත අත්බෙහෙත...

ආතරයිටිස් කියන නම ඇහුනත් අපේ හිතට එන්නේ ලොකු කනස්සල්ලක්. මෙහි ඇති වේදනාව, දැඩි පීඩාව අපි හැමෝම කොහෙන් හෝ අහලා දැකලා තියෙනවා. අත්පා ඉදිමෙන, සන්ධි ඉදිමී වේදනා ගෙන දෙන මෙම රෝගී තත්වය සාමාන්‍ය ව්‍යවහාරයේ දී ආතරයිටිස් නමින් පොදුවේ හැඳින්නුවත් දේශීය හා ආයුර්වේද වෙදකම තුළ මෙය හඳුන්වන්නේ ආමවාතය නමින්. සන්ධි ඇසුරුකර පවත්නා සන්ධිගත වාතය ද ආතරයිටිස් ‍යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබනවා. මෙම ආමවාතය සහ සන්ධි වාතය තත්වයන් පළපුරුදු දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුට ඉතා පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකියි.

බොහෝ විට සන්ධිගත වාතයේදි සන්ධි ආශ්‍රිත කාටිලේජ වයසත් සමඟ ගෙවී යාමක් සිදුවන අතර ඇඟ­පත පොඩි කර­න්නාක් බඳු වේද­නාව, ආහාර අරු­චිය, පිපා­සය, කම්මැලිකම, ඇඟ­පතේ බර ගතිය, කෑ දෙය නොදි­ර­වීම, අත්පා ඉදි­මීම, උණ ඇති­වී­ම, අත්පා, හිස, බොලැට, තුන­ටිය, දණ­හිස්, කලවා යන සන්ධීන් වේදනා සහිත ඉදි­මු­මක් පෙන්වීම මෙම ආමවාත රෝගයේ රෝග ලක්ෂණ ලෙස අපට දැකිය හැකියි.

මෙම රෝගය ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ වැරදි ආහාර පුරුදු හා අපගේ ඇවතුම් පැවතුම් කිව්වොත් සමහරවිට එය ඔබ විශ්වාස කරන එකකුත් නැහැ. නමුත් ඇත්තම කතාව එයයි. අපගේ වැරදි ආහාර පුරුදු සහ වැරදි ඇවතුම් පැවතුම් මෙම ආමවාතය ඇති කිරිමට ප්‍රධාන වශයෙන් බලපානු ලබනවා.

මෙම ආමවාත රෝගයේදී අපගේ සන්ධීන් ඉදිමී අධික ලෙස වේදනා ගෙන දෙනවිට එම වේදනාවන් පහසුවෙන් නැතිකරගත හැකි වේදනා නාශකයක අත්බෙහෙතකුයි අද අපි ඔබට කියලා දෙන්නේ. මේ අත්බෙහෙතට ගොඩක් දේවල් ඕනි නෑ. හරිම සරලව හදාගන්න පුළුවන්.

🔴 අත්බෙහෙත සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :-
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=

🔶. ගල්දෙමට ශාකය
🔶. පිරිසිදු පොල් විනාකිරි ටිකක්
🔶. පිරිසිදු ලුණු ටිකක්

🔴 සාදාගන්නා අන්දම
=-=-=-=-=-=-=-=-=-=-=-=-=

ගල්දෙමට ශාකය හොඳින් පිරිසිදු කර කුඩා කොටස් වලට කපා වංගෙඩියේ දමන්න. ලුණු ස්වල්පයක් හා විනාකිරි ස්වල්පයක් ද මෙයට එක්කර මෘදු තලපයක් ලැබෙන සේ හොඳින් කොටාගන්න. (කොටාගැනීමට පහසු වන පරිදි විනාකිරි ස්වල්පයක් පමණක් මුලින් එක්කරගන්න. කොටාගත් පසු අවශ්‍ය නම් තවත් විනාකිරි පසුව එක්කරගත හැකියි.) මෙය ආලේපයක් ලෙස සකසා වේදනා සහිත තැන්වල ආලේප කරන්න. වේදනාව පහ වනතුරුම එය එම ස්ථාන වල තබාගන්න.

මෙය රෝගය උත්සන්න වීමත් සමඟ එය ක්ෂණික මැඩපැවැත්වීම සඳහා සකසාගනු ලබන අත්බෙහෙතකි. අවශ්‍ය නම් දිනක් හෝ දෙකක් ශීතකරණයේ තබා භාවිතයට ගත හැකියි. මෙය ඉතා පහසුවෙන් සාදාගත හැකි නිසා හොඳම දෙය නම් මෙය අවශ්‍ය වූ විට සකසාගැනීමයි.

🍀 පසුගිය ලිපි 🍀
•••••••••••••••••••••••••

🔸සන්ධි වේදනාවට පත්කරන, සන්ධි විකෘති කරවන ආමවාතය ගැන දැනුවත් වෙන්න. 👇
https://m.facebook.com/story.php?story_fbid=2096552583972567&id=1839559759671852

🔹ආතරයිටිස් සුවකරන හෙළ වෙදකමේ මහිමය 👇
https://m.facebook.com/story.php?story_fbid=2383942908566865&id=1839559759671852

🔸ආතරයිටිස් සුවකරන ඉපැරණි හෙළ වෙද වට්ටෝරුව 👇
https://m.facebook.com/story.php?story_fbid=2055663818061444&id=1839559759671852

🔹අතේ ඇඟිලි අකර්මණ්‍යය කරන ඔස්ටියෝ ආතරයිටිස් 👇
https://m.facebook.com/story.php?story_fbid=1956460907981736&id=1839559759671852

🧓 විස්තර :- පාරම්පරික දේශීය වෛද්‍ය හේරත් හේවාපතිරණ මහතා (තලගල වෙදමහතා)
📗 මූලාශ්‍ර තොරතුරු :- අත් බෙහෙත්
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© Copyright Protected .......................................................................
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
-----------------------------------------
#හෙළඅරණ #හෙළ_අරණ #ආතරයිටිස් #ආමවාතය

Photos from Welawa's post 20/02/2023
Photos from දැනුම්  සයුර's post 20/02/2023
20/02/2023

ඔබගේ දණහිස් අමාරුව නිට්ටාවටම සනීප කර ගැනීමට නම් මුළින්ම කොයි ලෝකෙන් හෝ ගංසූරිය ගහක් සොයා ගත යුතු ය. මීට වුවමනා කරන්නේ ගන්සූරිය ගසේ කොල හා පොතු ය.

මේ ගස ගැන විස්තර සොයා බැලීමේදී මට දැන ගැනීමට ලැබුනේ මේ ගංසූරිය ගසද වැටවල් වලට වවා ඇති බව යි.

මේ ගංසූරිය ගහේ කොල පොඩි අතර බෝ කොලයක හැඩැති ය.

මුළින්ම දණහිස සහ දණහිසින් පහළ කොට උණු වතුරෙන් හොඳින් තවා ගන්න. අනතුරුව දණහිස් සඳහා ඇති තෙල් ටිකක් හොඳින් දණහිසේ සහ දණහිසින් පහළ කොටසේ ගාන්න. මෙහිදී තෙල් ටික වළලුකර සිට දණහිස දක්වා ඉහළට ආලේප කිරීමට සිහියේ තබා ගන්න. මා විසින් මේ සඳහා පාවිච්චි කළේ දණහිස් ආබාධය සඳහා මා හට ආයුර්වේදයෙන් ලබා දී තිබුණු තෙල් ම ය. ඔබ බෙහෙත් කඩ වල ඇති වෙනත් තෙලක් භාවිතා කළත් වරදක් නොමැති බව මගේ විශ්වාසය යි.

අනතුරුව, මේ ගංසූරිය ගසේ පොතු හා කොල හොඳින් වංගෙඩියේ කොටා හෝ ග්‍රයින්ඩරයේ දමා ගංසූරිය කොල හා පොතු හොඳින් ග්‍රයින්ඩ් කර ගැනීම යි. අනතුරුව ප්‍රමාණවත් තරමට මී තෙල් දමා එය ලිපේ තියා යන්තම් මළවා ගන්න.

ඊට පසු කෙසෙල් කොලයක් මඳ ගින්නේ තවා කළින් සකස් කළ ගංසූරිය කොල, දළු හා මී තෙල් පත්තුව දණහිසේ බඳින්න. දණහිස නිතරම චලනය වන ස්ථානයක් බැවින් රෙදි පාන්කඩ වලින්ද ඔතා ගැනීමට සිදු වනු ඇත.
මා දැන් මේ ප්‍රතිකාරය කර පැය ගණනකි. මට සෑහෙන සුවයක් ලැබී ඇත. මට වියදමකට ගියේ මී තෙල් බෝතලයට ගිය මුදල පමණි. මී තෙල් බෝතල් කාලක් බෙහෙත් කඩේ රුපියල් 300 කි.

දණහිස් ආබාධ වලින් පීඩා විඳින බොහෝ දෙනා අප අතර ඇත. සමහරුන් එය කියන්නටද අකමැති ය. කවුරුන් හෝ මේ ප්‍රතිකාරයෙන් යම් සහනයක් ලබනවා නම් එය මගේ එකම සතුට යි.

සටහන - Chula Ranjeewa Adikari

සටහනේ මුල් අයිතිකරුට බෙහෙවින් පිං 💛🙏

20/02/2023

සම්පුර්ණ ලිපිය කියවන්න 👇
https://helarahas.com/articles/eye-diseases-2/

Category

Culinary Team

Attire

Telephone

Website

Address

43/D/1 Liyanagemulla Seeduwa
Seeduwa

Alerts

Be the first to know and let us send you an email when Neth Rush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Seeduwa.