Jeena's diary 2024
Content creator
29/08/2025
Working out is not about being better than someone else.
29/08/2025
දුවේ.. 😍🌸
මං බලන් උන්නා
නුඹ එනකම් මගේ උණුහුමට
ඇස් කරක කරක
නුඹ එක දිගටම බලන් උන්නා
නුඹේ අම්මා මං වග දැන දැනම
රෝස මල් උයනකින් වැටුණාද
අපේ නිවහනට
ඒ තරමටම නුඹ හැඩයි
නුඹේ අම්මාට 🌸
සිනිදු අත් පා දකින්නට
බලන් උන්නා මං නුඹ එනතුරුම
අනේ මං අද ඉඹිනවා දවසෙම
නුඹේ කිරි සුවඳ
තත්පරයකට ඈත් වුනොතින්
මං නුඹේ උණුහුමට
අඩනවා සුවඳ දෙනකල්
නුඹේ නලලතට
ඉතින් අපි යන් දූර ඈත
ඉන්නවා ලගම හැමදාමත්
නුඹ ලගම
ආම්මාකම මේ තරමට සුන්දරද
කියාදුනනේ නුඹයි
මගේ හදගැබට
අම්මා හරි ආදරේයි දුවේ
Copied
04/08/2025
🍄🟫සමහර මිනිස්සු ඔයාට අකමැති වෙයි .
අකමැති වෙන්න දෙන්න !
🍄🟫සමහර මිනිස්සු ඔයාට බනියි .
බනින්න ඉඩ දෙන්න !
🍄🟫සමහර මිනිස්සු ඔයාට අහේතුක චෝදනා කරයි .
එයාලට ඉඩ දෙන්න !
🍄🟫සමහර මිනිස්සු ඔයාව ප්‍රතික්ෂේප කරයි .
ප්‍රතික්ෂේප වෙන්න !
🍄🟫සමහර මිනිස්සු ඔයාට ඉරිසියා කරයි .
ඉරිසියාවට ඉඩ දෙන්න !
ටිකක් රිදෙයි ,දුකත් හිතෙයි ,
හැබැයි එකක් මතක තියාගන්න ,
සරළවම කිව්වොත් ,අකමැතිවීම් ,අහේතුක ප්‍රතික්ෂේප කිරීම් ඉරිසියාකාරකම් ,කියන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ වටිනාකම් පහදලා දෙන විදිහ ,
කවුරුත් වඳ ගස් වලට ගල් ගහන්නෙ නැහැ ,
ඔයා පල බර වෙනවා කියන්නෙම ගල් වැදෙනවා කියන එක තමයි .
පාඩුවේ හිනාවෙලා ඔයාගෙ ගමන යන්න 💜
අනිශා ජයකොඩි ✍🏻
(Psychological counsellor)
19/07/2025
මේක මම කාලයක ඉඳන් පුහුණු වෙමින් ඉන්න දෙයක්..
සමහර නෑදෑයන්,හිතවතුන් හිටියා..හැමවෙලාවකම අනික් අයව අවුලවන්නම දේවල් කියන සහ කරන...
එහෙව් මිනිසුන් මම අත්හැරියා..
කිසිම තරහක් නැතුවම අතෑරියා..
තරහ වෙනවට වඩා ඒ මිනිසුන් ගැන හිතේ කිසිම හැඟීමක් නැතුව හිස් විදියට අතාරින එක හරි ප්‍රබලයි මම හිතන විදියට..
එහෙම වුණාට පස්සේ ඒ මිනිස්සු එකතු වෙන තැනකටවත් යන්න ආයේ හිත හදාගන්න අමාරුයි.
ඉතින් මම ඇවිලෙන තැන් වලට යන එක සීමා කරා..
"එයා පවුලේ හැමෝම එකතු වෙන කිසිම දේකට එන්නේ නෑ"
ඕනම කෙනෙකුට එහෙම හිතෙන්න පුලුවන් ..ඔව්..මම එන්නේ නෑ..
මොකද මට මේ ලෝකේ වටිනාම දේ මගේ හිතේ සාමය...නිදහස කියන දේ නිසා..
අනවශ්‍ය විනිශ්චයන්, අතපෙවීම්,අපිට අදාළ නොවෙන අනුන්ගේ කතා,ප්‍රශ්න නැති ජීවිතේ දිව්‍ය ලෝකයක්...
මං හදාගත්ත ලෝකෙ මම වැඩියෙන්ම ආදරේ කරන අයව විතරක් ළඟින්ම තියාගෙන,ජීවිතේ හැම විශේෂ අවස්ථාවක්ම ඒ අය එක්ක බෙදාගෙන පාඩුවේ ජීවත් වෙන එක මම හිතන්නේ නෑ ලොකුකමක් ආඩම්බර කමක් කියලා..
මම අතෑරපු නෑදෑයන්,හිතවතුන් ගැන මම කවදාවත් ආයේ ආයේ හිතලා මනසින් වෙහෙසෙන්නේ නෑ...
එයාලා ගැන කතා කරන්නෙත් නෑ..මගෙන් එයාලට හානියකුත් නෑ..
මිනිස්සු පාඩුවේ ජීවත් වෙන තරමට ජීවත් වෙන එක ලේසියි ❤️
✒️ නිපුනි නයනතාරා තෙන්නකෝන්
❤️
උපුටාගැනීමකි
15/07/2025
Here all about me
12/06/2025
තාත්තාගේ පණ ටිකට කියන
තවත් නමක් තමයි
දුව ❤
දුවෙක් ඉපදෙන්න කලින් ඉදලා
තාත්තාගේ උණුහුම හොයන තරම
තාත්තගේ කටහඩට දූ දගලන තරම
තාත්තගේ හුස්මට දූ මහ හයියට
හුස්ම ගන්න තරම
නින්දෙන් පවා තාත්තා ව හොයන දූ
තාත්තගේ ජිවිතේම වෙනස් කරන
මැණිකක්
දුවක් ඉපදෙන්න කලින්ම තාත්තාව
හොයන තරමක්
ඉපදුනාමට පස්සේ
තාත්තාගේ රූපේට ආදරේ කරන තරමක්
තාත්තගේ තුරුලේ
ආදරේ හොයන තරමක්
තාත්තාගේ පපුවේ සැනසෙන තරමක්
තාත්තගේ උරහිසේ නැලවෙන තරමක්
තාත්තගේ අත්වල එල්ලෙන තරමක්
ඇත්තටම දුවෙක් වැඩිපුරම සැනසුනේ
තාත්තා ලග...
කොයි තරම් හෙව්වත් සමාන පද
දුවෙකුටයි තාත්තාටයි
ඒ ආදරේටයි
සමානකමක්
අදටත් මේ ලොව හමු වී නැ
කොතනකවත්
දුලා with මධු සිරිවර්ධන
කතු අයිතිය සුරකිනන ❤️🙏
පැටියෝ ඔයාව ගේන්න
දවස් හරි නිසා
අම්මා ගියා ඉස්පිරිතාලෙට
ඒත් ඔයාට නම්
දැන්ම එන්න උවමනාවක්
තිබිලා නැති ලු
මට බෙහෙතක් දෙනවලු
අමාරු වෙන්න
එහෙම හරි කමක් නෑ
මට ඕන වෙලා තිබුණෙ
ඔයාගේ මූණ ඩිංගක්
බලාගන්න..
ඔයාව ටිකක් අතගාන්න
ඔයාව ඉඹලා...
මගේ පපුවට ටිකක්
තුරුළු කරගන්න
තව එරිලාවත් නැති
කිරි ටිකක් පොවන්න...
මේ ඔක්කෝම කරන්න
ඔයාව මේ ලෝකෙට
අරන් එන්නයි හා කිව්වේ
ඒත් අන්තිමේදී
හදිසි සැත්කමක්
කරමු කියලා ලහි ලහියේ
දොස්තර නෝනලා, නර්ස් නෝනලා
ලෑස්ති උනා
හැමදේම හිතින් දරාගෙන විඳගෙන
ඔයාව ගේන්න මම ලෑස්ති උනා..
ගොඩක් වැඩ අස්සෙ
දන්නෙම නැතුව
වෙලාවත් ගෙවිලා ගියා
මමත් නොදැනිම
මගේ කුසින් ඔයාව
ගන්නකොට
හිතින් මම දහස් වරක්
වැදුම් දුක දරලා තිබුනා..
ඔයාගේ ඇඩුම් හඩට
මම ඔළුව ටිකක් උස්සලා බැලුවා..
අනේ ලස්සන රෝස මල
ඔයා මේ ලෝකෙට
ඇවිත් තිබුණා..
මම දන්නෙත් නැතුවම
මම ගොඩක් අඩන්න
අරන් තිබුනා...
කොහෙ තිබුණු කදුළුද..
ඔව් ඒ සතුටු කදුළු...
දන්න නොදන්න හැම
දෙවියෙක්ටම මම පින් දුන්නා
මගේ රෝස මල
හිතපු විදියටම ඉඹලා තුරුළු කරන්
ඉන්න ලැබුනා...
ඔයාව තව ලස්සන කරලා
මට දෙන්නම යන්නෙ කියනවා ඇහුණා..
අනේ මිස් පරිස්සමින්
ඔය ඉන්නෙ අපේ පණ
මන් හිතින් මිමිනුවා...❤️
දරුවෙක් දරන, හිතෙන් වදන, හදන වඩන හැම අම්මා කෙනෙක්ටම උපහාරයක්ම වේවා...❤️
✍️මගේ කතාව 😍🇫🇷🇱🇰
03/06/2025
𝐓𝐚𝐫𝐠𝐞𝐭 වලට යන්න
අනිත් අයට වඩා කාලයක් ගියා කියලා
ඒකෙන් අදහස් වෙන්නේ නෑ
ඔයා අසාර්ථක මනුස්සයෙක් කියලා |
"ඔළුවේ හැමවෙලේම වැඩ කරන්නේ කොහොම හරි මං මාව තැනකට ගේනවා කියන වචන ටික විතරයි නම් "
ඒ දේවල් අනිවාර්යෙන්ම ලැබෙනවා මායි..!!❤️🦋
02/06/2025
මගේ දුවේ ❤️
කාලයක් මං වෙනුවෙන්
මං හීන දැක්කා
තාත්තා එක්ක එකතු වෙලා
හීන දැක්කා
දැන්
ඔයා එක්ක
ඔයා වෙනුවෙන් අපි හීන දකිනවා
හීන මවනවා
හෑබැ කරවන්න කරගන්න
උපරිම මහන්සි වෙනවා
හීනෙනුත් ඔයා වෙනුවෙන්
හැබැ වෙන හීන වලට
අපි පන දෙනවා
හීනෙකින්වත්
ඔයාට අඩුපාඩුවක් නොවෙන්න
දිවා රැ නොබලා අපි මහන්සි වෙනවා
ඔයා වෙනුවෙන් මවන හීන
ඔයා වෙනුවෙන් කරන කැපකිරිම්
ඔයා වෙනුවෙන් මහන්සි වෙලා කරන
හැමදෙයක්ම
හැමදාම කරන්නෙ
අපි හරිම ආදරෙන්
හරිම සතුටින් .
මගේ දුවේ.. 🌸.
ඔයා දිනනන් ඕන
ඔය බැබලෙන්න ඕන
ඔයා දිලිසෙන්න ඕන
ඔයා හැමදාම හිනාවෙන්න ඕන
ඒ හැමදේම වෙනකම්
අපි හුස්ම අල්ලන් ඉන්නම්
එත් දුවේ..
ඇල්පෙනෙත්තක දෙයක්වත්
අපි ඔයගෙන් අපි වෙනුවෙන්
කරන්න ඕන කියලා දෙවල්
කිසිම දෙයක්
බලාපොරොත්තු වෙන්නෙ නෑ
ඔයාගේ සතුට
ඔයගේ දියුණුව
ඔයගේ හයිය
ඔයගේ ජිවිතේ ලස්සනම දවස් විතරක්
අපේ ඇස්වලට පෙන්නන්න
මහන්සි වෙන්න
ඉතින් ,,
අම්මා හරි ආදරේයි
මගේ දුවේ..
දුලා with මධු සිරිවර්ධන෴
Madu Siriwardana
Cliquez ici pour réclamer votre Listage Commercial.
Type
Site Web
Adresse
Paris
