Workout with Aruna
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Workout with Aruna, Health/Beauty, Sports Complex, Anuradhapura.
29/12/2025
21/07/2024
Workout with Aruna අනුරාධපුර ඉන්න ඔයාලටත් සම්බන්ධ වන්න පුළුවන්
ඉරිදා දින සවස 3.00 සිට 5.00 දක්වා
අපගේ workout class පැවැත්වේ
එක් දිනක් සඳහා රුපියල් 300/ ක් පමණි.
20/10/2023
💪💚🥦🌽🥒🥕🥑🥗🍵🥦
18/10/2023
💎වජ්‍රාසන
Thunderbolt Pose, or Diamond Pose
⚡️ගිගුරුම් හෝ දියමන්ති යන අර්ථය ඇති "වජ්‍ර" යන සංස්කෘත වචනය එක්ව වජ්‍රාසනය නිර්මාණය වී ඇත.
⚡️මෙම ආසනයේ සිට ප්‍රාණායාම සහ භාවනා කිරීම බොහෝ විට සිදු කරනු ලබන අතර එය ඔබේ ශරීරය දියමන්තියක් මෙන් ශක්තිමත් වීමට මෙය උපකාරී වේ.
⚡️මෙය ඕනෑම කෙනෙකුට පහසුවෙන් පුහුණු විය හැකි ආසනයකි.
⚡️මෙම ආසනය කිරීමෙන් ආහාර ජීර්ණය පහසු සහ ඉක්මන් කරන බැවින් ආහාර ගත් විගසම යෙදිය හැකි එකම යෝගාසනය මෙය වේ.
⚡️සාමාන්‍යයෙන් ආහාරගත් විගස යෝගාසනවල යෙදීම සිදු නොකළ යුත්තකි.නමුත් මෙම ආසනයේ යෙදීමෙන් ආහාර ඉතා ඉක්මනින් ජීර්ණය වන බැවින් ආහාර ගැනීමෙන් පසුව යෝගාසනවල යෙදීමට පෙර වජ්‍රාසනයේ යෙදීම යෝග්‍ය වේ.
⚡️මෙම ආසනයේ දී කොඳු ඇට පෙළ, ගෙල සහ හිස එක ම සරල රේඛාවක ඍජු ව පිහිටන පරිදි තබා ගනී. දෑත මත කිසිදු පීඩනයක් ක්‍රියාත්මක නොවේ.
🔘වජ්‍රාසනයේ යෙදෙන ආකාරය.
1.පළමු ව පාද ඉදිරියට යොමු කොට බිම හිඳගන්න.
2.දෙඅත් සිරුර දෙපස තබා ගන්න.
3.දකුණු පාදය ඇතුළට නවන්න.
4. පසුව වම් පාදය ඇතුළට නවන්න.
මෙහි දී දෙපයේ මාපට ඇඟිලි එකට එකතු වී විළුඹ උඩු අතට හැරී තිබිය යුතු යි.
5. කොන්ද කෙළින් තබා ගන්න.
6.දෑත් හොඳින් ඍජු ව දිග හැර ඒවා දණහිස් මත තබා ගන්න.
7.දෙනෙත් පියාගෙන සාමාන්‍ය පරිදි ආශ්වාස ප්‍රශ්වාස කරන්න.
🔘අභ්‍යාස කළ යුතු කාලය.
ඔබ ආධුනිකයෙක් නම්, විනාඩි 3-4 ක් වජ්‍රාසන අභ්‍යාස කිරීම ආරම්භ කරන්න. ඔබේ පුහුණුව සමඟ ඔබට කාලය විනාඩි 5-7 දක්වා වැඩි කළ හැකිය. ඔබේ ශක්තිය සහ සුවපහසුව මත පදනම්ව, ඔබට ආසනයේ කාලය විනාඩි 15-20 දක්වා හෝ ඊටත් වඩා වැඩි කළ හැකිය. දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරයෙන් පසු ඔබට වජ්‍රාසනය පුහුණු කළ හැකිය.
🔘වජ්‍රාසනයේ ප්‍රතිලාභ.
1. ඔබේ ආහාර වේල කොතරම් බර වුවත් ආහාර දිරවීම වේගවත් කරයි.
2.සිරුරේ බර අඩු කර ගැනීමට සහාය වේ.
3. පාදවල ස්නායු තෙරපුම,නහර ගැටගැසීම, මාංශ පේශි වේදනාව සුව කරයි.
4.බඩ පිපීම, මලබද්ධය,අම්ල පිත්ත රෝග සමනය කරයි
5. පාචනය සුව කරයි.
6. අර්ශස් ගෙඩි සහ පැලීම් නිසා ඇතිවන වේදනා සමනය කරයි.
7. මනස සන්සුන් කරයි.
8. ශරීරය ලිහිල් කරයි.
‼️ඔබ ආධුනිකයෙකු නම් යෝග ආසන කිරීමේදී පුහුණු යෝග උපදේශකයෙකුගේ උපදෙස් හා සහාය ලබා ගැනීම ඉතා වැදගත් වේ.
ඔබට යම් ආසනයක් කිරීමේ අපහසු බව ක් දැනේ නම්, යෝග උපදේශකවරයෙකු යටතේ ඒවා ලිහිල් කිරීම සඳහා ඔබට භාවිතා කළ හැකි සමහර තාක්ෂණික ක්‍රම පිළිබඳ උපදෙස් ලබාගත හැක.
දණහිසේ ගැටලුවක් හෝ මෑතකදී දණහිසේ සැත්කමකට භාජනය වී ඇත්නම්
හර්නියා, වෙනත් බඩවැල් ගැටළු,
ඔබ ගැබ්ගෙන ඇත්නම්, වජ්රාසනය ගැන ඔබේ වෛද්‍යවරයාගෙන් විමසිය යුතුය.
ස්තුතියි 🙏
ඔබ,🌼🍃
නිදුක් වේවා !
නිරෝගී වේවා !
සුවපත් වේවා !
රජිතා ජයමිණි විතානාච්චි✍️
18/10/2023
https://goo.gl/maps/dKMouRkxjpD573tD8
සෑම දිනකම #සවස6.00 සිට 8.00pm දක්වා අපගේ workout class පැවැත්වේ
ඔබගේ දිනය වේලාව වෙන් කරගන්න.
පැවැත්වෙන ස්ථානය - #තඹුත්තේගම අපගේ #රෝදසපත්තු ක්‍රීඩා #පිටියේදී .
#එක් දිනක් සඳහා #රුපියල් 300 ක් #පමණි
සෑම දිනකම #සවස6.00 සිට 8.00pm දක්වා අපගේ workout class පැවැත්වේ
ඔබගේ දිනය වේලාව වෙන් කරගන්න.
පැවැත්වෙන ස්ථානය - #තඹුත්තේගම අපගේ #රෝදසපත්තු ක්‍රීඩා #පිටියේදී .
#එක් දිනක් සඳහා #රුපියල් 300 ක් #පමණි
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Sports Complex
Anuradhapura
