Chooty

Chooty

Share

🍂🦋එන්න චූටි මිසීගේ ලෝකයට__🌻💊💉 🌎

19/06/2026

1.fasting ඉන්න කිවුවොත් කන්නම අහනවා.😖

2.ඇඳෙන් බහින්න එපා කිවුවොත්, හොරෙන් හරි බහින්න හදනවා.😳

3. බොන දේ, මුත්‍රා මනින්න ඕන කිවුවොත් මනින්නෙම නෑ.😵

4.ටොයිලට් හරියට පාවිච්චි කරන්න කිවුවට වතුර ටිකක් ගහල එන්නෙ නෑ.🤮

5. වාට්ටුවෙ බුලත් කන්න එපා කිවුවට හැමතැනම බුලත් කෙළ දාලා.🤢

6.බේත් බොන්න කලින් කෑම කන්න කිවුවොත් කන්නෙම නෑ.😬

7.තුවාලවලට බේත් දාන්න කලින් නාවගෙන එන්න කිවුවොත් නාන්නෙම නෑ.😤

8.වටින දේවල් ලඟ තියා ගන්න එපා කිවුවොත් ටිකකින් එනවා බෑග් එක නැතිවෙලා කියාගෙන.😑

9.operation එකට සැහැල්ලු සුදු ඇඳුම් අඳින්න ඕන කිව්වම, හිර ඇඳුමක් ඇඳගෙන එනවා.🤐

10.හොඳට වතුර බොන්න කිවුවම, බොන්නෙම පැනිබීම.😣

එකී මෙකී නොකී කරන තරමක් එපා කියන දේම කරල, හදිසියේවත් බැන්නොත් job එකත් නැතිවෙලා බැනුනුත් අහලා, නපුරු නර්ස් වෙනවනේ.. ඒ නිසා ඉවසනවා.🤐

ඔයාලගෙ job එකේ අත්දැකීමුත් පහළින් comment කරන් යන්න බලන්න..🤗✅

✍️මිලූකා මාන්නප්පෙරුම

#චූටි_page

19/06/2026

ජීවිතේ හැමදේම කඩාගෙන වැටෙනවා කියලා හිතෙන වෙලාවටත්, අපිව අතාරින්නේ නැතුව අපිව තදින් අල්ලගෙන බලාගන්න කෙනෙක් අපි හැමෝගෙම ජීවිතවල ඉන්නවා. එහෙම ඉන්නවා කියල සමහරවෙලාවට අපිට දැනෙනවා.. 🌍🙏

සල්ලි, පදවි, තාන්න මාන්න පස්සේ දුවන මේ රස්තියාදුකාර ජීවිත ඇතුලේ, අපිටම කියලා ඉතිරි වෙලා තියෙන ලොකුම දේ තමයි තමන්ගෙ හිතේ තියෙන ඒ විශ්වාසය. සමහර දවස්වලට හැමදේම මගඇරෙද්දී, "කමක් නෑ බං, මේකත් හොඳකට වෙච්ච දෙයක්" කියලා හිත හදාගන්න, අපිට ශක්තිය දෙන්නේ ඒ විශ්ව මාතාව විතරමයි. 🌍💫

මේ ලෝකේ අපි කාටවත් අයිති නැහැ.. හැමදේම තාවකාලිකයි. අද තියෙන දේ හෙට නැති වෙන්න පුළුවන්. ඒත් ඒ විශ්ව මාතාවගේ දෑත් හැමදාමත් අපේ කර මතින් තියෙනවා කියලා දැනෙනකොට, ඒ දැනෙන නිදහස වෙන මොන දේටත් වඩා වටිනවා. 🌿👣

අපි හිස ලු ලූ අත දිව්වට, වැටුනට, ආයේ ආයේ හරි පාරට ඇවිත් නැගිටින්නේ ඒ විශ්වාසය හින්දාමයි. අද දවසේ ඔයාගේ හිතේ තියෙන බරත් එයාට භාර දීලා නිදහසේ හුස්මක් ගන්න. ඔයාට වෙන්න ඕනේ හොඳම දේ, නියම වෙලාවට අනිවාර්යයෙන්ම වෙනවා. 🌌🔥

සෑම දෙයකටම වඩා විශ්ව මාතාව විශ්වාස කරන්න!
කිසිදවසක වරදින එකක් නෑ 🙏✨

✍️මිලූකා මාන්නප්පෙරුම

#චූටි_page

18/06/2026

අලුත් දවසේ අලුත් හිරු කිරණ ඔබගේ ජීවිතයට නව බලාපොරොත්තු එක් කරේවා! සුබම සුබ උදෑසනක්! 🌅

17/06/2026

මේ දවස්වල දරුවන් අතර බහුලව දකින්න පුලුවන් රෝග තත්ත්වක් තමයි HFMD එහෙමත් නැත්තං hand foot mouth disease (අත් පා මුඛ රෝගය) කියන්නේ. අද අපි ඒ ගැන නිවැරදි අවබෝධයක් ලබා ගනිමු.

මේ රෝගය ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ Coxsackievirus A16 සහ Enterovirus 71 (EV71) කියන වෛරස මගින්. EV71 මගින් ඇතිවන ආසාදන සමහර අවස්ථාවලදී ස්නායු පද්ධතිය ආශ්‍රිත සංකූලතා ඇති කිරීමට ඉඩතිබෙන නිසා ඒ ගැන වැඩි අවධානයක් අවශ්‍යයි.

❓ රෝග ලක්ෂණ මොනවාද?
* 🤒 උණ - හදිසියේ උණ ගතිය ඇතිවීම.
* 👄 කටේ තුවාල - කට ඇතුළත, දිවේ හෝ විදුරුමස් වල කුඩා තුවාල ඇතිවීම නිසා දරුවා කෑම කෑමට අකමැති වීම.
* ✋අත් සහ පාදවල බිබිලි - අත්ලෙහි සහ යටි පතුල්වල රතු පැහැති පුංචි ලප හෝ දිය බුබුළු මතුවීම.

🦠 මෙය පැතිරෙන්නේ කොහොමද?
* රෝගී දරුවෙකුගේ කෙළ, නාසයේ ස්‍රාවයන් හෝ අසුචි හරහා පහසුවෙන් බෝවිය හැකියි.
* සෙල්ලම් බඩු හුවමාරු කර ගැනීමෙන්ද රෝගය බෝ වෙන්න පුළුවන්. 🧸

🏠 ගෙදරදී කරන්න පුළුවන් දේවල් මොනවාද?
* 💧 දියර වර්ගදීම - දරුවාට කෑම ගිලීමට අපහසු නිසා, නිවී ගිය කැඳ, සුප්, යෝගට් හෝ පලතුරු යුෂ වැනි දියර ආහාර නිතර දෙන්න.
* 🧼 පිරිසිදුකම - දරුවාගේ අත් නිතර සබන් ගා සෝදන්න. භාවිත කළ ඇඳුම් සහ සෙල්ලම් බඩු පිරිසිදු කරන්න.
* 😴 විවේකය - දරුවාට හොඳින් විවේක ගන්න දෙන්න. සුව වන තුරු පාසල් හෝ පෙරපාසල් යැවීමෙන් වළකින්න.

⚠️ වෛද්‍යවරයෙක් ළඟටම යා යුත්තේ කවදාද?
* දරුවා කිසිම දෙයක් කෑමට හෝ බීමට ප්‍රතික්ෂේප කරන්නේ නම්. 🚫🍼
* උණ දින 3කට වඩා පවතී නම්. 🌡️
* දරුවා අධික ලෙස නිදිමතෙන් හෝ කලබලකාරීව සිටී නම්.

සාමාන්‍යයෙන් දින 5-7කින් මෙම තත්ත්වය සුව වෙනවා. දෙමාපියන් විදිහට දරුවාගේ මුත්‍රා පිටවන ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම ඔබේ දරුවාගේ සෞඛ්‍යය ගැන නිරන්තරයෙන් විමසිල්ලෙන් ඉන්න ඕන.✅

"දැනුවත් වෙමු - ජීවිතය රැකගනිමු!"❤️

අනිත් අයටත් බලන්න Share කරන්න! 🔗

✍️මිලූකා මාන්නප්පෙරුම

#චූටි_page

#අත්පාදහාමුඛරෝගය #දරුවන්ගේසෞඛ්‍යය

17/06/2026

ලොකු මිස් ලඟ ඕන ප්‍රශ්නෙකට උත්තර තියෙනවා..☺️☺️

17/06/2026

අපි නොසලකා හරින 'ශරීරයේ පුංචි වෙනස්කම්' කීපයක් ගැන දැනුවත් වී සිටීමෙන් වළක්වා ගත හැකි භයානක රෝගී තත්ත්වයක් ගැන තමයි අද අපි කතා කරන්නේ.👇

ඇත්තටම පිළිකාව කියන්නේ කලින් හඳුනගත්තොත් සුව කරන්න පුලුවන් රෝගයක්. හැබැයි ඒ සඳහා අපේ සිරුරෙන් අපට ලබාදෙන මෙන්න මේ "අනතුරු ඇඟවීමේ සංඥා"⚡ (Early Warning Signs) පිලිබඳ අපි දැනුවත්වෙලා ඉන්න ඕන.

මේ ලක්ෂණ එකක් හෝ තිබූ පමණින් එය පිළිකාවක් කියල අදහස්වෙන්නෙ නෑ. හැබැයි සති 2-3 කට වඩා මේ ලක්ෂණ තියෙනවා නම්, අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍ය උපදෙස් ලබාගන්න ඕන.🩺

🔍 දැන් බලමු ඒ අවධානය යොමු කළ යුතු ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා.

*අසාමාන්‍ය ගෙඩි හෝ ඉදිමීම්.🎯

පියයුරු, කිහිලි, බෙල්ල එහෙමත් නැත්තං සිරුරේ ඕනෑම තැනක ඇති වන වේදනාවක් නැති අලුත් ගැටිති හෝ ඝන වීම්.

*නොනවතින කැස්ස හෝ කටහඬේ වෙනස් වීම්.🗣️

සති තුනකට වඩා පවතින වියළි කැස්ස හෝ කටහඬ බැරැන්ඩි වීම.

*මළපහ කිරීමේ රටාවේ වෙනසක්.🚽

මළපහ සමඟ රුධිරය පිටවීම හෝ මළපහ පිටවන වාර ගණනේ ඇතිවන දීර්ඝකාලීන වෙනස්කම්.

*අසාමාන්‍ය රුධිර වහනය.🩸

ඔසප් චක්‍රයෙන් බැහැරව හෝ ආර්තවහරණයෙන් පසු සිදුවන රුධිර වහනය වීම් හා කැස්ස සමඟ රුධිරය පිටවීම.

*හේතුවක් නැතිව බර අඩුවීම.⚖️

ව්‍යායාම හෝ ආහාර පාලනයකින් තොරව කෙටි කාලයකදී සිරුරේ බර 4-5kg ට වඩා අඩුවීම.

*සුව නොවන තුවාල.🩹

දිවේ, මුඛයේ හෝ සමේ ඇතිවන මාසයකට වඩා කල්ගතවුවත් සුව නොවන තුවාල.

*උපන් ලපවල වෙනස්කම්.▪️

ශරීරයේ ඇති උපන් ලපයක හැඩය, වර්ණය හෝ ප්‍රමාණය වෙනස් වීම හෝ ඉන් රුධිරය වැගිරීම.

ඔබ මතක තබා ගත යුතු ප්‍රධාන ම දෙය තමයි "බිය වීම විසඳුම නෙමෙයි. දැනුවත් වීම තමයි ජයග්‍රහණය!"✨

ඔබට මුල් අවධියේදී ම ලක්ෂණ හඳුනාගැනීමට හැකිවුනොත් බොහෝ පිළිකා සම්පූර්ණයෙන්ම සුව කරන්න පුලුවන්.✅

මේ සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලු හෝ සැක සහිත තැන් පහතින් Comment කරන්න.👇

"දැනුවත් වෙමු - ජීවිතය රැකගනිමු!"❤️

අනිත් අයටත් බලන්න Share කරන්න! 🔗

✍️මිලූකා මාන්නප්පෙරුම

#චූටි_page

16/06/2026

වැටීමකදී හෝ පහරදීමකදී ඔළුවේ සිදුවන හානි(Head Injury) ඇයි අපි පැය 24ක් නිරීක්ෂණය කරන්නේ?🤔🩺

අපේ ජීවිතේ ඕනෑම වෙලාවක සිදුවිය හැකි අනතුරක් තමයි වැටීමක් (Fall). විශේෂයෙන්ම ඔළුව ප්‍රදේශයේ වැදුණු විට, පිටතින් ලොකු තුවාලයක් නොපෙනුණත් අපි බොහෝ දෙනෙක් බියට පත්වෙනවා. රෝහලට ගියාම වෛද්‍යවරුන් පවසන "පැය 24ක් නිරීක්ෂණය කළ යුතුයි" යන්න පිටුපස ඇති විද්‍යාත්මක හේතුව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

ඇයි මේ නිරීක්ෂණය මෙතරම් වැදගත්? 🧠⚠️

"දැනුවත් වෙමු - ජීවිතය රැකගනිමු!"❤️

අනිත් අයටත් බලන්න Share කරන්න! 🔗

✍️මිලූකා මාන්නප්පෙරුම

#චූටි_page

#සුවසෙත

15/06/2026

"අසනීපයක් වුණාම යාළුවෙක් කිව්ව බෙහෙතක් ගන්න එක" එහෙම නැත්තං "කලින් ගත්ත පරණ බෙහෙත් පෙත්තක් බීලා බලන එක" අද සමාජයේ බොහොම සුලභ දසුනක්. නමුත් මෙය ඔබේ සෞඛ්‍යයට කොයිතරම් බලපෑමක් ඇති කරනවද කියලා ඔබ දන්නවාද? 🤔
අද අපි ඒගැන බලමු.

විද්‍යාත්මකව බලන විට ස්වයං-ඖෂධ භාවිතය (Self-medication) භයානක වීමට හේතු විදිහට,

🔹ඖෂධ අන්තර්ක්‍රියා (Drug Interactions)
ඔබ දැනටමත් වෙනත් රෝගයකට බෙහෙත් ගන්නවා නම්, අලුතින් ගන්නා බෙහෙත් සමඟ ඒවා මිශ්‍ර වී ශරීරයේ අහිතකර ප්‍රතික්‍රියා ඇතිවෙන්න පුලුවන්. ⚠️

🔹ප්‍රතිජීවක ප්‍රතිරෝධය (Antibiotic Resistance)
බැක්ටීරියා ආසාදනයක් නැතිව නිකරුණේ ප්‍රතිජීවක ගැනීමෙන් බැක්ටීරියා ශක්තිමත් වෙනවා. පසුව ඔබට සැබෑ රෝගයක් වැලඳුණ විට බෙහෙත් වැඩ නොකරන තත්ත්වයට එය හේතු වෙනවා. 🛡️

🔹අතුරු ආබාධ (Side Effects)
වෛද්‍ය අධීක්ෂණයකින් තොරව නොදැනුවත්කමින් ගන්නා සමහර බෙහෙත් නිසා අක්මාවට, වකුගඩුවලට හෝ ආමාශයට හානි සිදුවෙන්න පුලුවන්. 🩺

🔹රෝගය සඟවා ගැනීම
රෝගයක මූලික ලක්ෂණ බෙහෙත් මගින් තාවකාලිකව යටපත් වුවත්, එම ලක්ෂණ වලට හේතු වුනු ඇතුළත රෝගය වැඩිවෙන්න පුලුවන්. එය අනාගතයේදී නිවැරදි ප්‍රතිකාර කිරීමට අපහසු තත්ත්වයකට පත් කරනවා. 📉

🔹 වැරදි රෝග විනිශ්චය (Incorrect diagnosis) 🚫
විවිධ රෝග සඳහා ඇති රෝග ලක්ෂණ එකිනෙකට සමානවෙන්න පුලුවන්. එනිසා නිවැරදි රෝගය දන්නෙ නැතුව, නිසි වෛද්‍ය පරීක්ෂණයකින් තොරව ඖෂධ ගැනීමෙන් රෝගය වැඩිවෙන්න පුලුවන්.

🔹 වැරදි මාත්‍රාව (Incorrect dosage)⚖️
ඖෂධ ඕනෑවට වඩා හෝ අඩුවෙන් ලබා ගැනීම නිසා ප්‍රතිකාර අසාර්ථකවෙන්න වගේම බරපතල අතුරු ආබාධ ඇතිවෙන්න පුලුවන්.

විශේෂයෙන්ම කියන්න ඕනි,
* කිසිවිටෙකත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව බෙහෙත් ගන්න එපා.‼️
* ඔබේ බෙහෙත් වට්ටෝරුව (Prescription) වෙනත් අයට දෙන්න එපා. 🚫
* ඖෂධ ගැනීමේදී එහි කල් ඉකුත් වීමේ දිනය (Expiry Date) අනිවා පරීක්ෂා කරන්න.💪

☑️මතක තබා ගන්න☑️
හැම ලෙඩකටම බෙහෙත් ඕන නෑ වගේම, හැම බෙහෙතක්ම හැම කෙනාටම සුදුසුවෙන්නෙ නෑ. ඉතිං ඔබේ සෞඛ්‍යය ඔබට ගොඩක් වටින නිසා ඕනෑම බෙහෙතක් ගන්න කලින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.🤗

ඔබේත, පවුලේ ආදරණීයයන්ගේත් සෞඛ්‍යය ආරක්ෂා කරගන්න, මේ වැදගත් තොරතුරු ඔවුන් අතරත් බෙදාගන්න.✅

"දැනුවත් වෙමු - ජීවිතය රැකගනිමු!"❤️

අනිත් අයටත් බලන්න Share කරන්න! 🔗

✍️මිලූකා මාන්නප්පෙරුම

#චූටි_page

15/06/2026

හිත් තලපු, දොස් නඟපු සමහරු අතරේ වෘත්තීය ජීවිතේ ගොඩ දා ගන්න පලවෙනි අඩියේ ඉඳලම හයියට ඉඳපු ඒ ආදරණීය seniorsලා ටික.❣️
ඔව්!
අදටත් එයාල ඉන්නවා හදවතේ උඩින් ම. 🌷🌷🌷

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo