ABF heart Beauty product

ABF heart Beauty product

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ABF heart Beauty product, Health/Beauty, Colombo.

02/06/2022

02/06/2022

අද 40,000 income එකක් අරන් ජීවිතය ගෙනියන්න පුලුවන්ද....

⛽ අද ඉදන් පෙට්‍ර්‍රල් 92 ලීටරයක් 420 යි. අනිත් ඉන්ධන වර්ග ගැන මම කතා කරන්න යන්නෙ නෑ. සාමාන්‍ය සහ පොඩි මනුස්සයගෙ ඉන්hධන වර්ගෙ මේකනේ. මේකෙන් මං පැහැදිලි කිරීම කරන්නම්. එතකොට අනිත් ඉන්ධන භාවිත කරන අය ගනන් හදා ගන්න ඒ අනුව ... 😅💔

🔴 සාමාන්‍යයෙන් job එකක් කරන කෙනෙක් දවසට අඩුම 50 KM පදිනවා.සාමාන්‍ය motor bike එකක දැන් එන මේ ජරා තෙල් එකෙන් 1L ට 40 KM කරනවා කියලා හිතුවොත් දවසට 1.5 L ඕනා. ඒ කියන්නෙ පෙට්‍රල් වලට දවසට යනවා
🔵 610 🔵 ක්. (420 × 1.5) මාසෙට යනවා 🔵 18 300 🔵 ක්.
(610 × 30)

🔴 එතකොට දැන් පොල් ගෙඩියක් අද තෙල් මිල වැඩිවීමත් එක්ක කොහොමත් 100 ක් වෙයි. පාන් රාත්තලත් ගොඩක් දුරට 200 ක් වෙයි. එක පොල් ගෙඩියකින් පාන් රාත්තල් 3 කට සාමාන්‍යයෙන් සම්බෝල හදන්න පුලුවන් කියලා හිතමු. සහ සම්බෝල හදන්න ඕනා අනිත් පොඩි පොඩි දේවල් වලටත් 100 ක් කියලා හිතමු.

🔴 එහෙම හිතලා තේ කිරි කෝපි මොකුත් බොන්නෙ නැතුව මාසෙම වේල් තුනටම පානුයි සම්බෝලයි කෑවොත් එක්කෙනෙක්ට මාසෙට යනවා මෙච්චරක් ...

🔰පොල් වලට = 1500 (100 × 15)

🔰පාන් වලට = 9000 (200 × 45)

( එක වේලකට පාන් බාගෙ ගානෙ වේල් 90 ට පාන් රාත්තල් 45 යි )

🔰සම්බෝලේ අනිත් දේවල් වලට = 1500 (100 × 15)

( එක පොල් ගෙඩියකට 100 ක් තිබ්බොත් පොල් ගෙඩි 15 ට )

🔴 එතකොට අවම ආහාර හා පෝෂණ මට්ටමකට යනවා මාසෙට එකෙක්ට 🔵 12 000 🔵 ක්.

🔴 එතකොට දැනට එකෙක්ට අවම පෝෂණ මට්ටමකටයි, අවම ඉන්ධන මට්ටමකටයි විතරක් යනවා 🔵 30 300 🔵 ක්.

🔴 වතුර වලටයි විදුලියටයි අඩුම එකෙක්ට මාසෙට තව 🔵1000🔵 ක් කොහොමත් යනවා.

🔴 tooth paste , සබන්, shampoo, රැවුල් කොණ්ඩා කපන වියදම් කෙල්ලෙක්නම් සනීපාරක්ෂක වියදම් බේබි ක්‍රීම් එකක්වත් ගානවනම් ඒකෙ වියදම් එක්ක බලද්දි,

🔰කොල්ලෙක්ට 🔵1000🔵
🔰කෙල්ලෙක්ට 🔵 2000 🔵

🔴 යටටවත් උඩටවත් ඇදුමක් ගන්නෙ නෑ කියලා හිතුවත් බෙහෙතක් ගන්නම වෙනවා මේ දවස් වල අඩුම මාසෙට එක පාරක්වත්. ඒකටත් 🔵1000🔵 අරිමු. ගන්නත් බෙහෙත් නෑ හැබැයි දැන්නම් ෆාමසි වලත් .. 😅

🔴 ඊට පස්සෙ data and call charges. ඒකටත් අඩුම දවසට 50 ගානෙ දැම්මොත් මාසෙට යනවා 🔵1500🔵 ක්.

🔴 කොල්ලො කෙල්ලො බොනවා කරන වියදමුත් දැනට අමතක කරමු. බෝඩිම් වල ඉන්න උන්ගෙ කුලී වියදමත් අමතක කරමු. කොහෙවත් ඇවිදින්න කරන්න යන්නෙත් නැතුව මේ කියන්නෙ.

🔴 එතකොට ඔයා අවිවාහක පුද්ගලයෙක් වෙලා ගෙදර අම්මා තාත්තගෙ වියදමට කීයක්වත් දෙන්නෙවත් නැතුව සාමාන්‍ය බයික් එකක වැඩට ගිහින් ගෙදර එන කොල්ලෙක් කෙල්ලෙක් නම් අවම ජීවන මට්ටමක් වෙනුවෙන් උඹට තනියම දරන්න වෙනවා මාසෙට 🔵 34 800 🔵 ක් ( කෙල්ලෙක් නම් 35 800 ක් වගේ ). ඉතිං ගලපලා බලන්න උඹේ මාසෙ පඩියත් එක්ක මේ වියදම්. කෙලින්ම කිව්වොත් මාසෙ පඩිය 40 000 ට වඩා අඩු නම් වැඩට යන එකට වඩා ගෙදර ඉන්න එක ලාභයි නේද.

🔴 ඔයා වාහනේක වැඩට යන එකෙක් නම් තව 18 300 ක් එකතු වෙනවා.

🔴 ඔයා බෝඩිමක නම් කුලියට නම් ඉන්නෙ බෝඩිම් ගාස්තුව ගෙදර කුලිය ඕකට එකතු වෙනවා.

🔴 ඔයා විවාහක තාම ළමයි නැත්තම් නම් ඕක ඩබල් වෙනවා.

🔴 ළමයිනුත් ඉන්නවනම් හිතා ගන්න බෑ වැඩිවෙන තරම ළමයින්ගෙ අධ්‍යාපනය පෝෂණය සෞඛ්‍යයට යන වියදම ගැන නම් ...

🔴 මේක තමා දැන් තත්වෙ මචං .. ඇත්තටම අපි වේල් 3 ටම පානුයි සම්බෝලා කන්නෙ නෑනෙ මචං .. තේ කෝපි කිරි මොනාහරි කොහොමත් බොනවනෙ .. සැර ජාති බොන උන් නොබී ඉන්නෙත් නෑනෙ .. ගෙදරට උදව් කරන උන් ඒක නොකර ඉන්නෙත් නෑනේ .. ඒ නිසා ඔය වියදම practically තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ 💔

🔴 කොටින්ම කිව්වොත් වැටුප 40 000 ට අඩු නම්, ඔයා මාර හිරවීමක ඉන්නෙ නේද!..

Category

Telephone

Address


Colombo
01

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Alerts

Be the first to know and let us send you an email when ABF heart Beauty product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.