Beauty Tips-Nusrath nus

Beauty Tips-Nusrath nus

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Tips-Nusrath nus, Health/Beauty, dematagoda, Colombo.

31/03/2024

HOW I USE CLOVES WATER FOR HAIR GROWTH

Heat up 2 cups of water until boiling, and then carefully pour that water over the crushed cloves in an appropriately sized heat-proof container or pot

‍Let this combination cool down for a while. The water should change to a brown or amber color and smell fragrant.

‍Once cooled down, use a sieve to sift out the clove pieces and transfer your clove water to a container to use as a hair rinse. A glass jar or spray bottle may be a good choice.

‍To use clove water simply spray through your hair. Focus the application on the scalp, as well. You let it sit for 1hour and then rinse it out.

19/04/2022

Moringa leaves Tea: Fat Loss, BP Control And More Incredible Benefits Of This So-Called 'Miracle Tea'
1. Fat Loss
2.Blood Pressure Control
3. Blood Sugar Control
4. Fights Cholesterol Build-up
5. Beauty Benefits

How To Make Moringa Tea At Home
1.Take a tablespoon of Moring leaves powder
2.One tablespoon of honey
3.A lemon
4.Slices of Ginger
5.And a glass of warm water

Preparation method
=================
Add one teaspoon of moringa powder to a pot with warm water. You can make the tea stronger if you add more powder, but do not overdo with it
Let it steam for 5 minutes
Add ginger slices and squeeze lemon and steep for few minutes
Add some honey to make it sweeter
Drain the tea into a cup and add ice cubes and fresh mint leaves
It is better not to take hot water for this tea because it kills nutrients of the powder

If you suffer from any chronic conditions, then make sure you consult a dietitian or your doctor, before adding this tea to your diet.

05/02/2021

මේ කෑම කුරුලෑ වලට හොඳ නැහැ

සීනි සහ සුදු පාන් පිටි අඩංගු ආහාර
කුරුලෑ වැඩිපුර තිබෙන අය, කුරුලෑ අඩු අයට සාපේක්ෂව ලබා ගන්නා සීනි සහ කාබෝහයිඩ්රේට් ආහාර ප්‍රතිශතය වැඩි බව පැවසෙනවා.

සුදු පාන් පිටි වලින් සාදන ලද පාන්, බිස්කට් වර්ග හෝ අතුරුපස
සුදු පාන් පිටි වලින් සාදන ලද පැස්ටා
සුදු පාන් පිටි සහ සහල් වලින් තැනු නූඩ්ල්ස්
සෝඩා සහ අනෙකුත් පැණි රස පාන වර්ග
උක් සීනි, මස් වර්ග, මී පැණි වැනි රසකාරකයන්
සීනි එකතු කරන ලද පානයන් නිතර භාවිතා කිරීමෙන් කුරුලෑ ඇති වීමේ අවදානම 30%කින් ඉහල යන බවත්, සීනි එකතු කරන ලද අතුරුපස නිතර ලබා ගැනීමෙන් කුරුලෑ ඇති වීමේ අවදානම 20%කින් ඉහල යන බවත් හෙළි වී තිබෙනවා.
ශරීරගත සීනි ප්‍රමාණය ඉහල යෑමෙන්, සිරුරේ ඉන්සියුලින් ප්‍රමාණයත් ඉහල යනවා. ඉහල ඉන්සියුලින් මට්ටමක් පැවතීම කුරුලෑ ඇති වීමට හේතුවක් වෙනවා.
ඉන්සියුලින් Androgen හෝමෝනය ඉහල නැංවීමට හේතුවක් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමේ නිපදවෙන ස්වභාවික තෙල් ප්‍රමාණය ඉහල දමනවා.

කිරි ආහාර

සිරුරට කැල්සියම් ලබා ගත හැකි පහසු ක්‍රමයක් තමයි කිරි කියන්නේ. මේ නිසා කිරි ආහාර සම්පුර්ණයෙන්ම නැවත්වීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට කිරි ආහාර අඩු කිරීමයි සුදුසු වන්නේ.
තරුණ වයසේ ඇති වන කුරුලෑ සහ කිරි ආහාර අතර ධන සම්බන්ධතාවයකුයි පවතින්නේ.කිරි භාවිතා කිරීමෙනුත් සිරුරේ ඇති ඉන්සියුලින් මට්ටම වැඩි වෙනවා. මෙය කුරුලෑ ඇති වීමට බලපානවා.එල කිරි වල ඇමයිනෝ අම්ලය අඩංගු වීමත් මෙයට හේතුවක්.
මේ නිසා කිරි ආහාර ලබා ගැනීමේදී හැකි තරම් සිනි නොයෙදූ ඒවා ලබා ගන්න. මේද අඩු හෝ රහිත කිරි ආහාර ලබා ගන්න.

ක්ෂණික ආහාර
ක්ෂණික ආහාර වල අඩංගු කැලරි ප්‍රමාණය, මේදය සහ කාබෝහයිඩ්රේට් ප්‍රමාණය ඉතා අධිකයි.
බර්ගර්ස් (Burgers)
නගට්ස් (Nuggets)
හොට් ඩෝග්ස් (Hot Dogs)
ෆ්රෙන්ච් ෆ්රයිස් (French Fries)
සෝඩා වර්ග
මිල්ක් ෂේක්
මෙවැනි ආහාර නිසා කුරුලෑ ඇති වීමේ දැඩි අවදානමක් පවතිනවා.
පුරුද්දක් ලෙස ක්ෂණික ආහාර ලබා ගැනීම නිසා කුරුලෑ හට ගැනීමේ වේගය 17%කින් ඉහල යනවා.
සොසේජස් අඩංගු බර්ගර්ස් වර්ග දිනපතා ආහාරයට ගැනීමෙන් කුරුලෑ වර්ධනය වීම 24%කින් ඉහල යන බව හෙළි වී තිබෙනවා.

ඔමේගා 6 මේද අම්ලය අඩංගු ආහාර
ඔමේගා 6 මේද අම්ලය බහුලව අඩංගු වන ආහාර වලින් සමේ ඇක්නී සහ ප්‍රදාහයන් ඇති වීමේ අවදානමක් පවතිනවා. බඩ ඉරිඟු සහ සෝයා තෙල් බහුලව අඩංගු වල ආහාර පරිභෝජනය සීමා කිරීමෙන් මේ ගැටලුවෙන් මිදෙන්නට පුළුවන්. මෙය සිදු වන්නේ සිරුරට ලැබෙන ඔමේගා 3 මේද අම්ලයට සාපේක්ෂව, ඔමේගා 6මේද අම්ලය වැඩි වීමයි. මේ අසමරතාවය නැති කිරීම පිණිස ඔමේගා 3 මේද අම්ලය පිටතින් ලබා ගත විට කුරුලෑ ඇති වීම පාලනය වෙනවා.

චොකලට්
චොකලට් වැඩි වශයෙන් ආහාරයට ගැනීමේදී කුරුලෑ ඇති වීමේ අවදානම ඉහල නඟිනවා. මෑතකදී පුරුෂ පක්ෂය යොදාගෙන සිදු කල සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ දිනපතා ඩාර්ක් චොකලට් ග්රෑම් 25ක් ආහාරයට ගත් විට, ඔවුන්ගේ කුරුලෑ ඇති වීම සති දෙකක් ඇතුලත වැඩි වන බවයි. චොකලට් නිසා කුරුලෑ ඇති වීමේ හේතුව නිශ්චිතව සොයාගෙන නැති වුවත්, වෛද්‍ය පරීක්ෂණ අනුව කියවෙන්නේ කුරුලෑ ඇති වීම පිණිස ක්‍රියාකරන බැක්ටීරියාවේ ක්‍රියාකාරිත්වය ඉහල නැංවීමට චොකලට් හේතු වන බවයි.

20/01/2021

🌻 කුරුලෑ ලප කැළැල් සහිත සමට සැෆ්රන් සත්කාරයක් 🌻

🌺 ක්ලෙන්සර් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය :
කෝමාරිකා මදය මේසහැදි 2ක්
සැෆ්රන් රේණු යෝගට් හැන්දෙන් එකක්

සාදාගන්නා ආකාරය :
පිරිසිදු බාජනයක් අරගෙන ඒකට කෝමාරිකා මදය සහ සැෆ්රන් එකතු කර විනාඩි 5ක් පමණ හොදින් කලවම් කරන්න ( සුදු පැහැති කෝමාරිකා මදය කහ පාටට හැරෙන තුරු ) 😍

හොදම සැෆ්රන් හදුනාගැනීමට වතුර හෝ ඕනෑම ද්‍රාවණයකට සැෆ්රන් රේණු එකතු කර විනාඩි කිහිපයක් තබන්න 😍😍 එවිට කහ පැහැයක් දැක ගැනීමට පුළුවන් 😍😍😍

භාවිතා කරන ආකාරය :
හොදින් පිරිසිදු කරගත් මුහුණ මත සාදාගත් ක්ලෙන්සර් එක ආලේප කරන්න 😍😍😍😍 විනාඩි 5ක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් ඉවත් කරන්න ( ටෝනර් කරන්න අමතක කරන්න එපා ) 😍

🌺 සැෆ්රන් ෆේස් පැක් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය :
සුදු හදුන් තේහැදි 2ක්
යෝගට් හෝ මීකිරි තේහැදි 2ක්
සැෆ්රන් රේණු යෝගට් හැන්දෙන් එකක්
රෝස වතුර

සාදාගන්නා ආකාරය :
පිරිසිදු බාජනයක් අරගෙන ඒකට යෝගට් හෝ මීකිරි , සුදු හදුන් කුඩු , සැෆ්රන් යන ඔක්කොම එකතු කරගන්න 😍 අවශ්‍ය ප්‍රමාණයට රෝස වතුර එකතු කරගන්න 😍😍 ඊටපස්සේ විනාඩි 5ක් විතර හොදින් කලවම් කරගන්න 😍😍😍

භාවිතා කරන ආකාරය :
පිරිසිදු කරගත් සම මත පැක් එක ආලේප කර විනාඩි 20ක් 25ක් තියන්න 😍 වේලුනාට පස්සේ සාමාන්‍ය ජලයෙන් ඉවත් කරන්න 😍😍 සතියකට එකපාරක් වගේ මේ පැක් එක පාවිච්චි කරන්න පුළුවන් 😍 ක්ලෙන්සර් එක සතියට දවස් දෙකක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් 😍😍

🍀 ක්ලෙන්සර් එකට සහ පැක් එකට අපි සැෆ්රන් ගන්නෙ යෝගට් හැන්දෙන් එකක ප්‍රමාණයක් 🍀

23/12/2020

🌼සුදුපොල්තෙල් වලින් සත්කාර කිහිපයක්🌼

ඉතා වේගයෙන් හිසකෙස් වර්ධනය කිරිමෙ හැකියාව සුදු පොල්තෙල් වලට තියනවා..🥥

සුදුපොල්තෙල් පමණක් කෙස්වල ආලේප කරත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුලුවන් වෙනවා...ඒ වගේම එයට කරපිංචා උලුහාල් ආදිය දමා සාදාගත් තෙල් ආලේප කරගැනිමද වඩා ප්‍රතිඵලදායි...

සුදුපොල්තෙල් වලින් සමට සත්කාරයන් කිහිපයක්👇🥥

🔮 පිරිසිදු පොල්තෙල් ස්වල්පයක් මී පැණි බිංදු 8ක් සමඟ මිශ්‍ර කර එම ආලේපනය මුහුණෙ හා ගෙලෙහි ආලේප කර විනාඩි 30ක් තබා සෝදා හරින්න..

🔮 කෝමාරිකා යුෂ ස්වල්පයකට දෙහි බිංදු 8ක් මිශ්‍ර කර එයට පිරිසිදු පොල්තෙල් තේ හැන්දක් එකතු කර ආලේපනය සකසා ගන්න..එම ආලේපනය මුහුණෙ හා බෙල්ලේ ආලේප කර විනාඩි 20කින් සෝදා හරින්න..

🔮 එලඟි තෙල් සහ පිරිසිදු පොල්තෙල් සමව ගෙන මිශ්‍ර කර එම මිශ්‍රනය සමේ ආලේප කර විනාඩි 30කට පසු ඇල් වතුරෙන් සෝදා හරින්න.

🔮 බටර් ස්වල්පයකට පිරිසිදු පොල්තෙල් මිශ්‍ර කර එම මිශ්‍රණය සමේ ආලේප කර විනාඩි 30කට පසු ඇල් වතුරෙන් සෝදා හරින්න..

🔮 පිරිසිදු පොල්තෙල් බිංදු කිහිපයක් ගෙන තිත් ආකාරයට මුහුණේ පිරිමැදිමෙන් සමට තෙතමනයක් ලබාගත හැක..

සැ : යු = තෙල් සහිත සමක් ඇති අයට මෙම ආලේපන සුදුසු නැත..වියළි සමක් හා සාමාන්‍ය සමක් ඇති අයට සුදුසුයි.මෙම ආලේපන වලින් පසුව ෆේශ්වොශ් හා සබන් යොදා මුහුණ සේදිම නොකල යුතුයි..ඇල් වතුරෙන් පමණක් මුහුණ සේදිම කල යුතුයි.එමඟින් සමේ තෙතමනය හොඳින් සම තුළ රඳා පැවතීම සිදුවේ...🥥

20/10/2020

සම වේගයෙන් පැහැපත් කරන ආමන්ඩ් රාත්‍රී ආලේපනය 🙂🙂🙂🙂

ඕනෑම වර්ගයේ සමක් වේගයෙන් ම පැහැපත් කිරීමට සමත් පැහැපත් කාරකයක් තමයි මේ almond කියන්නේ 🙂🙂

ඉතින් මේ almond භාවිතා කරලා සම වේගයෙන් පැහැපත් කිරීමට සමත් ක්‍රීම් එකක් පහසුවෙන්ම සාදා ගන්නා ආකාරය ගැන තමයි අද මන් කියලා දෙන්න යන්නේ

අවශ්‍ය ද්‍රව්‍ය :-😍 රැයක් පුරා පෙගෙන්නට දමා තබා ගත් ආමන්ඩ් ඇට 6 ක් පමණ බ්ලෙන්ඩර් කර ලබා ගන්න
😍 යෝගට් හැඳි දෙකක් පමණ
😍 ඇලෝ ජෙල් මේස හැඳි දෙකක්
😍 කස්තුරි කහ ස්වල්පයක්
😍ග්ලිසරීන් බිංදු කිහිපයක්
😍රෝස වතුර බිංදු කිහිපයක්
😍 ආමන්ඩ් ඔයිල් ස්වල්පයක්

මෙම අමු ද්‍රව්‍ය සියල්ල ක්‍රීම් එකක් වන තුරු එකට එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න...

හොඳින් සෝදා පිරිසුදු කර ගත් මුහුණ හා ගෙල මත ආලේප කර විනාඩි කිහිපයක් උඩු අතට කවාකාර ලෙස පිරිමැද පැය දෙකක පමණ කාලයක් තබා සෝදා හරින්න..
මෙලෙස මාස තුනක පමණ කාලයක් නොකඩවා භාවිතා කිරීමෙන් නිරෝගී සුදුවන් සමක් ඔබටත් ලබා ගැනීමට හැකි ය 😍😍😍😍😍😍😍

Category

Website

Address


Dematagoda
Colombo
00900