PCOS / PCOD
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PCOS / PCOD, Health/Beauty, colombo, Colombo.
10/05/2026
🔎 PCOS කියන්නේ මොකක්ද?
PCOS (Polycystic Ovarian Syndrome) කියන්නේ ගර්භාශය (o***y) තුළ හෝර්මෝන අසමතුලිතතාවයක් (hormonal imbalance) නිසා ඇතිවන රෝග තත්ත්වයකි.
මේකේදී බොහෝවිට:
✅ඩිම්බ කෝෂ තුළ කුඩා cyst (පොඩි පටල) ගණනාවක් දක්නට ලැබේ
✅ඩිම්බ නිදහස් වීම (ovulation) නිසි පරිදි සිදු නොවේ
✅පිරිමි හෝර්මෝන (androgens) වැඩිවීමක් සිදු වේ
සාමාන්‍ය ලක්ෂණ
PCOS තියෙන කෙනෙකුට පෙනෙන්න පුළුවන් ලක්ෂණ:
1. අක්‍රමවත් ඔසප් වීම (irregular periods)
2. මුහුණේ කුරුලෑ ඇතිවීම (pimples)
3. මුහුණේ/ශරීරයේ වැඩි රෝම වර්ධනය
4. බර වැඩිවීම, විශේෂයෙන් උදරය නෙරා ඒම
5. පීඩනය, මානසික ආතතිය
6. ගැබ් ගැනීමේ ප්‍රමාදය (subfertility)
PCOS ඇතිවීමට හේතු
• හෝර්මෝන අසමතුලිතතාව
• ඉන්සුලින් ප්‍රතිරෝධය (insulin resistance)
• ජානමය හේතු
• අහිතකර ආහාර රටාව සහ ව්‍යායාම නොකිරීම
PCOS පාලනය කරගැනීමට:
✔️ සීනි සහ ක්ෂණික ආහාර අඩු කිරීම
✔️ දිනපතා ව්‍යායාම (30–45 min walking/yoga)
✔️ බර පාලනය
✔️ නිදා ගැනීමේ නිසි රටාව
✔️ මානසික ආතතිය අඩු කිරීම
සුව කර ගැනීමට..ආයුර්වේද ප්‍රතිකාරඉදිමී ඇති ඩිම්භකෝශ වල වතුර බිබිලි දිය කරමින් යතා තත්වයට පත් කිරීම සිදු කරයි..මෙහිදී ශරීරය පිරිසිදු කරමින් දොස් සමතුලිත කරමින් අග්නිය හෙවත් අහාර ජීර්ණය නිසි පරිදි පවත්වාගෙන යමින් මේ සුව කිරීම සිදු කරයි..ක්‍රමානුකූලව හෝමෝන සමතුලිත වන නිසා ඔසප් ක්‍රමවත් වේ.රෝම වර්ධනය ,කුරුලෑ ,බර වැඩි විම ආදී වැඩි වූ ලක්ෂණ ක්‍රමයෙන් පහව යයි..නැවත රෝගය ඇති නොවන පරිදි ගර්භාශ ඩිම්භකෝෂ සැකැස්ම ශක්තිමත් කරයි..අවසානයේ නිරෝගී දරු සම්පතක් වෙනුවෙන් ඔබ නිරෝගී සාමාන්‍ය මවක් ලෙස සොභාවික පිළිසිඳගැනීමකට සුදුසු වේ..
Coppied by ✍️ AuraAyurveda
Pcos තියන හැමෝටම වැදගත් පනවිඩයක් ❤️
10/05/2026
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Colombo
