Ru Rahas

Ru Rahas

Share

Ru Rahas page provides useful information on beauty culture, sewing, embroidery and many more...

04/06/2026

blackheads ඉවත් කර ගමු.

බිත්තර සුදු මදයක් ගෙන හොඳින් බීට් කර ගන්න. එයට ලෙමන් යුෂ බින්දු දෙකක් හෝ තුනක් එකතු කර ගෙන නැවත බීට් කරගන්න. ටිෂූ කඩදාසියක් ගෙන ඔබේ මුහුණේ බ්ලැක් හෙඩ්ස් ඇති තැන තබා ෆේශල් බ්‍රෂ් එකක් ආධාරයෙන් සකස් කරගත් බිත්තර සුදු මදය ආලේප කරන්න. එය විනාඩි පහළොවක් පමණ වියළීමට තබා සම තද බව දැනෙන විට ටිශූ කඩදාසිය ඉවත් කරන්න. ඉන්පසුව මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ටෝනර් එකක් ආලේප කරන්න.

31/05/2026
30/05/2026
30/05/2026

අව්වට දුර්වර්ණ වූ සමට ප්‍රතිකාර

කඩල පිටි කෝප්ප බාගයක් සහ යෝගට් තේ හැඳි තුනක් හොඳින් මිශ්‍ර කරන්න.
සමේ දුර්වර්ණ ස්ථාන වල ආලේප කරන්න.
මිනිත්තු තිහකට පසු සීතල වතුරින් සෝදා හරින්න.
අව්වේ යාමෙන් සමේ ඇති වන කැළැල් වලට සහ දුර්වර්ණතා වලට ගැලපෙනම ආලේපයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්.

28/05/2026

රුව රකින ටිප්ස්

🟠නියපොතු කැඩී දුර්වර්ණ වී ඇත්නම් ඒ මත ඔලිව් තෙල් ආලේප කරන්න.
🟠හිස කෙස් ගැලවී යයි නම් පොල්තෙල් සහ ඔලිව් තෙල් එක්කර පහනකින් රත්කර රාත්‍රියට හිස ගල්වා විනාඩි 10ක් පමණ මසාජ් කරන්න.
🟠මුහුණේ සහ බෙල්ලේ හටගන්නා කලු ලප සුව කරගැනීමට අමු කහ, වෙනිවැල් ගැට, ඇල් වතුරෙන් ගලගා ලප මත ආලේප කරන්න. විනාඩි 30කින් පමණ සෝදාහරින්න.මෙය සතියකට තුන් වතාවක් පමණ කරන්න.

26/05/2026

කෙසෙල් ෆේස් මාස්ක්

කෙසෙල් ගෙඩියක්
යෝගට් තේ හැන්දක්
දෙහි යුෂ තේ හැදි බාගයක්

මාස්ක් එක සකසන ආකාරය

කෙසෙල් ගෙඩිය හැන්දකින් පොඩි කර ගන්න
යෝගට් සහ දෙහි යුෂ එකතු කරන්න
මුහුණේ ආලේප කර මිනිත්තු විස්සක් තබන්න
සෝදා හරින්න

සමේ වියළි බව නැති කර මුහුණේ සම දීප්තිමත් ලෙස බබළවන්න මේ ෆේස්මාස්ක් එකට හැකියාව තිබෙනවා. සතියට දෙවතාවක් පමණ යොදන්න.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo