Salon SobaRoo
Salon SobaRoo provides a range of Ayurvedic (Herbal) / non ayurvedic (None Herbal) , hair and beauty treatments.
Bridal | Hair | Beauty | Ayurvedic Beauty Care
Why we are unique - Specialists in Ayurvedic and Non Ayurvedic Hair and Beauty treatments, Natural Like Makeups, Affordable and Elegant Bridal Dressings Our clients can purchase a range of Cosmetic & Beauty products from us in a competitive price.
23/03/2023
My beautiful bride today.
Wish you both a happy wedded life, Imesha Kumarapeli & Dhanushka.
Photography : Isuru Liyanage Photography
Bridal Saree by : Ruwanaari saree creation
22/03/2023
After a long time, back to work with a loyal client. It's all about quality, not quantity. It's all about art, not how high u can spend.
diaries.
14/04/2021
සුභ අලුත් අවුරුද්දක් වේවා ...............
03/01/2021
We are now hiring. Qualified Experienced / Non Experienced Beauticians wanted
Contact : 0777858852
සුදුසුකම් ලත්, පුහුනු / නුපුහුනු රූපලවන්‍ය ශිල්පිනියන් අවශ්‍යයි. අමතන්න 0777858852
16/03/2020
සුදු වෙන්න ආලේපන හොයන ඔබ, කියවන්න.
Thought all girls should read this.
U are absolutely beautiful and did not need Radium earlier, and do not need mercury now.
Dark girls are so beautiful and do not run after whitening products pleeeeeeeese..............
දිස්නයට රැවටී, අකාලයේ නැසී ගිය රේඩියම් කෙල්ලන්..!
මිලාධික ඔර්ලෝසුවක සුන්දර මූණත්තහඩුව, රාත්‍රී අන්ධකාරයේ දිලී ඔප ගනු, දුටු දෑස් අනල්පය. අදුරට වන් සැණින් පැහැව දිලී අංක පැහැදිලිව ඉස්මතු කරලූ ඇතැම් අත් ඔරලෝසුවක් ඔබටත් හිමි වී තිබුනා විය යුතුය. නමුත් කෙදිනක හෝ ඒ කෙසේ වීදැයි සිතී ද? දැන් කෙසේ වුව කලෙක ඒ රේඩියම් විය! එසේය, රේඩියම් මිශ්‍ර වූ ලුමිනස් තීන්තයක් ඒ මත ගැල්වී තිබිණි. නමුත් පුංචි මිනිත්තු පැය කටුව මත, පුංචි එක දොලහ අංකන මත, එවන් දිදුලන තීන්තක් ගැල්වූයේ කව්ද? මෙකල් හී ඒ කෙසේ මුත්, එකල් හී ඒ සිදුකලෝ පුංචි කෙල්ලෝ විය. ඒ ගැල්වුනේ පුංචි කෙල්ලකගේ පුංචි අතකිනි. පුංචි දෑඟිලි අතරත හුරතල් වූ පුංචි පින්සලකිනි. පුංචි කට උල් කර හැඩ බැලූවෝ, ලංකෘතව තීන්ත ලා තුටු වූහ. උන් සැම පුංචි නිමේශයක ඇසිල්ලෙන් වඩා කෲරතර වූ මරණයක් වැළද ගන්නට නියමිතව හුන් බව, ඒ පුංචි හිත් කොනක හෝ අල්පමාත්‍රා බියසංකාවක් ඉපිද තිබුනේ නැත. මන්ද, අහෝ ඒ වගක් ඒ අහිංසක කෙල්ලන්ට නොකියා වහන් කර තිබූ බැවිනි.
නොකියා වසන් කළ සත්‍ය ඇතැමුන්ට නොරහසක් විය. රේඩියම් උග්‍ර පිළිකාකාරකයකි. ඒ ඉපැද්දූ කියුරිය පවා මරණයට නියම වී තිබිණි. නමුදු, තෘෂ්ණා දෑස් අද්දර, ව්‍යාපාරී ආත්මාර්ථය මිනිස් ජීවිතයක වටිනාකම දුටුවේ නැත. ඔව්හූ රේඩියම් හී ආර්ථිකමය වටිනාකම දුටුහ. ඉන් නිමැවුනු බොහෝ දෑ අතර රාත්‍රියේ දිළුනු තීන්තක් විය. එක්සත් ජනපද රේඩියම් සංස්ථාව (USRC) එහි නිර්මාපකයෝ වූ අතර, රේඩියම් සහ සින්ක් සල්ෆයිඩ් හී මිශ්‍රණයක් වූ, මාහැඟියැ හැගී ගිය ඒ නවමු නිර්මාණය උන් 'Undark' ලෙස නම් කළහ.
Undark තීන්ත, ඔරලෝසු මුහුණත් තහඩුව මත ගැල්වීමට කෙල්ලන් බදවා ගැණිනි. උන් බොහොමයක් වයස අවුරුදු 16 ත් 18ත් අතර වූ සියුමැලි එකියන් විය. පළමුවන ලෝක යුද්ධයට ලෝකය හැඬ වී තිබුණෙන්, පියාණන් සහෝදර රොත්ත ගෙන නොදන්නා දේශයක් යටත් කර ලෝක සාමය උදා කර දෙන්නෙමි' යි, කියා සිතා, දියණියන් මව් තුරුල්ලෙහි තනි කර දමා, නැව් නැග තිබිණි. අම්මා සමඟ තනි වූ කෙල්ලක, වෙන ඕනෑම තැනෙකට වඩා ඉහළ වැටුපක් ගෙව්වා වූ මේ තීන්ත ඉලීමේ සුළු රැකියාවට සිත් තුටුව එළැඹුනේ, ඉන් උපන් පෙනී එකහමාරේ දෛනික වැටුපෙන් අම්මා ද රැක, ඇයද නිදහස් ව සිත් තොස්ව කල්රීය.
නමුදු, වැඩපොලෙහි පිරිමි පාලකයෝ ගණකම් ඊයම් ආවරණයක් පැළද, උන් ගේ වැඩ පරීක්ෂා කරනුයේ මන්දැයි ඇතැම් කළ සිත් කුකුස් ඉපැදිණි. එවන් කළ, වෙසෙසින් තීන්ත ලූ පින්සල තොල් අතරෙහි තබා ඇද, පින්සල් කෙඳි මනාව උල් කර ගත යුතුයැ ලොක්කන් පැවසූවිට, බුද්ධිමත් එකියක්, මින් අගුණයක් නැහැ නේදෝ'යි කියා විචාරීය. සිනා සී, 'නැත' කියා ලැබුනා වූ මිනිස් වචනය හදවතින් විශ්වාස කළ ගැහැණිය, රේඩියම් ගැල් වූ පින්සල් කෙදිති තොල් අතරත තබා සූප්පුකොට සියුම් තුඩක් සාදා, ඉන් කුඩා ඔරලෝසු මුහුණත් අංකන මත තීන්ත ගල්වා ගති. කෙතරම් රේඩියම් ගිලුනේ වීද? කෙතරම් දත් අතර රැදුනේ වීද? කොයි තාක් වූ විසක් උන් ශරීර ගතකර ගත්තේ වීද? අහෝ උන් කොපමණක් මරණයම සිඹ සිඹ ඒම තොලඟ තවරා ගත්තේ වීද? කියන්නට නොදනිමි.
දෛනික වේතනය ලබන්නට නම්, එකියක් ඔරලෝසු දෙසිය පනහක් මත තීන්ත ඉලිය යුතු විය. එවන් වැඩ අධික සෑම දිනෙකම, ඒ නිම වී ගෙටවන් හැම රැයකම, රාත්‍රී ඝණාන්ධකාරය මැදින් සිය සියුමැලි දෑගිලි ද දිලිසි දිලිසි ආලෝකමත් වනු දැක ගැටිස්සියෝ තුටු වූහ. කැටපතින් මුව බලා ඈ උවන මත ඉහිරී ගත් තීන්ත පැල්ලම් අන්ධකාරය මැද උපන් සඳ බිදිති දහසක් වැනියැ එකියකට හැගෙන්නට ඇත. එවන්කල ඔව්හූ පෙම්වත් සැදෑවකට පෙර අර තීන්තය ගෙන තොල් මත උලා ගත් හ. සිකුරාදා කම්හලට සිය හොදම ගවොම හැඳ පැමින, උන් අහම්බෙන් වැටුනාක් මෙන් ඒ මත තීන්ත ඉහිරුවා ගත් හ. කෙස මත බුරුසුව වරක් හෝ දෙවරක් උළා ගත් හ. එසේ කොට අඩු පඩියට වෙන තැනෙක කැඹුරූ තම පන්තියේ හිතවතිය, යාබද දරිද්‍රී යෙහෙළිය, විශ්මයෙන් ඊර්ෂ්‍යාවට අතහැර රාත්‍රී සාදයක පෙම්වතා හා තුරුළුව බාල් නැටුමක සුපෙම්වත් විය. නොදැනීමෙන් ඇරඹි කිසිවක් මානයෙන් මුග්ධ විය. මිතුර, ඒ මිනිස් සිත ලෙසම දකින්න!
සන්තෝෂ දින අහවර විය. පළමු ගොදුර නමින් මොලී මැගියා නම් විය. 1922 හී ජනවාරියේ ඇයට උග්‍ර දත් කැක්කුමක් ඇති විය. ඒවන විට ඇය සේවයට පැමිණ යන්තම් සිව් අවුරුද්දක් ගතවී ගොස් තිබිණි. දත් කැක්කුම ඉවසිය නොහැකි තැන ඇය වෛද්‍යවරයෙකු සොයා ගියා ය. නරක් වූ දතකැයි සැක කෙරුණෙන් එය ගලවා දැමිණි. දින කීපයකින් ඊට ආසන්න වූ අනෙක් දත ද වේදනා ගෙන දෙන්නට විය. එය ද ගලවා දැමිණි. නමුත් දින කිහිපයකින් ඊට යාබද අනෙක් දත ද ගැලවී අතට ආයෙන් මොලී කලබල විය. ඇයගෙ යටි හකුව දැන් වේදනා ගෙනදුන්නා වූ තනි එකම වණයකි. තත්පරයක් පාසා දත් ඉගිල්ලූ සිදුරෙන් ගලා ආ සැරව හා රුධිරය දිව මත ආපායක පැසෙන ඕජස සිහිකර වමනයේ නිශ්චිත ඇරියුම සිහි කර තිබිණි. ලේන්සු කැල්ලක් නවා සිදුරෙහි හොවා මොලී එය තරමක් යටපත් කර ගත්තත් වහනය වූ අධික මුඛදුර්ගන්ධය හමුවේ ඇය කොන් වී ගොස් තිබිණි. ඇය නැවතත් වෛද්‍යවරයා සොයා ගියා ය. ඕජස් මුඛ කුහරය තුළ මරණය පැසි පැසී, ඒ සැරවයෙහි පළා කසාවන් පැහැයක් ගෙන වැගිරෙමින් තිබෙනු දුටු වෛද්‍යවරයා ඒ සිදුරට සිය අතැගිල්ලක් ලා පරීක්ෂා කර බැලී ය. හිතවතුනි, ඔහුගේ ඇඟිල්ලෙහි හැරීමට නතුව, හකු අසිථියේ කොටස් ගැලවී පැමිණිනි. අස්ථි කැබිලිති තැම්බූ කඩල ඇටයකට නොදෙවෙනි විය. ඇගිල්ලෙන් හකු ඇටයෙහි කොටස් කඩමින් ඉවත් කල වෛද්‍යවරයා එය අවසානයක් නොමැති, ක්‍රියාවක් බව වටහා ගත්තෙන් මොලී ට වේදනා නාශකයක් දී පිටත් කර හැරී ය. මැයි මාසය වන විට මොලීට තවදුරටත් යට හකුවක් නොවිණි. උඩ ඇන්දට සම්බන්ධ වූ විරූපී මස් පොදියක් හා ඒ ආවරණය කළ තැම්බී ගිය සමක් පහළට එල්ලා වැටිනි. ඒ ඔස්සේ රූරා වැටෙමින් සැරවය විය. රුධිරය විය. දුර්ඝන්ධ ඛේටය විය. මොලී ජීවමාන පිසාච සෙයියාවක, පණ ගැහෙද්දී කුණුව යන, ශරීර ස්කන්ධයක් පමණක් වී ඉතිරි වී සිටියා ය. සැප්තැම්බර් දොළොස් වන දා සවස් යාමයේ පස්වරු පහ වදින හෝරාවෙහි මොලී ගේ ජුගුලර් ශිරාව දිරාපත්ව ඉරී යාම නිසා ගලාගිය රුධිරයෙන් පෙගී ඇය සිය වේදනාබර ජීවිතයට නැවතුම් දී තිබිණි. ඇයගේ මරණයට හේතුව ලෙස සිෆිලිස් හී (උපදංශය නම් සමාජ රෝගය) තෘතීක ආවස්ථික සංකූලතා සටහන්ව තිබිණි. එසේනම් රේඩියම්? සමාගම් ලොක්කෝ මරණ පරීක්ෂකට අති සුඛෝපභෝගී නිවාඩුවක් සූදානම් කොට තිබිණි.
හිතවතුනි අනෙකුන්ගේ ඉරණම මීට නොවෙනස් විය. බොහෝවුන් හකුපාඩා දියව අතිශය වේදනාබර, තිරශ්චීනාකාර මරණයක් හිමි කරගත් අතර ඇතැමෙකු ජර්ජරිත අස්ථි භග්නයන්ගෙන් පීඩා විද, කොදු ඇට පෙළ කැඩී බිදී එක්තැන් විය. ව්‍යාධිය, මුඛයට හෝ ඒ ආසන්නයට සීමා නොවිණි. ඇතැමෙකුගේ දණිස් පොල්කටුව මත සුවිසල් පිලිකා ඇති විය. එකියකගේ උකුල් ඇටයෙහි හටගත් ගෙඩියක විශාලත්වය පාපන්දු දෙකකට වඩා විශාල විය. ඒ අතර ඇතැමුන් මේ ජායාරූපයෙහි දැක්වෙන්නාක් බදු සාර්කෝමා වර්ගයේ පිළිකාවලින් පීඩා විද විරූපී මරණයක නිශ්චල විය.
එකල් හී එක්සත් ජනපද රේඩියම් සංස්ථාවෙහි ප්‍රතිචාරය කුමක් වී ද? ඔවුහු යහමින් මුදල් වියදම් කරමින් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීය. මහා පරිමාණ පරීක්ෂණ සියල්ලක් අවසානයේ එකමෙක නිගමනයකට එලැඹ තිබිණි.'රේඩියම් මානව සංහතිය වෙනුවෙන් සොයාගනු ලැබූ මහාඖෂදයකි. එය සත්තකින් මිනිස් ජීවිතය දීර්ඝ කරවාලයි.' අහෝ ඒ එසේනම් අර දුප්පත් ස්ත්‍රීන් අපා දුක් විද මිය යන්නේ කෙසේ ද? උපදංශය! දවල්ට කම්හලේ වැඩකර රාත්‍රියේ විදී සැරූ ස්ත්‍රිය එහි ආනිසංශය විඳගෙන ඇත! මාතෘකාව එතෙකින් අවසන් විය.
නමුදු ඒ එසේ අවසන් කළ නොහැකිය. ඒ වෙනුවෙන් කිසිවෙකු හෝ සටන් කල යුතුමය. එවන්කළ හැරිසන් මාර්ට්ලන්ඩ් නම් සුවිසෙස් වෛද්‍යවරයා ඉදිරිපත් විය. මුදලට නොනැමී ස්වාධීන පරීක්ෂණ ඔස්සේ ඔහු රේඩියම් හී දුර්විපාකයන් පෙන්වා දුනි. වසර තුනකට පසු මොලී ගෙ දේහය ගොඩගත් ඔහු එහි ඉතිරි වූ අස්ථි අවශේෂ පෙන්වා ඒ රේඩියම් හී දුර්ගුණ මිස උපදංශයේ සංකූලත නොවන වග සනාථ කරැවීය. ඉතිරි වී සිටි සේවකයින් වන්දි ඉල්ලා නඩු මගට එලැඹි අතර ඔවුන් කිසිවෙකුටම ජීවිතය තව වැඩි නොදුරු බව වටහාගත් මෘග සමාගම් හිමියෝ මුදල් ගෙවා නඩු වාර දිගු කරගත් හ. බොහෝවුන් පිච්චියක් නොලබා මිට ගිය අතර ස්වල්පයක් උන් වන්දි ලබා ජීවිතය විදවා මැරෙන්නට පසෙකට විය.
රේඩියම් සමාගම තම ව්‍යාපාරය පුළුල් කෙරුවා මුස පසු බා ගියේ නැත. ඔව්හු විවිධාකාරයේ පරීක්ෂණ ඔස්සේ රේඩියම් ශරීරයට යහපත් වූ ඖෂධීය ගුණයක් සහිත වටිනා සම්පතක් බව ඔප්පු කරැ පෙන්වීය. එයට පිළිගත් වෛද්‍යවරුන්, විශාරදයින්, රසායන විද්‍යාවේදීන් පැමිණ හූමිටි තැබීය. ඔව්හූ ඉන් රේඩියම් දත්බෙහෙත්, රේඩියම් මුඛ සෝදන, බඩ පිපුම සදහා රේඩියම් සෝඩා, රේඩියම් රෙදි සෝදන කුඩු, රේඩියම් සබන් පමණක් නොව රේඩියම් ජල ෆිල්ටර පවා නිපදවූහ. ඇමෙරිකානුවා ප්‍රිය කළ නළුවා හෝ නිළියක පැමිණ ප්‍රචාරණයට අත්වැල් බැද ගති. මිලියන ගණනක් ලාභ ඉපැදිණි. මිනිස් ජීවිත ආකාලයේ නැසිණි. විශ්වාසයෙන් මිලදී ගත් කිසිවක් එදිනෙදා භාවිතයෙන් අහිංසකයා වියෝ විය. ඒ දුප්පත් ගැනුම්කරුවන්, රේඩියම් කෙල්ලන් මෙන්ම එහි දුර්ගුණ ගැන සත්තකින් දැන සිටියේ නැත.
මුදල් කඳු ගොඩ ගසා, ඒ අභ්‍යන්තරයෙහි සත්‍යය වසන් කර තිබිණි.
රේඩියම් කෙල්ලන් ගැන කියවා සිත් තැලී පොඩිවුන හිතවතිය, නොදන්නාවුන් මංමුලා කොට රේඩියම් නිෂ්පාදන විකිණූ වෙලෙන්දුන් ගැන ද්වේශයෙන් රතුව ගිය සොදුරු හිතවතිය, ඉතිං ඔබ, ඔබ ප්‍රියකලා වූ නිළිය කියුවේ සත්‍යයක් යැයි විශ්වසා කළා ද? නිළිරැජිණ තව නිළි බට්ටිත්තියන් රොත්තක් සමග ගෙන ආ ටෙලිවිෂන් සංවාදයක් දැක රැවටී ගියා ද? වෛද්‍ය මතය අනුව කිසිම හානියක් නැත ය කියා කිව් පමණින් සිත් සංකා දුරු වී ගියා ද? සුදු වෙන්නට, කෙට්ටු වෙන්නට, වයස සඟවා කියන්නට හැකි අමෘතය ගිලින්නට පෙර මඳකට මොලී සිහිකර ගන්න. දිස්නයට රැවටී මොලී රේඩියම් ගෙන තොළග ගෑවා ය. මොලී දැන සිටියේ නැත. ඔබ දන්නේ ද නැත. උන් දන්නවා යැයි කියන දේ සත්‍ය නැත. අත්දුටුවයි කියනවුන්ට මුදල් ගෙවා ඇත. ඒ හාංකවිසියක් නොදැන ඔබ ජීවිතය පරදුවට තබා ඇත.
අහෝ රේඩියම් කෙල්ලනි, වසර 1600ක අර්ධ ආයු කාලයක් වූ රේඩියම් දිරාපත් අස්ථියෙහි දරා මරණයේ සෙවනැල්ල යට, ඔබ අවශේෂ තවමත් රාත්‍රියේ දිලෙන බව දනිමි. මෙහි කෙල්ලෝ ද ඔබ අඩි පාරෙහිම යති.
හැකිනම් පැමිණ කියාදෙන්න, උන් ඔබ රැවටූ අපූරුව! නොදැනීම රැවටුනු අපූරුව!!
08/03/2020
Happy Women's Day to all of our valued clients ❤ ❤ ❤
14/02/2020
Salon Sobaroo : Ayurvedic and Non Ayurvedic Beauty | Bridal | Hair Salon
❤ අපගේ සියලූම මනාලියන් හැඩගැන්වීමේ පැකේජයන් සඳහා 1⃣5⃣%ක වට්ටමක්. අනෙකුත් තෝරාගත් සේවා සඳහා 2⃣0⃣% දක්වා වට්ටම්.
☎ ඔබගේ වේලාව වෙන්කරවා ගැනීමට අදම අමතන්න : 0777 858 852
❤ 1⃣5⃣% Discounts from all our Bridal Packages.
Up to 2⃣0⃣% Discounts on selected services.
☎ Contact Us to fix your appointment today: 0777 858 852
.......................................................................................
සොබාරූ මනාලියෝ - සුන්දරම මනාලිය වීමට සිහින දකින ඔබ සැලෝන් සොබාරූම තෝරාගත යුත්තේ ඇයි? ❓❓
😍😍 ස්වභාවිකත්වය ඉක්ම නොයන මේකප්, ඉතාමත් ප්‍රථිඵලදායී 🌿🌿🌿ආයුර්වේද බ්‍රයිඩල් රූපලාවණ්‍ය සත්කාර, සියලූම අංශ වෙත නොවෙනස් අවධානය, කැපවීම, නම්‍ය ශීලිත්වය සහ ඉතාමත් තරඟකාරී මිළගණන් අපගේ සුවිශේෂත්වයයි
❌සැ.යු : මිල අධික බ්‍රයිඩල් ෆේශල් ඇතුළු කිසිදු සැඟවුන ගාස්තුවක් අපගේ පැකේජයන්හි නොමැති අතර, බ්ලීචින් හෝ රසදිය අඩංගු ආලේපන ඇතුළු කිසිදු අහිතකර ආලේපනයක් අප විසින් භාවිත කරනු නොලැබේ.❌
........................................................................................
SobaRoo Brides : Why should you pick us as your Bridal Partner in your journey to be the most elegant bride? ❓❓
😍😍 Natural like makeups, affordability, 🌿🌿🌿Ayurveda Bridal Beauty Treatments, focus for fine details, commitment and flexibility are our specialty
...................................................................................
#සොබාරූ #මනාලියෝ #මනාලිය #විවාහ #මනාලී #සුභාසිරි #මංගලම්
#සොබාරූ ( #දෙල්ගොඩ / #බියගම) #මනාලිය #ආයුර්වේද
08/02/2020

☎ Contact Us to fix your appointment today: 0777 858 852......................................................................................
සොබාරූ මනාලියෝ - සුන්දරම මනාලිය වීමට සිහින දකින ඔබ සැලෝන් සොබාරූම තෝරාගත යුත්තේ ඇයි? ❓❓
😍😍 ස්වභාවිකත්වය ඉක්ම නොයන මේකප්, ඉතාමත් ප්‍රථිඵලදායී 🌿🌿🌿ආයුර්වේද බ්‍රයිඩල් රූපලාවණ්‍ය සත්කාර, සියලූම අංශ වෙත නොවෙනස් අවධානය, කැපවීම, නම්‍ය ශීලිත්වය සහ ඉතාමත් තරඟකාරී මිළගණන් අපගේ සුවිශේෂත්වයයි
❌සැ.යු : මිල අධික බ්‍රයිඩල් ෆේශල් ඇතුළු කිසිදු සැඟවුන ගාස්තුවක් අපගේ පැකේජයන්හි නොමැති අතර, බ්ලීචින් හෝ රසදිය අඩංගු ආලේපන ඇතුළු කිසිදු අහිතකර ආලේපනයක් අප විසින් භාවිත කරනු නොලැබේ.❌.......................................................................................
SobaRoo Brides : Why should you pick us as your Bridal Partner in your journey to be the most elegant bride? ❓❓
😍😍 Natural like makeups, affordability, 🌿🌿🌿Ayurveda Bridal Beauty Treatments, focus for fine details, commitment and flexibility are our specialty..................................................................................
#සොබාරූ #මනාලියෝ #මනාලිය #විවාහ #මනාලී #සුභාසිරි #මංගලම්
#සොබාරූ ( #දෙල්ගොඩ / #බියගම) #මනාලිය #ආයුර්වේද
Salon SobaRoo Send a message to learn more
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Siyabalape Waththa
Delgoda
Opening Hours
| Tuesday | 09:00 - 18:30 |
| Wednesday | 09:00 - 18:30 |
| Thursday | 09:00 - 18:30 |
| Friday | 09:00 - 18:30 |
| Saturday | 09:00 - 18:30 |
| Sunday | 09:00 - 18:30 |