LIAYU

LIAYU

Share

- Refreshing your Beauty senses -

ආයුර්වේද සත්කාරයකි.(ඇණවුම් කරන්න ) 👉 27/04/2024

ඔයා ළඟ දහඩිය ගදයිනේ 🤓🤓
කියලා කවුරුවත් ඔයාට නොකීවට Office එකේදී , Bus එකේදී , Train එකේදී , Party එකකදි ඔයාගේ යහළුවන්ගේ හැසිරීමෙන් ඔයාටම එක තේරිලා ඇති.
දහඩිය දුගඳ තමන්ට තේරෙන්නේ නෑ. මොකද නාසය එයට අනුවර්තනය වෙනවා. හැබැයි ළඟ ඉන්න අයට එහෙම නෑ.
අත් යටට අධික ලෙස දහඩිය දැමීමත් එය මත බැක්ටීරියා වර්ධනය වීමත් මෙයට ප්‍රධාන හේතුවක්.ගොඩ දෙනෙක් මේ සඳහා භාවිතා කරන Deodorant වලින් වෙන්නේ තාවකාලිකව දුගඳ නැතිවීම පමණයි. එත් ප්‍රශ්නය එතනමයි.
සුදු හඳුන්, වෙනිවැල් , වැල්මී , කොකුම් , කස්තුරි කහ , සැෆ්රන් , මුල්තානි මැටි , රත් හඳුන් , මී පැණි , අරළු භාවිතයෙන් 100% දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් ලෙස පැමිණෙන Liayu සබන් කැටය මගින් සති දෙකක් වැනි කෙටි කාලයක දී ඔබගේ අත්යට අධික දහඩිය දැමීම පාලනය කර දහඩිය දුගදින් ඔබව සම්පුර්ණයෙන්ම මුදවා ගනී.

🔷 මිල රු. 1750 ක් පමණි.
🚛 දිවයින පුරා බෙදාහැරීම රු. 250 ක් පමණි ( Cash on Delivery Available)

📞 ඇනවුම් කිරීම සදහා දැන්ම අමතන්න 070 5080 500 හෝ ඔබගේ නම , ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත ලබා දෙන්න.

ආයුර්වේද සත්කාරයකි.(ඇණවුම් කරන්න ) 👉

04/05/2023
Photos from LIAYU's post 06/04/2023

🤷‍♀️මේ දවස්වල අධික රස්නය නිසා ඔබත් අපහසුතාවයට පත්වෙලාද? 🤦‍♀️

මෙනිසා සම මතුපිට ඇති වන දහඩිය බිබිලි, එමගින් ඇතිවන කැසීම සහ සමේ අසාත්මිකතා නිසා ඔබගේ දෛනික ජීවිතයත් පීඩාකාරී වෙලාද? අධික රස්නය ඇති කාල වලදී දහදිය බිබිලි යනු බොහෝ දෙනා මුහුණදෙන ප්‍රශ්නයක්.
දහඩිය බිබිලි මතුවන්නේ ඔබගේ සමේ ඇති දහඩිය පිටකරන කුඩා සිදුරු අවහිර වූ විටයි. සම මතුපිටට පැමිණීමට නොහැකිව මෙලෙස සිර වන දහඩිය ආසාදනය වීමෙන් සම මතුපිට දහඩිය බිබිලි ඇති වෙනවා.
ශ්‍රී ලංකාව වැනි උෂ්ණ කලාපීය රටවල් වල දහඩිය බිබිලි ඉතා සුලභ වූවත්, ඉතාමත් ලේසියෙන් දහඩිය බිබිලි ඇතිවීම වළක්වාගන්න පුළුවන්!
දහඩිය බිබිලි වලක්වාගත හැකි ක්‍රම 5ක්!

01. තද ඇඳුම් වෙනුවට නිදහස් ලිහිල් ඇඳුම් අදින්න
ඔබගේ ඇදුම් තද වන විට ඔබගේ සමට ආශ්වාස කිරීමට ඇති ඉඩ අඩුවෙනවා. මෙමගින් ඔබගේ සමේ ඇති දහඩිය පිටකරන කුඩා සිදුරු තවත් අවහිර වෙනවා. ලිහිල් ඇදුම් මගින් මෙම ප්‍රශ්නය විසදෙන අතර ඔබගේ සමට ආශ්වාස කිරීමට අවශ්‍ය තරම් ඉඩ ඇති නිසා ඔබට දැනෙන රස්නයත් අඩු වෙනවා.

02.කපු වලින් සාදන ඇදුම් වලින් ඔබට සිසිලසක්!
කපු සහ ලිනන් වැනි ස්වාභාවික රෙදි පිළි වලින් සාදන ලද ඇඳුම් වලට දහඩිය උරා ගැනීමේ හැකියාව ඇති අතර, මෙම රෙදි සාමාන්‍යයෙන් සිසිලස උරාගන්නා රෙදි ලෙස සැලකෙනවා. මෙනිසා කපු සහ ලිනන් ඇඳුම් වලට ඔබගේ සිරුරේ සිසිලස රදාපවත්වා ගන්නා අතරම ඔබගේ දහඩිය උරා ගැනීමට ද පුළුවන්.

03.Liayu Ayurvedic සබන් වල විශේෂත්වය !
Liayu Ayurvedic soap තුල ඇති සම සුවපත් කිරීමේ හැකියාව නිසා දැනටත් දහඩිය බිබිලි වලින් පීඩාවට පත්වී ඇති ඔබට මෙය ඉතාමත් සුදුසුයි. දැනටමත් ඇති දහඩිය බිබිලි සුව කරන ගමන්, ඔබගේ සමේ සිසිලස සුරකිමින් නැවතත් දහඩිය බිබිලි ඇති වීම වැලක්වීමට, දහඩිය පිටවීමේ සිදුරු අවහිරවීම වැලැක්වීම , සම මත බැක්ටීරියා වර්ධනය වැලැක්වීම සහ සම අසාදනය වීම වැලක්වීම කරමින් ඔබේ සම ආරක්ෂා කරයි. ස්වභාවික ඖෂධ වර්ග පමණක් යොදාගනිමින් සිදුකරන නිෂ්පාදනයක් වීම සහ දහඩිය ගැටළු වලට පිලියමක් ලෙස ඒ සඳහාම කල නිපැයුමක් නිසාත් වඩා සුදුසු වේ.

04.පිරිසිදුකම ඉතාමත් වැදගත්!
අධික රස්නය ඇති කාල වලදී පිරිසිදුව සිටීම ඉතා වැදගත්. දිනපතා හෝ දිනකට දෙවරක් නෑම හෝ ඇග සේදීම මගින් ඔබගේ සිරුර සිසිල්ව තබාගන්න පුළුවන්. එමෙන්ම, හැකිතාක් රස්නය ඇති කාල වල ගමන් බිමන් යාම අඩු කරගැනීම සහ දිනපතා කාර්යභාර්යයන් සවස් වරුවේ කරගැනීම මගින් රස්නය නිසා ඇතිවන අපහසුතා වළක්වාගන්න පුළුවන්.

05.සිසිල් කෑම ආහාරයට ගන්න
පිපිඤ්ඤා, පැණි කොමඩු වැනි ස්වභාවිකව සිසිල් ආහාර වලින් ඔබගේ සිරුරේ අභ්‍යන්තරව ඇති රස්නය අඩු කරගන්න පුළුවන්. මෙනිසා ඔබගේ සම දහඩිය දැමීම අඩු කරන අතර, දහඩිය බිබිලි ඇති වීම ප්‍රවණතාවයද අඩු වෙනවා. අධික උෂ්ණය ඇති සහ ඉතා සැර ආහාර නිසා ඔබගේ සමේ දහඩිය දැමීම වැඩි වන අතර, රස්නය අධික කාල වලදී මෙම ආහාර අඩුවෙන් භාවිතා කිරීම සුදුසුයි.

දහඩිය බිබිලි යනු, සම නැවතත් සිසිල් වූ පසු ස්වභාවිකව ම නැති වී යන ප්‍රශ්නයකි. නමුත්, දහඩිය බිබිලි වලක්වාගැනීම, එය සුව කිරීමට වඩා ඉතාමත් පහසුයි. කිහිලි යට, ඔබගේ සිරුර නැවෙන ස්ථාන වල සහ ඇඳුමට සම ඇලෙන ස්ථාන වැනි සාමාන්‍යයෙන් අධික ලෙස දහදිය දමන ප්‍රදේශ වල දහඩිය බිබිලි ඇති වීමේ ප්‍රවනතාවය වැඩියි. දහඩිය ගැටළු වෙනුවෙන්ම නිපදවූ Liayu ආයුර්වේද සබන් භාවිතයෙන් ඔබටත් සැහැල්ලුවෙන් සිටීමටත් පුළුවන්!
සැහැල්ලුවෙන් ජීවත්වන්න
🌿Liayu Herbal වෙතින්🌿

02/04/2023

දහඩිය දුගදෙහි සායනික විමසුම - Clinical review of Body Odor 2

දහඩිය ගඳෙන් ගැලවෙන්නේ කොහොමද?

👉 දිනකට දෙවරක් ස්නානය කරන්න.

👉 නාන ඔරුවක් හෙවත් බාත්ටබ් (Bathtub) එකක් ඇත්නම්, එයට උණුසුම් ජලය පුරවා තක්කාලි යුෂ කෝප්ප 3 ක් දමා එහි ගිලී සිටින්න. එය ඔබගේ සම මතුපිට සිටින බැක්ටීරියා මර්ධනය කිරීමට හේතුවේ. ඉන්පසුව, බැක්ටීරියා නාශක සබන් (Antibacterial soap) වර්ගයකින් ශරීරය සෝදා හරින්න.

👉 ඉකිලි සහ කිහිලි සේදීමෙන් අනතුරුව, පිරිසිදු සහ වියලි තුවායකින් පිස දමන්න. තෙත තුවා භාවිතා කිරීමෙන් වලකින්න.

👉 නින්දට යාමට පෙර ඔබගේ කිහිලි හොඳින් සෝදන්න.

👉 ඔබගේ කිහිලි වල ඇති රෝම නිතර ඉවත් කරන්න. මක්නිසාද, රෝම මගින් දහඩිය වාෂ්ප වීම වලක්වාලයි.

👉 බැක්ටීරියා නාශක (Antibacterial) සහ දහඩිය පිටවීම වලකන ද්‍රව්‍යකින් (Antiperspirants) නින්දට යාමට පෙර කිහිලි සෝදන්න.. එවායේ දහඩිය පිටවීම වලකන ඇලුමිනියම් ලවණ (Aluminum salts) අඩංගු වේ. නමුත්, ඔබ භාවිතා කරන වර්ගයෙහි පැරබන් (Paraben) අඩංගු නොවන බව තහවුරු කරගන්න. මක්නිසාද, පැරබන් යනු පිළිකා කාරක රසායන ද්‍රව්‍යයකි.

👉 ඉහත ද්‍රව්‍ය භාවිතයේදී කෘතීම ද්‍රව්‍ය වෙනුවට ඒ සඳහාම නිපදවූ ආයුර්වේද නිෂ්පාදනයක් භාවිතා කිසිම සුදුසුයි.

👉 ඉරිඟු පිටි (Corn flour or cornstarch) හෝ බේකින් සෝඩා (Baking soda) ස්වල්පයක් කිහිලි වලට ඉස, විනාඩි කිහිපයක් තිබෙන්නට හැර සෝදා හරින්න. ඒවා ගන්ධයට හේතුවන රසායන ද්‍රව්‍ය සහ තෙතමනය උරාගනී.

👉 වතුර කෝප්පයකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (Hydrogen peroxide) තේ හැන්දක් දමා, එයින් කිහිලි සෝදන්න.

👉 ඔබේ සමට හානියක් නොවන බැක්ටීරියා නාශක සබන්, ඩියොඩොරන්ට්, සහ දහඩිය දැමීම වලකන ඩියොඩොරන්ට් තෝරා ගන්න.

👉 නිතර පිරිසිදු, ඇඟට ලිහිල් වූ, කපු ඇඳුම් අඳින්න. ඒවා ඔබේ දහඩිය හොඳින් උරාගන්නා අතර, ශරීරය වටා හොඳ වායු සංසරණයක් පවත්වා ගනී.

👉 ඔබගේ ඇඳුම් නිතර සෝදා පිරිසිදුව තබාගන්න. ඔබගේ ඇඳුම් වලින් දහඩිය ගඳ පිටවේ නම්, පැයක් පමණ බේකින් සෝඩා සමග පෙඟෙන්නට හැර සෝදාගන්න. තෙල් වැනි දහඩිය සහිත ඇඳුම් සඳහා, රෙදි සෝදන විට සුදු විනාකිරි (White vinegar) කෝප්පයක් එකතු කරන්න. සැමවිටම, ඇඳුම් එළිමහනේ වේලෙන්න හරින්න.

👉 දහඩිය ගන්ධය වැඩිකරන ආහාර පාන හඳුනාගෙන, හැකිතරම් ඒවා ආහාරයට ගැනීමෙන් වලකින්න. (සුදුලූණු, දුරු, ලූණු, මාළු, මත්පැන්, කෝපි සහ කැෆේන් (Caffaine) අඩංගු වෙනත් පාන වර්ග, තුන පහ, වෙනත් කුළුබඩු වර්ග, බදින ලද ආහාර, සහ පුලුස්සන ලද (Baked) ආහාර ආදිය)

👉 දුම්පානය නතර කරන්න.

👉 මානසික ආතතිය සහ සාංකාව හෙවත් අධික බිය පාලනය කරගන්න.

👉 දහඩිය ගන්ධය වැඩිකරන රෝග වලට නිසි ප්‍රතිකාර ලබාගන්න.

👉 දහඩිය ගඳ වැඩිකරන ඖෂධ සහ රසායන ද්‍රව්‍ය භාවිතය අවම කරන්න.

👉 දිනපතා ප්‍රමාණවත් අයුරින් ජලය පානය කරන්න (දිනකට වතුර වීදුරු 8 ක් පමණ). මක්නිසාද, ජලය දහඩිය ගන්ධයට හේතුවන විෂ රසායන ද්‍රව්‍ය (Toxins) ශරීරයෙන් ඉවත්කිරීම පහසු කරවයි.

මෙම ක්‍රම අනුගමනය කිරීමෙන්, දහඩිය ගඳෙන් ගැලවීමට ඔබට නොහැකි නම්, ඔබේ වෛද්‍යවරයා හෝ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් (Dermatologist) හමුවන්න. ඔවුන් අධිකව දහඩිය පිටවීම වලකන ඖෂධ ඔබට නියම කරනු ඇත. ඇතැම්විට, අධි ක්‍රියාකාරී ස්වේද ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය වැලැක්වීමට බොටියුලින් නික්ෂේපන (Botulin injections) විදීම සිදුකල හැක. සමහරවිට, කිහිල්ලෙහි සම ජලයේ ගිල්වා එය හරහා කුඩා විද්‍යුත් ධාරාවක් යැවීමෙන් දහඩිය පිටවීම වැලැක්වීම ද සිදුකරනු ලැබේ. මෙම ක්‍රියාවලිය අයන්ටොපොරෙසිස් (Iontophoresis) ලෙස හැඳින්වේ. ඇතැම්විට, ඔබගේ වෛද්‍යවරයා ප්‍රතිජීවක බැක්ටීරියා නාශක ඖෂධ (Antibiotics), ආලේපන හෝ බොන බෙහෙත් ලෙස නිර්දේශ කරනු ඇත. එමගින්, ඔබගේ කිහිලි වල බැක්ටීරියා වර්ධනය වීම අඩුවේ. ඔබට ඉතා අධිකව දහඩිය දැමීම (Severe hyperhidrosis) ඇත්නම්, ඔබගේ කිහිලි වල ඇති ස්වේද ග්‍රන්ථි සහ දහඩිය දැමීම උත්තේජනය කරන ස්නායු තන්තු කුඩා ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම ද කල හැක

01/04/2023

දහඩිය දුගදෙහි සායනික විමසුම - Clinical review of Body Odor 🙋‍♀️

ශරීරයෙන් පිටවන ගන්ධයන් අතරින්, දහඩිය ගඳ ප්‍රමුඛ ස්ථානයක් ගනී. එය ප්‍රධාන වශයෙන් කිහිලි සහ ඉකිලි වලින් පිටවන අතර, සමේ අනෙකුත් ස්ථාන වලින් ද මද වශයෙන් පිටවේ. නමුත්, සමාජයේ බහුලවම ගැටළුකාරී වන්නේ කිහිලි වලින් පිටවන දහඩිය ගන්ධයයි. මක්නිසාද, එය ඔබව සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්කිරීමට සමත් වේ

මිනිස් සමෙහි දහඩිය හෙවත් ස්වේද ග්‍රන්ථි වර්ග දෙකක් පවතී.
1. Merocrine/Eccrine glands
2. Apocrine glands

1.මීරොක්‍රයින් ග්‍රන්ථි (Merocrine/Eccrine glands)
බොහොමයක් ස්වේද ග්‍රන්ථි මෙම වර්ගයට අයත් වේ. මෙම ග්‍රන්ථි වලින් ජලය සහ ලුණු සහිත දහඩිය පිටකරන අතර, දේහයේ උෂ්ණත්වය පාලනයට වැදගත් වේ.

2. ඇපෝක්‍රයින් ග්‍රන්ථි (Apocrine glands)
මෙම ග්‍රන්ථි හිසේ සම, කිහිලි, ඉකිලි, පියයුරු වල තන පුඩුව අවට (ඇරියෝලාව/Areola), සහ නාභිය අවට බහුලව ඇත. ඇපෝක්‍රයින් ග්‍රන්ථි වලින් දහඩිය සමග ස්නෙහය (Sebum) ශ්‍රාවය කෙරේ.

දහඩිය ගද ඇයි 👧
සාමාන්‍යයෙන්, දහඩිය ගන්ධයකින් තොරය. නමුත්, සම මත සිටින බැක්ටීරියා දහඩිය වල ඇති ප්‍රෝටීන් සහ මේදය රසායනිකව බිඳ දමමින් ගන්ධය ඇතිකරයි.

දහඩිය ගඳ ඇතිවීමට හේතු

1. බැක්ටීරියා
සම මත ජීවත් වන Corynebacterium, Staphylococcus epidermidis, සහ Propionibacteria දහඩිය ගඳ ඇතිකිරීමට ප්‍රධාන වශයෙන් හේතුවේ

2. ආහාර පාන
සුදුලූණු, දුරු, ලූණු, මාළු, මත්පැන්, කෝපි සහ කැෆේන් (Caffaine) අඩංගු වෙනත් පාන වර්ග, තුන පහ, වෙනත් කුළුබඩු වර්ග, බදින ලද ආහාර, සහ පුලුස්සන ලද (Baked) ආහාර ආදිය දහඩිය ගඳ වැඩිකිරීමට හේතුවේ.

3. ජාන
ජපාන, චීන, සහ කොරියානු ජාතිකයන් වැනි පෙරදිග ආසියානුවන්ගේ සමෙහි ඇපෝක්‍රයින් ග්‍රන්ථි සංඛ්‍යාව අඩුය. එමනිසා, ඔවුන්ගේ දහඩිය ගඳ පිටවීම අඩුවේ. කිහිලි වල දහඩිය ගඳ ඇතිවීම ABCC11 නැමැති ජානයකින් තීරණය වේ. ඔබගේ කණෙහි වියලි ඉටි (Dry wax) ඇතිවන්නේ නම්, ඔබට කිහිලි වල දහඩිය ගඳ ඇතිවීමට ඇති ඉඩකඩ අඩුවේ. මක්නිසාද, කණෙහි වියලි ඉටි ඇතිවීමට ද ABCC11 ජානය හේතුවේ. ජානමය රෝගයක් වන ට්‍රයිමෙතිල්ඇමයින්යූරියා (Trimethylaminuria) තත්ත්වය ඇති අයගෙන් දහඩිය ගන්ධය වැඩියෙන් පිටවේ. ඒ මෙම රෝගය නිසා ශරීරය තුළ ට්‍රයිමෙතිල්ඇමයින් (Trimethylamine) බිඳ දැමීමට නොහැකිවීම නිසාවෙනි. එමනිසා, මුත්‍රා සමග ට්‍රයිමෙතිල්ඇමයින් පිටවීම ද සිදුවේ.

4. ඇතැම් කායික රෝග
පහත සඳහන් රෝග නිසා දහඩිය ගන්ධය වැඩියෙන් ඇතිවේ. ඒ දහඩිය පිටවීම වැඩිවන නිසාවෙනි.
👉බ්‍රොම්හයිඩ්‍රෝසිස් (Bromhidrosis) හෝ ඔස්මිඩ්‍රෝසිස් (Osmidrosis) – අධික ගන්ධයක් සහිතව දහඩිය වැඩියෙන් පිටවේ.
👉ඇපෝක්‍රයින් බ්‍රොම්හයිඩ්‍රෝසිස් (Apocrine Bromhidrosis) – ඇපෝක්‍රයින් ග්‍රන්ථි වලින් අධිකව දහඩිය පිටවේ.
👉මානසික ආතතිය සහ සාංකාව (අධික බිය)
👉දියවැඩියාව
👉තරබාරුකම
👉ශරීරය තුළ යූරික් අම්ලය බිඳ හෙලීමේ ක්‍රියාවලිය අකර්මණ්‍ය වීම නිසා ඇතිවන ගවුට් (Gout) නැමැති තත්ත්වය
👉ඇතැම් සන්ධි ප්‍රදාහ හෙවත් ආත්‍රයිටිස් (Arthritis)
👉අක්මා රෝගය
👉වකුගඩු රෝග
👉මළ බද්ධය (Constipation) වැනි ආහාර මාර්ගය ආශ්‍රිත රෝග
👉සින්ක් (Zinc) හෝ මැග්නීසියම් (Magnesium) ඌණතාවය
👉දිළීර ආසාදන
👉තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය හෙවත් අධි තයිරොයිඩතාවය (Hyperthyroidism)

5. ඇතැම් ඖෂධ සහ රසායන ද්‍රව්‍ය
👉ටොපිරමේට් (Topiramate)
👉මෝෆීන් (Morphine)
👉පැරසිටමෝල් (Paracetamol)
පෙරිසයසින් (Pericyasine)
👉දුම්පානය

6. ස්ත්‍රී පුරුෂ භාවය
කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් සක්‍රීයව කටයුතු කරමින් දහඩිය වැඩියෙන් නිපදවීම නිසා, කාන්තාවන්ට වඩා පිරිමින් අතර දහඩිය ගන්ධය වැඩියෙන් පවතී. නමුත්, ආර්තවාභාවයෙන් (Menopause) පසුව කාන්තාවන්ට දහඩිය දැමීම වැඩිවන බැවින්, ආර්තවාභාවය සිදුවූ කාන්තාවන්ට දහඩිය ගඳ වැඩිපුර ඇතිවීම සිදුවේ.එසේම කාන්තාවන්ගෙන් සමහරුන්ට ඔසප්වීම (me**es) සිදුවන කාල වකවානුවේදී දහඩිය ගන්ධය වැඩිවීම සිදුවේ.

7. ජීවන රටාව සහ සනීපාරක්ෂාව
ඔබ දිනපතා ස්නානය නොකරන්නේ නම්, දහඩිය සම මත එකතු වීම නිසා, වැඩිපුර දහඩිය ගඳ ඇතිවේ. කිළිටි ඇඳුම් හෝ වායු සංසරණය හොඳින් සිදුනොවන ඇඳුම් ඇඳීම ද දහඩිය ගඳ වැඩිකරයි

21/03/2023

දහඩිය දුගද නැවතීමට ස්වභාවික ක්‍රම 5 ක් 🙋

ඝර්ම කලාපීය රටක ජීවත් වීම ශරීරයේ දුර්ගන්ධය සම්බන්ධයෙන් යම් යම් අභියෝග ඇති කළ හැකිය. උණුසුම් හා තෙතමනය සහිත දේශගුණය අධික ලෙස දහඩිය දැමීමට හේතු විය හැක, අප්ස‍රන්න ගන්ධයන් ඇති විය හැක. කෙසේ වෙතත්, ශරීරයේ දුර්ගන්ධය අඩු කිරීමට සහ වඩාත් සුවපහසු වීමට ක්‍රම කිහිපයක් තිබේ.

01. හොඳ සනීපාරක්ෂක පුරුදු ඇතිකර ගැනීම :
මෙය ශරීරයේ දුර්ගන්ධය වැළැක්වීමේ වැදගත්ම පියවරයි. අවම වශයෙන් දිනකට එක් වරක් ස්නානය හෝ ස්නානය කරන්න, හොඳ තත්ත්වයේ ආයුර්වේද සබන් හෝ බොඩි වොෂ් භාවිතා කරන්න. අත් යට, ඉකිලි සහ පාද වැනි බැක්ටීරියා එකතු වීමට නැඹුරු වන ප්‍රදේශ හොඳින් පිරිසිදු කිරීමට වග බලා ගන්න. තෙතමනය බැක්ටීරියා වර්ධනයට දායක විය හැකි බැවින්, ස්නානය කිරීමෙන් පසු සම්පූර්ණයෙන්ම වියළන්න.

02. සුව පහසු ඇඳුම් අඳින්න:
ඔබේ ශරීරය වටා වාතය සංසරණය වීමට ඉඩ සලසන කපු හෝ ලිනන් වැනි ස්වභාවික රෙදි තෝරන්න. ඔබේ සමට එරෙහිව දහඩිය සහ තෙතමනය රඳවා ගන්නා කෘතිම ද්‍රව්‍යවලින් වළකින්න. ලිහිල් ඇඳුම් ඔබට සිසිල් සහ සුවපහසුව තබා ගැනීමටද උපකාරී වේ.

03.දහඩිය ප්‍රතිරෝධක (antiperspirant) භාවිතා කරන්න:
දහඩිය ග්‍රන්ථි අවහිර කිරීමෙන් antiperspirant ක්‍රියා කරන අතර එමගින් අධික ලෙස දහදිය දැමීම පාලනය කරයි. ස්වභාවික ශාකසාර භාවිතයෙන් එසේ නිපදවා ඇති නිෂ්පාදන භාවිතා කරන්න .

04.ජලය පානය :
ඕනෑ තරම් ජලය පානය කිරීමෙන් ඔබේ ශරීර උෂ්ණත්වය නියාමනය කිරීමට සහ අධික දහඩිය දැමීම වළක්වා ගත හැකිය. දිනකට අවම වශයෙන් වතුර වීදුරු 8 ක් වත් පානය කිරීමට ඉලක්ක කර, ඔබව විජලනය කළ හැකි සීනි හෝ කැෆේන් සහිත බීමවලින් වළකින්න.

05.නිවැරදි ආහාර වේලක් ලබා ගන්න :
කුළුබඩු සහිත හෝ තියුණු ආහාර වැනි ඇතැම් ආහාර ශරීර ගන්ධය ඇති කළ හැකිය. පලතුරු සහ එළවළු ඕනෑ තරම් ඇතුළත් සමබර ආහාර වේලක් ගැනීමට උත්සාහ කරන්න, සැකසූ හෝ බැදපු ආහාර ගැනීමෙන් වළකින්න.

මෙම ඉඟි අනුගමනය කිරීමෙන්, ඔබට ශ්‍රී ලංකාව වැනි උෂ්ණ දේශගුණයක් තුළ ශරීරයේ දුර්ගන්ධය අඩු කර ගත හැකි අතර වඩාත් සුවපහසු විය හැකිය. මතක තබා ගන්න, හොඳ සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය සම්පන්න පුරුදු ආත්ම විශ්වාසය සහ ප්‍රබෝධමත් බව ගෙනදීමට යතුරයි.

Liayu වෙතින් ආයුර්වේද සත්කාරය

ආයුර්වේද සත්කාරයකි.(ඇණවුම් කරන්න ) 👉 21/03/2023

ඔයා ළඟ දහඩිය ගදයිනේ 🤓🤓
කියලා කවුරුවත් ඔයාට නොකීවට Office එකේදී , Bus එකේදී , Train එකේදී , Party එකකදි ඔයාගේ යහළුවන්ගේ හැසිරීමෙන් ඔයාටම එක තේරිලා ඇති.
දහඩිය දුගඳ තමන්ට තේරෙන්නේ නෑ. මොකද නාසය එයට අනුවර්තනය වෙනවා. හැබැයි ළඟ ඉන්න අයට එහෙම නෑ.
අත් යටට අධික ලෙස දහඩිය දැමීමත් එය මත බැක්ටීරියා වර්ධනය වීමත් මෙයට ප්‍රධාන හේතුවක්.ගොඩ දෙනෙක් මේ සඳහා භාවිතා කරන Deodorant වලින් වෙන්නේ තාවකාලිකව දුගඳ නැතිවීම පමණයි. එත් ප්‍රශ්නය එතනමයි.
සුදු හඳුන්, වෙනිවැල් , වැල්මී , කොකුම් , කස්තුරි කහ , සැෆ්රන් , මුල්තානි මැටි , රත් හඳුන් , මී පැණි , අරළු භාවිතයෙන් 100% දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් ලෙස පැමිණෙන Liayu සබන් කැටය මගින් සති දෙකක් වැනි කෙටි කාලයක දී ඔබගේ අත්යට අධික දහඩිය දැමීම පාලනය කර දහඩිය දුගදින් ඔබව සම්පුර්ණයෙන්ම මුදවා ගනී.

📞 ඇනවුම් කිරීම සදහා දැන්ම අමතන්න 070 5080 500 හෝ ඔබගේ නම , ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත ලබා දෙන්න.

🔷 මිල රු. 1750 ක් පමණි.
🚛 දිවයින පුරා බෙදාහැරීම රු. 250 ක් පමණි ( Cash on Delivery Available)

ආයුර්වේද සත්කාරයකි.(ඇණවුම් කරන්න ) 👉

Photos from LIAYU's post 12/03/2023

🦋පැහැපත් සුමුදු සමකට අකමැති කිසිවෙක් නැහැනේ? දිගු කලක් තිස්සේ පවතින දරුණු කුරුලෑ කැළැල් මකාලීම තවත් දුෂ්කර වනවා.

🦋රෝම කුප වල ඇතිවන ප්‍රදාහික තත්වය නිසා කුරුලෑ හට ගන්නවා. මේවා පුපුරුවන්නටත් කඩන්නටත් ඔබ පුරුදු වී ඇත්නම් එය සුදුසු ක්‍රියාවක් නොවේ. එම පුරුද්දෙන් ඔබ ඇත් මිදිය යුතුයි. මෙමගින් වඩාත් තද පැහැති ලප කැළැල් ඉතිරි වන අතර ඒවා ඉවත් කිරීම වඩාත් අපහසු වනවා.

🦋ඉතින් මේ ඉදිරිපත් කරන්නේ ඉතාම කාර්යක්ෂම ලෙස කුරුලෑ කැළැල් මකාලන්න්නට භාවිතා කරන්නට නිවසේදීම කල හැකි පිළියමක්

✨️මි පැණි ප්‍රතිකාරය

මි පැණි කුරුලෑ ලප සඳහා කදිම පිලියමක් බවට ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. මී පැණි යනු ප්‍රබල ප්‍රතිජීවක, විෂබීජනාශක හා ප්‍රතිඝතිදාරක නියෝජිතයෙකි

i රාත්‍රී නින්දට කලින් ඇඟිලි තුඩට මි පැණි බිඳක් බැගින් ගෙන කුරුලෑ කැළැල් මත පටලයක් සේ තවරගන්න.

ii පසුවදා පිරිසිඳු වතුරෙන් මුව සෝදාගන්න

iii කැළැල් එතරම් දරුණු නොවේ නම් පැය බාගයක් පමණක් තබා සෝදා හැරිය හැක.

✨️ නියමිත ප්‍රතිපල ලැබීමට මී පැණි , පිරිසිදු මීපැණි විය යුතුයි ✨️

ආයුර්වේද සත්කාරය....

Want your business to be the top-listed Beauty Salon in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Main Street
Embilipitiya

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 00:00 - 23:45