Prana Osu Embilipitiya

Prana Osu Embilipitiya

Share

සියලුම අයුර්වේද ඖෂධ හා නිශ්පාදන මිලදී ගැනීමට.

15/02/2023

සියලුම සිංහල ආයුර්වේද ඖෂධ වර්ග විදෙස් ගත වී සිටින ඔබ වෙත ගෙන්වා ගැනීමට.
☎️+94706425033
🌐https://www.ebay.com/str/pranaorganic

11/11/2022

නිල සර්වාංග වෙදකම
(දියවැඩියාව,ආතරයිටිස්,අර්ශස්,පිත්තාශයේ මුත්‍රාශයේ ගල් දිය කිරීම,පිලිකා සුව කිරීම)
කෙට්ටු බව නැති කිරීම.
තරබාරු බව නැති කිරීම.

පාරම්පරික වෛද්‍ය
0701451964

නිවසටම පැමිණ ප්‍රතිකාර කරණු ලැබේ.

14/08/2022
10/07/2022

තෙල් ගහන්න පොලිම්.කසාය කිරන්නත් පෝලිම්ද?.පොලිම් නැතුව බෙහෙත් ගන්න එළවළු මාර්කට් එකෙ බෙහෙත් කඩේට එන්න!.

16/06/2022

ප්‍රති විෂ නැතුව මියගිය දරුවෙක් ගැන ආරංචි උනා නිසා මේ සටහන තියන්න හිතුවෙ කාගෙ හෝ ජීවිතයක් ගලවාගැනීමේ අරමුණින්.

ලංකාවෙ දැන් ප්‍රති විෂ (Anti Venom) වල හිඟතාවක් පවතිනවා. හිඟතාවකටත් වඩා නැහැ කියල තමයි කියන්න තියෙන්නෙ. ඒක නිසා පෙරට වඩා සැලකිලිමත් වෙන්න. රාත්‍රියේ එහෙ මෙහෙ යද්දි උස් තෘණ ඇති කොටස් වල බිමට දණ්ඩකින් තට්ටු කරන්න. ආ⁣ලෝකයක් (ටෝච්) භාවිතා කරන්න. අහුමුලු සුද්ද කරන්න යද්දි සැලකිලිමත් වෙන්න වගේම නිවාස අවට පිරිසිදුව තියාගන්න. විශේෂයෙන්ම කුඩා දරුවන් ගැන සැලකිලිමත් වෙන්න එලිපහලියෙ එයාලා සෙල්ලම් කරද්දි. කොයිම අවස්ථාවකවත් නුහුරු, අනාරක්ෂිත විදිහට අතින් සර්පයෙක් අල්ලන්න යන්න එපා. මේ අවස්ථාවෙ හැටියට නම් ප්‍රවීණයන්ටත්, නවකයන්ටත් මේක පොදුයි පවතින තත්වය එක්ක.

සර්පයෙක් දෂ්ඨ කලොත් මොනවද කල යුත්තේ හා නොකල යුත්තේ?

• සර්ප දෂ්ඨනයට ලක් උන අයව කලබල කරන්න එපා. ඔහුව බය කරන්න එපා. දෂ්ඨ කල සර්ප විශේෂය අදුරගන්න බලන්න. රෝහල්ගත කරන්න අරගෙන යන අතරවාරයේ රෝග ලක්ෂණ සටහන් කරගන්න. විටින් විට රෝගියට කතා කරල අවධානය තියාගන්න.

• දෂ්ඨනය සිදු වූ ස්ථානයට ඉහලින් වේවා පහලින් වේවා ගැට යොදා බදින්න එපා. වෙලුම් යොදන්න එපා. රෝගියාව වාඩි කරවන්න. දෂ්ඨනය සිදු වූ ස්ථානය (අතක් වගේ නම්) හදවතට පහලින් පිහිටන සේ තියන්න.

• දෂ්ඨනය සිදු වූ ස්ථානය කපන්න හෝ කට තියල විෂ උරන්න යන්න එපා. පුලුස්සන්න එපා. තද ඇදුම්, සපත්තු, මාල, වලලු ඉක්මනින් ගලවා ඉවත් කරන්න.

• කාලය කා දමන්න එපා. හැකි ඉක්මනින් රෝහල් ගත කරල වෛද්‍ය උ⁣පදෙස් පතන්න. නොදන්න ප්‍රතිකාර කරන්න යන්න එපා. රෝහල් ගත කරන්න අරගෙන යනකොට සපා කෑ ස්ථානය හදවතට පහලින් පිහිටන විදිහට තියාගෙන අරගෙන යන්න. පුලුවන් නම් උරස් පටියක් වගේ භාවිතා කරන්න.

හදිස්සියෙ හරි වනාන්තරයක් ඇතුලෙ උනොත්?

• ආපසු හැරෙන්න. රෝගියාට ඇවිදින්න දෙන්න එපා. වාඩි කරන්න. පුලුවන් නම් ආධාරකයක් භාවිතා කරල ඔහුව අරගෙන එන්න බලන්න. අරගෙන එද්දි අර කිව්ව වගේ හදවතට පහතින් දෂ්ඨනය සිදු වූ ස්ථානය තියාගන්න.

• දෂ්ඨ කරපු තැන වටේට රවුමක් දාලා ලකුණු කරන්න. දෂ්ඨනය සිදු වූ වෙලාව සටහන් කරගන්න.

• හදිස්සි ඇමතුම් අංක වලට අරගෙන ඔබ සිටින තැන, තත්වය පුලුවන් නම් වාර්තා කරන්න. හැකි ඉක්මනින් රෝහල්ගත වෙන්න. බෙහෙත් නැත්තං ආයුර්වේද තැනකට ඔබේ හිතවතෙක් යවා බෙහෙතක් රැගෙන එන්න.. ඉංග්‍රීසි බෙහෙත් හෝ ආයුර්වේද හෝ කුමන හෝ බෙහෙතක් ලබා දිය යුතුමයි.. නැති නම් ජීවිතය අනතුරේ.. රෝහලේ ඉන්නකොට ආයුර්වේද බෙහෙත් දුන්නා කියලා වෛද්‍යවරුන් මොකුත් කියන එකක් නෑ..

පුලුවන් තරම් පරිස්සමට කටයුතු කරන්න. අවධානයෙන් පසුවෙන්න. එතකොට මේවා කරදර වලින් ගැලවිලා ඉන්න පුලුවන්. ඒ වගේම දකින දකින සර්පයා මරන්න යන්නත් එපා. උන්ව ආරක්ෂිතව ඉවත් කරගන්න පුලුවන් ක්‍රම තියෙනවා. ඒක නිසා අනවශ්‍ය විදිහට බය වෙලා සර්පයො මරන්න ගියොත් පරිසර තුලනය කැඩිලා ගිහින් වෙන වෙන ප්‍රශ්නත් ඇති වෙන්න පුලුවන්.

Seth Muhandiram

15/06/2022

අපි හැමෝටම අමාරු වෙලාවක් මේක.රැකියාවල් නැති වෙලා.ගන්න පඩිය මූලික අවශ්‍යතා වලටත් මදි වෙලා.අම්මට තාත්තට බෙහෙත් ටික අරන් දෙන්න විදියක් නැති වෙලා.දරු පැටව් බඩගින්නෙ අඬද්දි අහස දිහා බලාගෙන ජීවිතේට ශාප කරන්න තරම් අපි අසරණ වෙලා.කියක් හරි හොයාගන්න විදුලිය,ඉන්දන,ප්‍රවාහන පහසුකම් නැති උන වෙලාවක් මේක.ණය බර එන්න එන්නම වැඩි වෙලා.සරලවම තුන් වේල සරි කරගන්නෙ බොහොම අමාරුවෙන්.ඉතිං අපි හැමෝම මේ වෙලාවෙ ඉන්නෙ විශාද තත්වයක.කොච්චර හයිය හිතක් උනත් මේ ප්‍රශ්න එක්ක වැටෙන්න පුලුවන්.ඔය ප්‍රශ්න වලට දෙන්න උත්තර නැති උනත්.හිත නිවෙනකන් සැනසීමක් දැනෙනකන් අහන් ඉන්න ,අලුතෙන් අයෙම හිතන්න පටන් ගන්න ,ප්‍රශ්න අතරින් හිනා වෙන්න එන්න අපි කතා කරමු.දහසක් අහිමිවීම් එක්ක ජීවිතේ ගැන දරුණු තීරණ ගන්න කලින් එකම එක වතාවක් අපි කතා කරමු.අපිට ආදරේ වෙන හැමදාටමත් වඩා ඕන වෙලාවක් මේක.එන්න අපි කතා කරමු.ආදරෙයි❤️

0779947787 කවිඳු

පහත දිගු මගින් වැඩි විස්තර සහ විශේෂඥ සහය ලබා ගත හැකියි.

https://nimh.health.gov.lk/en/tag/helpline/

https://srilankasumithrayo.lk/

https://pulse.lk/everythingelse/suicide-prevention-helplines/

https://www.lankaxpress.com/suicides-prevention-hotlines-in-sri-lanka-call-1926-or-1333/

http://www.suicide.org/hotlines/international/sri-lanka-suicide-hotlines.html

වෛද්‍ය උපදෙස් සහ විස්තර කිරීම්.

https://www.youtube.com/c/MentalHealthRoundTable/videos

සිත සන්සුන් කරන භාවනා ක්‍රම සහ වැඩ සටහන්.

https://www.youtube.com/c/KesharaDissanayake/videos

https://www.youtube.com/c/Awakasha/videos

https://www.youtube.com/channel/UCgHh_LjwZl_I0mkH4ZbYHuQ/videos

08/06/2022

ධාන්‍ය වර්ග ගුල්ලන්ගෙන් ප්‍රවේසමෙන් කර ගන්නා ක්‍රම :-

ගුල්ලන්ගෙන් ධාන්‍ය ප්‍රවේසමෙන් කර ගන්න මේ උපක්‍රම ටික කරලා බලමුද.

1. කරාබු නැටි කීපයක් හාල් වලට කළවම් කර තැබීම.

2. දෙහි කොළ ටිකක් වැඩියෙන් අරගෙන හාල් ඇතුලට දාලා බලන්න. දෙහි කොළ වල තියෙන පැගිරි සුවදට මේ ගුල්ලන් වහනවා අඩුයි. දෙහි කොළ සෝදා වේලා දාන්න වග බලා ගන්න . තෙත ඉවත් වු පසුව මේ ධාන්‍ය වලට එකතු කරන්න. සුළං වදින්නේ නැති වෙන්න වසා තියන්න.

3. වේලපු මිරිස් කරල් දාන එකත් හොද පිළියමක්. මේක ඉතාම සාර්ථක ක්‍රමයක්.

4. අනිත් එක අමු කහ පොතු ඇරලා පෙති කපා වියලා හාල් වලට එකතු කරන්න . මේකත් අත්දැකීමෙන් ඉත සාර්ථක ක්‍රමයක්.

5.කරපිංචා , හා රම්පෙ කොළ හාල් වලට
ගුල්ලන් ගහනවා අඩුයි. මේවාත් එකතු කරලා බලන්න. හොයා ගන්නත් අමාරු නැහැ .

6. සමහරු ගම්මිරිස් ඇට කුඩු කරලා ධාන්‍ය වර්ග වලට එකතු කරලා තියෙනවා. ඒකත්
සාර්ථක ක්‍රමයක්.

7. කුරුදු පොතු හා කුරුදු කොළත් ධාන්‍ය වර්ග වලට එකතු කිරීමෙන් හොද ප්‍රතිඵල ගන්න පුලුවන්.

8.කොහොඹ කොළ අපිට හොයා ගන්නත් පුලුවන්. මේකත් ගුල්ලන් සදහා හොද විසදුමක්.

9. තවත් ක්‍රමයක් තමයි සුදුළුණු දාන එක. මේ ක්‍රමයටත් කරලා බලන්න. පරිප්පු වගේ දේවල් වලට ගොඩාක් සුදුසුයි.

10. ශිතකරනයේ තියා ගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි. ගුල්ලන් ගහන්නෙම නැහැ. අපිට ගොඩාක් ශිතකරනයේ තියා ගන්න බැරි එකයි ප්‍රශ්නේ.

11. අපිට පුලුවන් සතියකට සැරයක් වගේ අව්වට දාලා වේල ගන්න. මේ ක්‍රමයට ගුල්ලන් ගහන්නෙම නැහැ. ඒත් අපේ වැඩ එක්ක ඒක කරන්න හරි අමාරුයි.

12. තව හොද ක්‍රමයක් තියෙනවා ලුණු කුඩු කළවම් කරලා අව්වේ තියලා ගුල්ලන් ඉවත් කර ගන්න එක . ඉන්පසු ශිතකරනයේ තියලා ගන්න ඕනේ. දවස් හතරක් හෝ පහක් විතර තියලා පාවිච්චියට ගන්න.

13. දෙහි පොතු ලෙමන් ගෙඩි වල පොතු වේලලා හාල් හා ධාන්‍ය වර්ග වලට දාලා තියන්නත් පුලුවන් . ඒකත් හොද ක්‍රමයක්.

14. සුළං නොවදින සේ වීදුරු බෝතල් වලට දමා ගැනීමත් හොද ක්‍රමයක්. මේ ක්‍රමය මමත් අත් හදා බලලා තියෙනවා. සාර්ථකයි.
කරාබු නැටි කීපයක් එක්ක දාන්න පුලුවන් නම් වඩා හොදයි.

15. ප්ලාස්ටික් බෑග් එකකට දාලා කට හොදට ගැට ගහලා තියලා බලන්න. ගුල්ලන් මැරෙනවා. ටික දවසකින් උරය මාරු කරන්න.

16. හාල් බෑග් ගෙනාපුවාම කාලයක් එකම පැත්තට තියන්න එපා. සතියකට සැරයක් බෑග් එක හොලවලා පැත්ත මාරු කරලා තියන්න. එයින් හාල් පුස් කාලා ගුල්ලෝ ගහන එක වළක්වා ගන්න පුලුවන්.

17. හාල් ලූස් ගෙනාවම සිලි සිලි බෑග් වලින් අයින් කරලා හොදට පිරිසිදු කරපු හාල් බෑග් වලට දාලා කට හොදින් ගැට ගහලා තියන්න ඕනේ.

18. මේ කරුණු වලට අමතරව ඔයාලත් දන්න දේවල් තියෙනවා නම් මේකට එකතු කරන්න.

Garlic and jinger

උපුටාගැනීමකී

Photos from Prana Osu Embilipitiya's post 07/06/2022

මූල රෝග සුවය : මෙම ඖශධීය පානය අර්ශස් රෝගයෙන් හට ගන්නා ලේ යාම, ගෙඩි හට ගැනීම, මූලම පාත් වීම, සීදම් ගැලීම, මල මාර්ගය අවට ඉදිමුම, කැක්කුම, දැවිල්ල, කෑම නොදිරවීම, බඩ පුරවා දැමීම, කෑම අරුචිය, බඩේ දැවිල්ල, උගුරට ඒම, මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය හා ගැස්ට්‍රයිටීස් රෝගය සඳහා විශේශයෙන් ගුණදායක ඖශධයකි.

මූල අර්ශස් රසායනය : අර්ශස් රෝගය සඳහා විශේශයෙන් ගුණදායක මෙම ඖශධය අර්ශස් රෝගයට සම්බන්ද සියලුම රෝග වලට ඉක්මන් සුවයක් ලබා ගැනීමට කඩහපොල මූල රෝග සුවය ස්මග පාවිච්චි කරන්න.

අර්ශස් ආලේප තෙල : ඉහත රෝග සඳහාම අලේප කල හැකි තෛලයකි.උණු වතුරෙන් මල මාර්ගය අවට සෝදා අර්ශස් ලේපය හා අර්ශස් ආලේප තෙල එක් වර්ගයක් උදේ සවස ආලේප කරන්න.

අර්ශස් රෝගයට සුදුසු ආහාර : ඇපල්, මිදි, තැඹිලි, බාර්ලි, මුං ඇට, මී කිරි, කෙසෙල්, බෙලි, පැපොල්, කොමඩු, කිතුල් පිටි කැඳ, ස්ව කැඳ, එළවළු සුප්, කොහිල අල, ගොටුකොළ, වැල්පෙනෙල, හාතවාරිය ආදී කොළ කැඳ වර්ග හා ඇඟ නිවන කෙඳි සහිත අහාර පිරිසිදු ජලය ඉතා සුදුසුයි.

අර්ශස් රෝගයට නුසුදුසු ආහාර : විශේෂ‍යෙන්ම සියළුම සත්ව මස් වර්ග, තෙල් මිශ්‍ර අහාර, විනාකිරි මිශ්‍ර අච්චාරු වර්ග, තෙල් සහිත බැඳුම් වර්ග, අන්නාසි, දූරියන් වැනි උශ්ණ අධික පළතුරු වර්ග, බල, හුරුල්ලා, කෙලවල්ලා, ඉස්සා, කකුළුවා වැනි මාළු වර්ග, මත් පැන් වර්ග, සෝඩා, තෙල් වර්ග ආදී උශ්ණ අහාර වර්ග නුසුදුසුයි.

Prana Osu Embilipitiya

Photos from Prarna's post 07/06/2022
Want your business to be the top-listed Beauty Salon in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Public Market, Pallegama
Embilipitiya
70200

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 14:00