කෝපී කතාවක්
������
27/07/2026
තමන්ගෙ කතාව හරියටම අහන්න පුළුවන් තමන්ව තේරුම් ගන්න පුළුවන් එකම මනුස්සයා තමන්මයි කියලා මිනිස්සුන්ට තේරෙන දවසක් එනවා.එදායින් පස්සෙ නිදහස්ම නිදහස් නිහඬ මනුස්සයෙක් දරුණු ලෝකෙක නිදහසේ හුස්ම ගන්නවා.💜️
20/07/2026
"දුරස්ථභාවය මිනිසුන් වෙන් නොකරයි. නිශ්ශබ්දතාවය මිනිසුන් වෙන් කරයි."
- ජෙෆ් හුඩ් (Jeff Hood)
25/06/2026
"එකිනෙකා අසලින් ගැඹුරින් සිටින්න,
ගැඹුරින් ආදරය කරන්න..නමුත් ලං නොවන්න මන්ද දේවස්ථානයක වහලක් දරා සිටින මහා කුළුණු පවා සිටින්නේ එකිනෙකට යම් පරතරයක් තබාගෙනයි. එමෙන්ම මතක තබා ගන්න, ඕක් ගසක් හෝ සයිප්‍රස් ගසක් කිසිවිටෙකත් එකිනෙකාගේ සෙවනැල්ල යට, එකිනෙකාගේ නිදහස අවහිර කරමින් වැඩෙන්නේ නැත."
24/06/2026
ඇතැම් විට,
මා හොඳින් දැයි ඇසීමට කිසිවෙකු සිටියේ නැත.
නමුත් මා පමණටත් වඩා සිනාසුනෙමි...
හිස අත ගා සනසන්නට
කඳුළු පිසින්නට කිසිවෙක් සිටියේ නැත.
නමුත් මා තනිව සැනසුණෙමි....
හදවත දැඩි ලෙස රිදුම් දෙන විට
වැරෙන් තුරුළු කර ගන්නට කිසිවෙකු සිටියේ නැත.
නමුත් මා තනිව රිදුම් පිරිමැද්දෙමි....
ඇතැම් විට මම හොඳින් නොවන වග මා දැන දැනත්,
තවත් සිත් රිදුම් දුන් මිනිසුන් දුටුවෙමි.
ඒ දෙස බලා මා දරා ගතිමි....
ඉතිං
ජීවිතේ එහෙම තමයි
පමණටත් වැඩි රිදවුම් මෙන්ම
පමණටත් වැඩි දරාගැනීම් පවතී...
ඉදිරියටත්.......!
" නොනිමි"
05/06/2026
ප්‍රේමය කියන්නේ කෙනෙකු තමන් ළඟ තබා ගැනීමට කරන සටනක් නෙවෙයි.
එය හදවතකින් තවත් හදවතක් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන නිහඬ ආශිර්වාදයක්.
අපි ආදරේ කරන හැම කෙනෙක්ම අපේ ජීවිතයේ රැඳී සිටිය යුතුම නැහැ.
සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ අපිව සතුටු කරන්න,
සමහරු එන්නේ පාඩම් උගන්වන්න,
තවත් සමහරු එන්නේ ලස්සන මතකයක් වෙලා ඉතිරි වෙන්න.
ආදරය ඇතුළේ තිබිය යුත්තේ අයිතියක් නොවෙයි - තේරුම් ගැනීමක්.
බල කිරීමක් නොවෙයි - නිදහසක්.
"ඔයා මගේ" කියන වචනයට වඩා "ඔයා සතුටින් ඉන්න" කියන ප්‍රාර්ථනාවක්.
කෙනෙක් ඔබෙන් සොයන දේ සොයාගන්න බැරි නම්,
ඔවුන්ට ඒ සතුට හමුවන තැනකට යන්න ඉඩ දෙන්න.
ඒක පරාජයක් නෙවෙයි.
ඒක ආදරයේ උසම තැන.
මොකද සැබෑ ආදරය කියන්නේ කෙනෙකු අල්ලාගෙන ඉන්න එක නෙවෙයි,
ඔවුන්ගේ සතුට වෙනුවෙන් හදවතින්ම සුබ පතන්න පුළුවන් වීම.
ප්‍රතික්ෂේප වීම් රිදෙනවා.
වෙන්වීම් හදවත කඩා දමනවා.
ඒත් ආදරය වෛරයකින් අවසන් කරන්න එපා.
වරක් ඔබ ආදරය කළ හදවතක් වෙනුවෙන් වෛරයක් ගොඩනඟා ගන්න එපා.
මොකද ආදරයෙන් ආරම්භ වූ දෙයක්, ආදරයෙන්ම අවසන් වුණොත් ඒ මතකයත් ලස්සනයි.
සමහර විට ජීවිතයේ ලොකුම ආදරය කියන්නේ අපිට ලැබුණු කෙනා නෙවෙයි...
අපිට නොලැබුණත් ඔවුන්ගේ සතුට දැකලා හිනාවෙන්න පුළුවන් වුණු කෙනා.
ඒ නිසා අයිතිය පසෙක තබා ආදරේ කරන්න.
බැඳීම්වලට වඩා නිදහස දෙන්න.
අල්ලාගෙන ඉන්නවාට වඩා ආශිර්වාද කරන්න.
එවිට ඔබේ හදවතත් සැහැල්ලු වේවි.
ඔවුන්ගේ හදවතත් නිදහස් වේවි.
ඒ තමයි ප්‍රේමයේ ලස්සනම අර්ථය... ❤️🌿
"ආදරය කියන්නේ ළඟ තබා ගැනීම නොව, සතුටින් ඉන්නවා දැක සැනසීමෙන් ඉන්න පුළුවන් වීමයි."
Copied
05/06/2026
ජීවිතය වෙනස් වීමකි.ස්ථිරවම පවතින එකම දේ නම් වෙනස් වීම පමණි .වෙනස හැර අන් සියල්ල වෙනස් වේ..
-ඕශෝ-
04/06/2026
ඔබ නොමැතිව ඔවුන් හොඳින්නම් අනිවාර්යයෙන් ඔබද ඔවුන් නොමැතිව හොඳින් සිටිය යුතුමය...
29/05/2026
සැබැවින්ම සතුට ඔයා තුළම හැංගිලා ඉන්නවා.
ජීවිතයට ආදරයෙන්,නිදහසේ ටිකක් කල්පනා කරන්න පටන් ගන්න .
හමුවන දන්න නොදන්න අයට පුංචි සිනහවක් තිළිණ කරන්න .
ඔයාට ගොඩක් සතුරුකම් කරන කෙනාට සමාව දෙන්න පටන් ගන්න.
මලක් කඩන්නේ නැතුව එහි අපූර්වත්වය විඳින්න උත්සාහ කරන්න .
ජාතී,ආගම්,කුල භේද අමතක කරලා මිනිස්සු දෙස විවෘතව බලන්න පටන් ගන්න.
අනිත් අයට ටිකක් සවන්දෙන්න.
මේ දේවල් කරන්න ඔයාට කීයක්වත් යන්නේ නැහැ . එතකොට ඔයාට වැඩි වෙලාවක් යන්න කලින් තේරුම් යයි ඔයා හොයන සතුට ඔයා තුලම සැඟවිලා තියනවා කියලා ..🤎
26/05/2026
"ඔබ ඉපදුණු වෙලාවේ ලෝකයම සතුටු වෙද්දි ඔබ ගොඩක් ඇඬුවා..ඒත් ඔබ මිය යන දිනයේදී ලෝකයම අඬද්දි ඔබට සතුටු වෙන්න පුළුවන් විදිහේ ජීවිතයක් ගත කරන්න "
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Ganemulla
