Madhuka Wanniarachchige

Madhuka Wanniarachchige

Share

Career Guidance Coach | Lecturer | Aviation Professional | Business & Risk Management Consultant | Liason : Advanced Air Mobility Institute

03/03/2026
04/02/2026

"ඔබගේ අනාගතය ඔබගේ අතේ" 🌠

ESOFT Metro College Kalutara හිදී පැවැත්වූ වෘත්තීය මාර්ගදර්ශන සැසිය සාර්ථකව නිම විය! 🎉 තරුණ තරුණියන්ට ඔවුන්ගේ ජීවිතයේ ඉලක්ක සැකසීම සහ සාර්ථකත්වය කරා යන මාර්ගය සොයා ගැනීම සඳහා මඟ පෙන්වීමක් ලබා දීම සඳහා මෙම සැසිය සංවිධානය කර ගැනීමට අපට හැකියාව ලැබිණි.

මෙම සැසියේදී විශේෂයෙන්,

- වෘත්තීය මාර්ගදර්ශනය
- ඉලක්ක සැකසීම
- සාර්ථකත්වය කරා යන මාර්ගය පැහැදිලි කරගැනීම යනා කාරණා සාකච්ඡා කරගැනීමට හැකිවිය.

ඔබත් ESOFT Metrocollege Kalutara හිදී පැවැත්වූ වෘත්තීය මාර්ගදර්ශන සැසියට සහභාගී වූ අයෙක් නම්, ඔබගේ අනාගතය ගැන ඔබ දැන් වඩාත් පැහැදිලිව දන්නවා ඇති බව මාගේ විශ්වාසයයි 🌟.

- මධුක වන්නිආරච්චිගේ

#වෘත්තීයමාර්ගදර්ශනය #අනාගතය #සාර්ථකත්වය #තරුණතරුණියන්

02/02/2026

සැබෑ ජීවිතයේ සාර්ථකත්වය යනු හුදෙක් මුදල් සෙවීමම නොවේ. අපේ අනාගතය නිවැරදිව සැලසුම් කරන අතරම, අප ගන්නා ආහාර පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. නිරෝගී ශරීරයක් නොමැතිව අප ලබන ජයග්‍රහණ භුක්ති විඳිය නොහැක. ඒ නිසා නිවැරදි ඉලක්ක කරා යන ගමනේදී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් පවත්වා ගනිමින්, ජීවිතයේ අවසාන මොහොතේදී කිසිදු පසුතැවීමකින් තොරව සතුටින් සමුගත හැකි පුද්ගලයෙකු වීමට අදම අදිටන් කරගන්න.

මධුක වන්නිආරච්චිගේ

Photos from Madhuka Wanniarachchige's post 02/02/2026

Ordinary Level examination is like a very first step for Sri Lankan students. Therefore, I got a chance to speak to the youth who are ready for their O/L examination 2026. Thanks to the teachers who gave me this opportunity. Dear students, wish you all the best..big career opportunities will be ahead. Learn new things today and set up your skills.

- Madhuka Wanniarachchige

02/02/2026

Ordinary Level examination is like a very first step for Sri Lankan students. Therefore, I got a chance to speak to the youth who are ready for their O/L examination 2026. Thanks to the teachers who gave me this opportunity. Dear students, wish you all the best..big career opportunities will be ahead. Learn new things today and set up your skills.

- Madhuka Wanniarachchige

02/02/2026

ව්‍යාපාරික අවදානම් කළමනාකරණය (Risk Management in Business)...

ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම කියන්නේ නිකම්ම ගමනක් නෙමෙයි, ඒක හරියට කුණාටු සහිත මුහුදක නැවක් පදවනවා වගේ වැඩක්. අවදානම කියන එක සම්පූර්ණයෙන්ම නැති කරන්න බැහැ, හැබැයි ඒක පාලනය කරන්න පුළුවන්.

1. අවදානම් හඳුනා ගැනීම (Identification)
මුලින්ම ඔබේ ව්‍යාපාරයට බලපාන්න පුළුවන් දේවල් මොනවාද කියලා බලන්න.

ආර්ථික අවදානම්: බදු වැඩි වීම, උද්ධමනය හෝ ඩොලර් අනුපාතය වෙනස් වීම.

තරඟකාරී අවදානම්: අලුත් තරඟකරුවන් වෙළඳපොළට පැමිණීම.

මෙහෙයුම් අවදානම්: යන්ත්‍ර සූත්‍ර කැඩී යාම හෝ සේවකයින් ඉවත් වීම.

2. අවදානම විශ්ලේෂණය කිරීම (Analysis)
හඳුනාගත් අවදානම කොයිතරම් දුරට ඔබේ ව්‍යාපාරයට හානි කරන්න පුළුවන්ද කියලා තක්සේරු කරන්න. සමහර අවදානම් පොඩි වුණාට, සමහර ඒවා නිසා ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම වැහෙන්න පුළුවන්.

3. පිළියම් යෙදීම (Treatment)
අවදානම දැනගත්තට පස්සේ අපිට කරන්න පුළුවන් දේවල් 4ක් තියෙනවා:

මඟහැරීම (Avoid): වැඩි අවදානමක් තියෙන වැඩ අත්හැර දැමීම.

අඩු කිරීම (Mitigate): හානිය අවම කරගන්න පියවර ගැනීම (උදා: ගිනි නිවන පද්ධති සවි කිරීම).

පැවරීම (Transfer): රක්ෂණයක් (Insurance) මගින් අවදානම වෙනත් පාර්ශවයකට පැවරීම.

පිළිගැනීම (Accept): සුළු අවදානම් පාලනය කරගනිමින් ඉදිරියට යෑම.

4. නිරන්තර අධීක්ෂණය (Monitoring)
ලෝකය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ නිසා ඔබේ අවදානම් කළමනාකරණ සැලසුම නිතරම යාවත්කාලීන (Update) කරන්න ඕනේ.

ඒ නිසා අභියෝග කියන්නේ ව්‍යාපාරයක කොටසක්. බය වෙලා ගමන නවත්වන්න එපා. අවදානම හඳුනාගෙන, ඒකට සූදානම් වෙලා ඉන්න කෙනා තමයි අවසානයේ ජයග්‍රහණය කරන්නේ. "වැටෙන්න කලින් රෙදි එලාගන්නවා" වගේ වැඩක් තමයි Risk Management කියන්නේ.

සැලසුම් සහගතව, බුද්ධිමත්ව ඔබේ ව්‍යාපාරය ඉදිරියටම අරන් යන්න!

මධුක වන්නිආරච්චිගේ..

Want your business to be the top-listed Beauty Salon in Kalutara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kalutara