Hello Girl

Hello Girl

Share

Kindness is powerful….��, Smile is freedom ��� For Girls …..�

28/07/2025

පුංචිම දේටත් නුඹ කෙරෙහි සැක උපදවාගෙන,
නුඹව චූදිතයෙක් කරන ගැහැණියක්..

නුඹට වැඩිපුරම ආදරය කරනුයේ ඇය වග,
නුඹට ඒත්තු ගන්වන්නට සියල්ල පරදුවට තබන ගැහැණියක්..

නුඹට කේන්ති එන තරමට නුඹේ පෞද්ගලිකත්වය⁣ට පවා,
අත පොවන ගැහැණියක්..

නුඹේ මානසිකත්වය පවා නොසලකා,
හැමවිටම නුඹෙන් ආදරය සොයන ගැහැණියක්....

"පිරිමියෙකු විසින් කිසිදු දිනෙක මගනොහැර ගත යුතුම වර්ගයේ ගැහැණියක" බව සිහි තබාගත යුතුය.

ඇය............

නුඹෙන් වදනක් නැතිව ගෙවෙන එකදු දිනයක් හෝ කඳුලින් බරව මිස සතුටින් නොහිඳිනා ගැහැණියකි.

නුඹට සියල්ල අහිමිව ගිය මොහොතක වුව,
සියල්ලන් විසින් නුඹව හැරදමා යන ලද දිනෙක වුව,
දෙවරක් නොසිතා දිවගෙන විත්
නුඹට අයිතිවාසිකම් කියමින් වැලඳගන්නා තරම් අත්‍යන්ත ප්‍රේමණීය ගැහැණියකි.

By Chanaka Suranga Hewawasam
All rights reserved.

27/07/2025

♥️

+ අද මං එයාව දැක්කා..

- එයා කිව්වේ..?

+ කාලෙකට කලින් මම
පණටත් වඩා ආදරේ කරපු කෙනා..

- ඉතින්, එයා කතා කලාද..?

+ නෑ..මං ඈතින් ඉඳන් එයා දිහා බලන් හිටියා
මං එයාව දැක්කා..එයත් මාව දැක්කා..
මං හිනාවුනා..ඒත් එයා හිනාවුනේ නෑ..

- එයාගෙ මොනවාද තවත් බලන් හිටියේ..?

+ එයා තාමත් ඉස්සර වගේම ලස්සනයි..
එයාගෙ හිනාවට තමා මම කැමතිම..
ඒ හිනාව..ඒ ලස්සන තාමත් එහෙමයි..

- ආදරෙයිද තාම එයාට..?

+ ඔව් ආදරෙයි මම..

- ඉස්සර තරමටම..?

+ නෑ..

- එහෙනම් ආදරෙයි කිව්වේ..?

+ මං ආදරේ මාව දාලා යන්න
නිමේශයකට කලින් හිටපු එයාට..

- ඇයි එහෙම කියන්නේ..?

+ ඒ නිමේශයට කලින් හිටපු එයා
හරි ආදරණීයයි..

- දැන්..?

+ දැන් ඒ ආදරණීය කෙනා නෑ..

- දුකින්ද ඉන්නෙ ඔයා..?

+ චුට්ටක්වත් නෑ..

- එහෙනම්..

+ මේ හමුවීම මගේ මුළු හිතම ගොලුකරා..
සමහර හැඟීම් වචන වලින් කියාගන්න
බැරි තරමටම..

- එයා ආයෙ එයිද..?

+ කවදාවත්ම නෑ..එයාට ආයෙ එන්න
කිසිම හේතුවක් නෑ..

- ඇයි..?

+ මම එයාට දුන්නේ සදාකාලික සමුගැනීමක්

- මතක් වෙනවාද තාම..?

+ අමතක වෙන්න මැරිලා ඉපදිලා නෑ..
සමහර මතක තමයි අදටත් මාව
ජීවත් කරන්නනේ..

- එයා ආයෙ ආවොත්..?

+ ඒ එන්නෙ මං ආසා කෙනා නෙවෙයි..
ඒ නිසා මම බලාපොරොත්තු තියන් ඉන්නෑ
ඒ ගැන..

- වෛර කරනවාද එයාට..?

+ කවදාවත් නෑ..

- එහෙනම්..?

+ ගතිනුයි අතහැරියේ හිතේ පරිස්සමට ඇති
තාමත් ආදරේ වැඩිපුරම ඒ මතකවලට..
ඒ තමයි මම සතුටින්ම හිටපු දවස්..

ඉතින් කොහොම වෛර කරන්නද
මතක තමයි හුඟක් හිත් ජීවත් කරවන්නේ
ජීවිතේම දරාගෙන..

- එයා ආයෙ මුණගැහෙයිද..?

+ සමහරවිට මුණගැහුනාත් අපි ආයෙ කතා
නොකරාවි..

- ඇයි..?

+ කතාකරන්න හේතුවක් අපිට නැතිවේවි..
අපි වෙන්වෙලා හුඟක් දුර ගිහින් ඉඳියි..
හැමදාටම හිත්වල විතරක් තියේවි..!

11/08/2024

ඔබව හැරදමා ගිය කෙනෙකුව මියගිය කෙනෙකු
සේ සලකන්න...💔

එවිට, ඔහු / ඇය ගැන,

ඔබට තිබූ ආදරය නැතිවන්නේද නැත...
වෛරයක් ඇතිවන්නේද නැත...
විශ්වාසයක් ඇතිවන්නේද නැත...
නැවත එයි කියා බලාපොරොත්තුවක් ඇතිවන්නේද නැත...
මානසික සුවය නැතිවන්නේද නැත...

තිබූ ආදරණීය මතකයන් පමණක් සදාකාලිකවම
ඉතුරු වන්නේය..! ❤️

-උපුටා ගැනීමක්-

#සදෙව්

12/05/2024

Website

Address


Madagalla Road, Polpithigama, Bogolla
Kurunegala Colony

Alerts

Be the first to know and let us send you an email when Hello Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kurunegala Colony.