Dr.Wick by Boga

Dr.Wick by Boga

Share

Boga by dr.Wick Herbal Products for healthy and beautiful lifestyle 🌼💮

31/05/2026

🌱 පැලකරගත් ධාන්‍ය වල ඇති විශේෂත්වය කුමක්ද?

ධාන්‍ය වර්ගයක් පැලවීමේදී එහි අඩංගු පෝෂක කොටස් සිරුරට උරාගැනීමේ හැකියාව (Bioavailability) බෙහෙවින් වැඩි වෙනවා. 😊
එමෙන්ම ආහාර ජීර්ණය පහසු කර, බඩ පුරවා දැමීම වැනි අපහසුතා මඟහරවනවා.

💥 ලැබෙන ප්‍රධාන සෞඛ්‍ය වාසි:

1. ඉහළ ප්‍රෝටීන් සහ ෆයිබර්: දවස පුරා සිරුරේ ශක්තිය පවත්වා ගැනීමට සහ අනවශ්‍ය ලෙස බඩගිනි වීම පාලනයට.

2. ප්‍රතිඔක්සිකාරක ගුණය: දෙළුම් සහ නැවුම් එළවළු මඟින් සෛල ආරක්ෂා කර, සමේ පැහැපත් බව රැකදෙයි.

3. විටමින් C බහුලයි: දෙහි සහ කොළ පැහැති පලා වර්ග මඟින් ලෙඩ රෝග වලින් ආරක්ෂාව සපයයි.

කෘතිම රසකාරක සහ ක්ෂණික ආහාර වලින් මිදී, මෙවැනි ස්වභාවික පෝෂණයකින් සපිරි ආහාර වේලක් සතියකට දින කිහිපයක් හෝ ඔබේ උදෑසන හෝ දවල් ආහාරයට එකතු කරගන්න. 💚

Dr. Wick by Boga අපිව follow කරල තියාගන්න. 🔗✨😊🙏 ❤️

29/05/2026

🙏🙏🙏 සුභ වෙසක් මංගල්‍යයක් වේවා.....!!!
සැමට නිදුක් නීරෝගී බව ලැබේවා...!

ආරෝග්‍යා පරමා ලාභා... 🙏🙏

28/05/2026

27/05/2026

Photos from Dr.Wick by Boga 's post 13/05/2026

උළුහාල් බීජ 😊 මේ තරම්ම අපිව නිරෝගී කරනවද..??

25/04/2026

✨ මුහුණේ අඳුරු ලප හා ලප කැළැල්වලට සමුදෙමු..✨

සම පැහැපත් කරගන්න සහ නිරෝගීව තබාගන්න මෙන්න විසඳුම් කිහිපයක්:

• 🍃 කස්තුරි කහ සහ මීපැණි: කස්තුරි කහ ස්වල්පයකට මීපැණි මිශ්‍ර කර ආලේප කරන්න. මෙය අඳුරු ලප ඉවත් කිරීමට ඉතා ගුණදායකයි.

• 🍋 දෙහි යුෂ සත්කාරය: දෙහි යුෂවල ඇති ස්වභාවික බ්ලීචින් ගුණය නිසා අඳුරු ලප ක්‍රමයෙන් මැකී යයි. (සංවේදී සමක් ඇත්නම් සැලකිලිමත් වන්න)

• 🌵 කෝමාරිකා සත්කාරය: දිනපතා නැවුම් කෝමාරිකා මදය මුහුණේ ආලේප කිරීමෙන් සමේ තෙතමනය ආරක්ෂා වන අතර ලප කැළැල් සුව වේ.

• 🍅 තක්කාලි යුෂ: තක්කාලි යුෂවලින් මුහුණ පිරිමැදීම මඟින් සමේ සිදුරු පිරිසිදු වී දීප්තිමත් බවක් එක් කරයි.

• 💧 පිරිසිදු ජලය: දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමෙන් ශරීරය අභ්‍යන්තරයෙන් පිරිසිදු වී සම පැහැපත් වේ.

• ☀️ හිරු රශ්මියෙන් ආරක්ෂා වන්න: අව්වේ යන විට කුඩයක් හෝ Sunscreen එකක් භාවිතා කිරීමට අමතක කරන්න එපා.

💡 Boga by dr.wick සමඟ සැමවිටම රැඳී සිටින්න! අපගේ මෙම වටිනා තොරතුරු මිතුරන් අතරත් Share කරන්න.

09/04/2026

🌾 නිරෝගී දිවියකට ධාන්‍ය වල බලය... 🌾

සිරුරට පණ දෙන, රෝග රැසකින් ඔබව ආරක්ෂා කරන අපේ දේශීය ධාන්‍ය වර්ග ආහාරයට එක් කර ගනිමු. 💪✨
🌟 ධාන්‍ය ආහාරයට ගැනීමේ ප්‍රයෝජන 🌟
• 💪 ශක්තිය ලබා දීම: දවස පුරා ක්‍රියාශීලීව සිටීමට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් සහ ශක්තිය නොඅඩුව ලැබේ.
• 🩺 හෘද රෝග පාලනය: රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කර හදවත නිරෝගීව තබයි. ❤️
• ⚖️ ශරීර බර පාලනය: කෙඳි (Fiber) බහුල නිසා කුසගින්න ඉක්මනින් දැනෙන්නේ නැත. එමගින් සිරුරේ බර නිසි ලෙස පාලනය වේ. 🏃‍♂️
• 🩸 දියවැඩියාව පාලනය: රුධිරයේ සීනි මට්ටම එකවර ඉහළ යාම පාලනය කිරීමට උදව් වේ. 📉
• 💆‍♀️ සම සහ කොණ්ඩයේ නිරෝගී බව: විටමින් B සහ ඛනිජ ලවණ අඩංගු නිසා ඔබේ සම පැහැපත් කර කොණ්ඩය ශක්තිමත් කරයි. ✨💫
• 💩 ජීර්ණ පද්ධතිය නිරෝගී කිරීම: මලබද්ධය වැනි ගැටලු දුරු කර බඩවැල් වල ක්‍රියාකාරිත්වය යහපත් කරයි. 🌱
🥣 අපේ කෑම මේසයට එක් කරගත හැකි ධාන්‍ය වර්ග:
• කඩල 🍛
• මුං ඇට 🍵
• කව්පි 🥣
• කුරක්කන් 🍘
• බඩ ඉරිඟු 🌽
• කොල්ලු 🥣
"හෙළ පෝෂණයෙන් සපිරි නීරෝගී පරපුරක් උදෙසා අදම ධාන්‍ය වර්ග ඔබේ ආහාර වේලට එක් කරගන්න!" 🇱🇰🙏

09/04/2026

උදේට බොන කිරි පිටි වීදුරුව බඩ පුරවනව නේද..? ඒත් ඒ කිරිපිටි වල ශරීරයට කොච්චර පෝශණයක් එක්කරනවද..? ඒ වෙනුවට මෙන්න ඔයාට දිනපතා ආහාරමය අතිරේකය – Natelra Nutrition Blend - Dietary Supplement✨ දිනපතා පානය සදහා, hot or cool!

Natelra මිශ්‍රණය ඔබ කැමතිම milk-based beverage එකකට එකතු කරන්න පුළුවන් විදිහට Specially නිෂ්පාදනය කරලා තියෙන්නේ 💚 ඒ නිසා ඔබගේ Daily Nutrition Needs සපුරාගන්න, කෘත්‍රිම නොවන ස්වභාවික ingredients වගේම Soya, Oats, Corn, Rice, Kithul සහ තවත් පෝෂණීය ද්‍රව්‍ය එකතු කරලා නිෂ්පාදනය කරල තියෙන්නේ 🌿

සියලුම වයස් කාණ්ඩවලට, දිනපතා ආහාරමය beverage එකක් ලෙස භාවිතයට ඉතාම සුදුසුයි ✨

ඔබේ ශරීරයේ සංයෝගය සක්‍රීය කරන්න.

09/04/2026

🚫 මූණේ කුරුලෑ වදයෙන් නිදහස් වෙන්න, ස්වභාවිකවම! ✨🌿

කුරුලෑ කියන්නේ දැන් ප්‍රශ්නයක් නෙමෙයි.
රසායනික ද්‍රව්‍යවලට තිත තියලා, අපේ දේශීය, ස්වභාවික දේවල් වලින්ම මේකට සාර්ථක විසඳුම් සොයාගමු. 👇

✅ Dr.Wick ගෙන් කුරුලෑ පාලනයට සරල සත්කාර 3ක්:

1️⃣ කහ සහ මී පැණි සත්කාරය 🍯✨

• කරන විදිය: කහ කුඩු ස්වල්පයකට මී පැණි බිංදු කිහිපයක් මිශ්‍ර කර කුරුලෑ ඇති තැන්වල ආලේප කරන්න. විනාඩි 15-20 කින් සෝදා හරින්න.

• ප්‍රතිඵලය: කහ වල ඇති ගුණය කුරුලෑ ඉක්මනින් වියළා දමන අතර මීපැණි සම තෙතමනයෙන් තබයි.

2️⃣ කෝමාරිකා සත්කාරය (Aloe Vera) 🌵💧

• කරන විදිය: නැවුම් කෝමාරිකා මදය (gel) ගෙන මුහුණේ ගල්වා හොඳින් සම්බාහනය කරන්න. විනාඩි 20කින් සෝදා හරින්න.

• ප්‍රතිඵලය: සම සිසිල් කර, රතු පැහැය අඩු කර කුරුලෑ ඇතිවීම පාලනය කරයි.

3️⃣ දෙහි සහ සුදු හඳුන් සත්කාරය 🪵🍋

• කරන විදිය: සුදු හඳුන් කුඩු දෙහි යුෂ සමග මිශ්‍ර කර ආලේප කරන්න. වියළුණු පසු සෝදා හරින්න.

• ප්‍රතිඵලය: සමේ අධික තෙල් ගතිය පාලනය කර කුරුලෑ එන එක නවත්වයි.

💡 මතක තබා ගන්න:

• වතුර බොන්න: දිනකට ප්‍රමාණවත් තරම් වතුර බොන්න අමතක කරන්න එපා. 💧
• මුහුණ නිතර අල්ලන්න එපා: කුරුලෑ කැඩීමෙන් වළකින්න. 🚫☝️
• පිරිසිදුකම: නිතර මුහුණ පිරිසිදුව තබාගන්න. 🧼

Dr.Wick සමග එක්ව, නිරෝගී, ලස්සන සමක් හිමිකරගන්න ඔබත් අදම උත්සාහ කරන්න! 😍✨
තවත් උපදෙස් අවශ්‍ය අය comment කරන්න.

08/04/2026

බෙල්ල වටේ කලු වෙලාද..?? 🙄🙄🙄

විශේෂ උපදෙස්

• දිනපතා ස්නානය කරන විට බෙල්ල මෘදු ලෙස ස්ක්‍රබ් (Scrub) කරන්න.

• හිරු රශ්මියට නිරාවරණය වන විට 'Sunsceen' භාවිතා කිරීමට අමතක කරන්න එපා.

• අධික තරබාරුකම හෝ දියවැඩියාව වැනි තත්ත්වයන් නිසාත් මෙය සිදුවිය හැකි බැවින්, සැලකිය යුතු වෙනසක් නැත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ඔබේ සමේ සෞඛ්‍යය ගැන නිරන්තරයෙන් අවධාරණය කරන - Dr. Wick by Boga 🍃 follow කරල තියාගන්න.. 🙏😍

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Matara